කඩවර පූජාවේ ආරම්භය (කලා කඩවරයා )
අතීතයේ අපේ ඇදහිලි හා විශ්වාස අද සමාජයේ පිළි
නොගත්තත් එදා ඒවායේ අරුතක් තිබිණි. එම ඇදහිලි හා විශ්වාස
දෙවියන් තමන්ට උපකාර කරන බව එදා වැසියෝ
සිතූහ. විශේෂයෙන්ම
දෙවියන් හා බැඳුණූ පුද පූජා පැවැත්වූයේ ගොවිතැන් කටයුතුවලදී ය. සිය වගාවන් ආරම්භ කරමින්
කලට වේලාවට වැසි
ලබා දෙන ලෙසත් වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් මේ පුද පූජා ඇදහිලි විශ්වාස
පැවැත්විණි. එසේම වගාවෙන් හොඳ අස්වැන්නක් ලැබුණු පසු ඉන් පළමු කොටස වෙන් වූයේ දෙවියන්ටය.
කඩවර යනු
යක්ෂයකු ලෙසත් කඩවර දෙවියෙකු ලෙසත් අදහනු ලබයි. මෙහිදී කලා වැව ආශ්‍රිතව සිදු කෙරෙන කඩවර පූජාව
පිලිබඳව විමසනු කැමැත්තෙමි. මේ ප්‍රදේශ්යේ කඩවර
දෙවියන් ගැන ඇදහීමේ දී කඩවරයන් හත් දෙනකු සඳහා පුද සත්කාර කරනු ලබයි. කලා වැව ආශ්‍රිතව
කඩවරයා ගැන ජනප්‍රවාදයේ එන්නේ ධාතුසේන රජු සමයේ සිටය. මෙරට ධාතුසේන රජු පාලනය කරන
කාලයේ කැලේ මනුෂ්‍යයකු ගැන තොරතුරු වාර්තාවේ. මේ පුද්ගලයා ජීවත් වෙන්නේ කැලෑවේ සතුන්
සමඟය. දඩයම් කරගෙන ඒමට දඩයක්කාරයන් ව කැලේට පිටත් කළ විට ඔවුනට කිසි දිනෙක සතුන්
දඩයම් කිරීමට නොහැකි විය. ඒ කැලේ සිටි පුද්ගලයා දඩයක්කාරයන්ට සතුන් දඩයම් කිරීමට
ඉඩ නොදී පන්නා දැමීම නිසාය. මේ දේ කලේ කැලේ ජීවත් වූ පුද්ගලයා විසින් මේ බව
ධාතුසේන රජුට දැනගන්නට ලැබුණි. සෙබළුන් පිටත් කළේ මේ පුද්ගලයා අල්ලාගෙන එනු පිණිසය.
දඩයම් කිරීමට ඉඩ නොදී බාධා කළ මේ පුද්ගලයාව අල්ලා ගැනීමට ධාතුසේන රජුගේ සෙබළුන්ට
හැකිවිය. අල්ලාගෙන ආපසු උඹ මොකද කළේ කළේ යැයි අසා ඇත. එවිට අර පුද්ගලයා කියා ඇත්තේ
දිනක් සිය මිතුරකු සමග ගෙදරට ගිය පසු බිරිය කෑම හදා නැතැයි කියා බැණ වැදී ඇත.
ඉන්පසු බිරිය මාළු හට්ටයකින් අර පුද්ගලයාගේ ඔළුවට දමා ගසා ඇත. මාළු හට්ටිය අර එම පුද්ගලයාගේ බෙල්ලට වැටී මාලයක් සේ දිස්විය.
එම මාළු හට්ටියෙන් ගුටි කෑ නිසා නැවත නිවසට නොගොස් කැලේට වී ජීවත් වූ බවකි.
කැලයෙ
ජීවත්වෙන කාලයේ දැක්කෙ මොනවද? රජු එම පුද්ගලයා ගෙන් විමසා ඇත. එවිට පුද්ගලයා රජුට
කියා ඇත්තේ කැලේ ලස්සන කළ වැලක් තියෙනවා.
එම කළ වැලට වතුර අල්ලලා තියෙනවා හරි ලස්සනයි වහින කාලෙට
කියා ඇත. එසේම වැසි කාලයට කළ වැල වටේට වතුර පිරෙන නිසා වැවක් වගේ පෙනෙනවා යැයි
කියා ඇත. ආයෙ මොනවාද දැක්කෙ විමසා ඇත. ලොකු තලගොයකු පස්සෙ දුවගෙන යන විට ලොකු ගල්
ගුහාවක් තිබෙන බව අර පුද්ගලයා රජුට කියා ඇත.මේ පුද්ගලයාගේ කතාව අසා රජතුමා
අර කලවැල බලන්නට කැලේට ගිය රජු යනවිට ද කළ වැලට වතුර
පිරී ලස්සනට දිස්විය. කලවැල දුටු රජු එතැන වැවක් හැදිය.ඒය කලාවැව යැයි ගම්මු කියති.
