Thursday, July 4, 2019

වදුලු ශ්‍රාස්ත්‍රය


නිධන් වදුල

වදුලු ශ්‍රාස්ත්‍රය පදනම් කොට ගෙන නිධන් වස්තු ගොඩගැනීමට හැකියාවක් අැතැයි සමාජයේ මතයක් පවතී.රට පුරා වරින් වර එවැනි නිධන් හැරීම් පිළීබද තොරතුරු අසන්නට ලැබේ.වදුලු ශ්‍රාස්ත්‍රයෙ ඉපැරණිභාවය පිළිබද බොහෝ විද්වතුන්ගේ සැක සංකා පවතී. නමුත් නිධාන තැන්පත් කිරීම පසු කලකදී ඒවා නොයෙකුත් කටයුතු වලට නැවත භාවිතා කිරීම අතීතයේ පටන් පැවති සිරිතක් බව පෙනේ.අනේපිඩු සිටාණන් බුදුරජාණන්වහන්සේගේ වාසය සදහා ආරාමයක් තැනවීමට ජේත නම් කුමාරයාගේ උයන ලබා ගැනීමට  උයන පුරා රන්මිල ඇතිරූ බව සදහන්ය.පුජාවලියේ එම කතාව විචිත්‍රවත් කර ඇතී ආකාරයට එම රන්ලබාගෙන ඇත්තේ සිටාණන්ගේ හත්මුතු පරම්පරාව විසින් එක් රැස් කරගෙන නිධන් කොට තිබු ගබඩාවෙනි.ඔහු සිය මෙහෙකරුවන්ට  අණ කරන්නේ තමා සතු “නිධානයේ පිධානය හැර රන්මසු ලබා ගන්නා” ලෙසයි.ඒ අනුව නිධාන තැන්පත් කිරීමත් ඒ පිළිබද  සලකුණු තබා රැකවල් කිරීමත් අතීතයට අයත් බව නිගමනය කළ හැකිය.


                                 වදුලු ශ්‍රාස්ත්‍රය මේ සදහා  තොරතුරු සපයන අතර එය කොටස් පනහකින් යුක්ත වේ.ඉන් පළමු වැන්න බෙහෙත් වදුලයි.නොයෙකුත් වෙද පරම්පරා විසින් තම ප්‍රතිකාර ක්‍රම ආරක්ෂා කර ගැනීම  සදහාද  ඔෟෂද නාම බහුලත්වය සරල කොට තේරුම් ගැනීම සදහාද බෙහෙත් වදුල රචනා කොට ඇත. නිඝණ්ඩු  පොහ පත් වල එන තොරතුරු මිට අයත් ලෙස සැලකේ.                                                                                          
.         
වදුලු ශ්‍රාස්ත්‍රයෙ සදහන් දෙවැන්න වැව් වදුලයි.මෙය රුහුණේ රජරට වැව්ගම්මානයන්හි තිබු හස්තසාර ග්‍රන්ථ රත්නයයි.මේ වැව් වල ජලමතිකා ,පොවා වැව්,රළපනාව සොරොව් ආදිය පිළිබද දන සිටි වැව් බාර පරපුරක් ජිවත්ව සිටියහ.ඇතැම් වැව් වැහි මාස් කාලවලදී පිටාර යයි.වෑකන්ද බිදී යාමට තරම් ඒ ජල ධාරාවන් වේගවත් වෙයි.එවිට වැව් බාර පරපුරවල ඒඇත්තන් වැව මැදටගොස් රිටකින් එක් ස්ථානයක් කාල් ගාන බවද එවිට ජල පිටාරය ඉබේම නවතින බවද  ජනප්ප්‍රවාදයේ එයි.මේ ගැබුරු ශ්‍රාස්ත්‍රය පොදුවේ හැදින්වෙන්නේ වැව් වදුල යනුවෙනි