එසේම තලගොයා පසුපස දිව ගොස් හමුවූ ගල්ගුහාවට රජතුමා ගොස් අැත.ඒම ගල්ගුහාව දඹුලු
රජමහ විහාරයේ ගල් ලෙන බවට විශ්වාස කෙරේ.
රජු මෙතැන්
දෙක දැක පුදුමයට පත්වී තිබේ. පසුව අර පුද්ගලයාට ගම්වරයක් දී ඇත. එහිදී කලාවැවේ නිධාන හැටියට කරවිලගම ග්‍රාමය පවරාදී වරයක් දී ඇත. එසේම
එම ගමේ විදානෙ හැටියට පත්කොට කලාවැව රැක ගැනීමේ වගකීමද අර පුද්ගලයා වෙතට පවරා තිබේ.කලා වැව ඉතා
ආරක්ෂාකාරීව රැකබලා ගැනීමට එම පුද්ගලයාට
හැකිවිය. හැමවිටම කලා වැව තම පණට වඩා ආදරයෙන් රැක ගැනීමට භාර කළේය. කලා වැව ආරක්ෂා කිරීම්දී කරවිලගම විදානෙ
ගේ නිවසේ ඉදිරිපිට පෑ තැටියක් තැබිය. ඒහිදිදී කියවුනේ මොනතරම් තදින් වැස්සත්
පෑතැටිය පිරෙන ප්‍රමාණය අනුව කලාව වැවේ ජල ප්‍රමාණය දැනගැනීමට ය. වැස්සත් සමග පෑතැටිය
පිරිවෙන්නෙ නම් කලා වැවේ වාන් දොරටු ඇරිය යුතුය. නමුත් තද වැසි කාලෙක පිණ්ඩපාතයේ
වැඩම කරපු හාමුදුරු නමකගෙ හැරමිටිය පෑ තැටියේ වැදි හිල්විය. තදින් වැස්සත් පෑ තැටිය පිරෙන්නේ
නැත. ඇයි දැයි සොයා බැලු විදානෙට ඒ තැටිය
හිල්වී වතුර යන බව දැකීමට හැකි විය. ඉන්පසු කරවිල ගම් විදානේ එක්වරම අනේ මගේ
කලාවැව කියා පපුවට ගසාගෙන කලා වැව පැත්තට දිව ගියේය. ඒ යන විටත් කලාවැවේ බැම්ම
කැඩී ජලය ගම්මානය දෙසට ගලාගෙන යන බව දිටීය. කලා වැව විනාශ වූවොත් තමන්ට ජීවත් වී
පළක් නැතැයි සිතන විදානේ කලා වැවට පැන
දිවි නසා ගත්තේය. කලාවැවට පනින විට තරහින් කේන්තියෙන් සිටි නිසා යකෙක් වී ඉපදුණු බවට ගම්මු අතර
විශ්වාසයක් පවතී. යක්ෂයෙක් වී ඉපදුණු විධානයේ පා තැටිය බිඳීීමට හේතුව මොකක්දැයි
සොයා බලයි. එවිට පිණ්ඩපාතයේ වැඩම කළ හාමුදුරුවෝ අතින් පා තැටිය බිඳී ඇති බව පෙනේ.
ඉන්පසු හාමුදුරුවෝ සිටින්නේ කොහේ දැයි බලයි. හාමුදුරුවෝ පිරිත් මණ්ඩපයක සිටින බව දැන
ගනි. මෙලෙස යකෙක් වී උපන් කරවිල ගම විධානය කඩවර යක්ෂයා ලෙස ගම්වල අද ද පිළිගනී.
පිරිත් මණ්ඩපයට යෑමට බැරි තැන කඩවර යක්ශයා අපල වේලකට ගොස් එහි බැඳ සිටි හරකෙකුගේ
පස්ස ගාතයක් කඩා පිරිත් මණ්ඩප දමා ගසයි. මේ පිරිත් මණ්ඩපයේ හාමුදුරුවරු හැට නමක්
වැඩසිටියහ. හරක් ඝාතයෙන් දමා ගසන විට පිරිස් පිරිත් නවතා ඇත. එහෙත් අර හාමුදුරුවෝ සොයා ගැනීමට
බැරිවිය. අන්තිමට කඩවර යක්ශයා හාමුදුරුවරු 60 නමකට ඔලුවට ගසයි. ඉන්පසු ඇට නමම
අපවත් වූහ.
මේ අතර කතරගම
දෙවියන් ශ්‍රී මහා බෝධිය වඳින්නට යන ගමන මේ සිදුවීම් සැල විය. ශ්‍රී මහා බෝධිය
වඳින්නට යන කතරගම දෙවියන් මේ ප්‍රදේශ්යේ වෑත්තෑව ගමේ දේවාලයට වැඩම කොට කඩවර යක්ශයා
කැඳවා ඇත. වෙච්ච දේ වුණා තරහ තියාගෙන මේ වැඩේ කරන්න බැහැ යැයි කීම කෙසේ හෝ කඩවර
යක්ෂයාගෙන් කරදර සිදුවන්නේ කාන්තාවන්ට සහ හාමුදුරුවන්ටය. මේ මුලින් හට්ටියෙන්
ගැසීම නිසා බිරිඳ සමඟ ඇතිවූ තරහ නිසාය. කලා වැවේ බැම්ම කැඩී යාම නිසා හාමුදුරුවන්ට ද
කඩවර යක්ශයා කැමති නැත. විශේෂයෙන්ම ගැහැණු අයට කඩවරගෙන් බොහෝ කරදර වෙයි. මේ නිසා
කතරගම දෙවියන් කඩවර යක්ෂයාගේ ඉල්ලා ඇත්තේ මේ අයට එහෙම කරන්න එපා ඒ අයට උඹට ගොටුවක්
දෙයි. අස්වනු පැහිලා එනකොට පළමුවැනි අස්වැන්න ගෙට අරගෙන
පුලුටු දාලා අලුත් සහලින් පිසූ බත් සමග ගොටුවක් දෙයි. ඒකට ගොඩමස් දිය මස් එකතුවේ.
ඒක වෙන්නේ කවුරුත් අලුත් සහල් අනුභවයට පෙර යැයි කතරගම දෙවියෝ කියා ඇත.
එම කොටුව
අරගෙන කැපවේයන්. දැන් මාත් එක්ක කතරගමට ගිහින් රන් තොරණ මුර කරපන් යැයි කියා ඇත. එතැන් පටන් කඩවර යක්ශයා කඩවර දෙවියන් සේ ද
ගම්මු සලකති. කඩවර යක්ෂයා ගැන කඩවර දෙවියන් ගැන ජනප්‍රවාදය කලා වැව ආශ්‍රිත ගම්වල වැසියෝ අද ද
විශ්වාස කරති. ඒ වෙනුවෙන් පුද පූජා
පවත්වති. අලුත් සහල් ගෙට ගත් විගස තම පරිභෝජනයට පෙර කඩවර පූජාව පවත්වා පුද සත්කාර
කරති. විශේෂයෙන්ම මාස් කන්නයේදී කිරි
උතුරවා හෝ කඩවත් ගොටුවක් තබා පුද පූජා පැවැත්වීමට ගම්මු අමතක නොකරති. එසේම මෙම
කඩවර ගොටු තබා පුද සත්කාර කොට පුද පූජා කිරීම්දී සවසට හැන්දෑ කඩවර මහායාන කඩවර
කංකාරිය නටයි. කඩවරයා නොයෙක් ක්‍රමයට කඩවර
සත් කට්ටුව නටන්නෙ කලා කඩ වරයාටය. කලා වැව මූලික කරගෙන කඩවරයන් හතකට පුද පූජා
පවත්වමින් පුද පූජා කරති.
කඩවර දෙවියන්
ගැන කීමේදී කළු බිලි දෙවියන්ට පුද පූජා එකට පවත්වති. එහි නිධාන කතාව වන්නේ කරවිල
ගම විතානයේ කලා වැවට පැන දිවිනසා ගත් පසු ඔහුගේ යහළුවා කලා වැව ළගට ඇවිත් කල්පනා
කර කර සිටිමින් කලා වැවට පැන දිවි නසා ගත් නිසා කළු බිලි නමින් යහළුවෙක් කඩ වරයාට
සැදුණු බව පැරැණි ජන මතයකි.
කඩවර පූජාවේදී
කඩවර හා කළු බිලි දෙවියන්ට පුදපූජා එකට පවත්වන්නේ එහෙයිනි. කඩවර ගොටු දීමේදී තවත් මතයක් ගම්මු අතර තිබේ.
ඒ කඩවර පූජාවට ගන්න කියා වැවකින් මාළු ඇල්ලීමට දැලක් දැමූ විට කිලෝ 30 -
40 මාළු ඇල්ලීමට හැකි බව කියැවේ. මේ අල්ලන මාළු ප්‍රමාණයට ආහාර සැපයිය යුතුය. ඒ ප්‍රමාණයක
ආහාර ගැනීම්ට ජනතාව කඩවර පූජාවට සහ සහභාගි වන බවට ද ගම්මු අද ද විශ්වාස කරති. කඩවර
පූජාව කරන්නේ නම් හරියට කළ යුතුය. කඩවර පූජාවට පෙර කඩවර දෙවියන් සිහිකර පූජාවේ
අතපොවන වැඩ සියල්ලම සාර්ථක වේ. එසේම කඩවර පූජාවට මත්පැන් දියගොඩ මස් තබන්නේ එහෙයිනි. කඩවර දෙවියන්ට
ගොටුවක් වෙන් කළොත් කඩවර දෙවියන්ගේ උදව් ලැබෙන බවට ගම්මු අද ද විශ්වාස කරති. මේ පූජාව කලා වැව ආශ්‍රිත
ගම්මාන වල අදද භක්තියෙන් යුතුව පවත්වති.
No comments:
Post a Comment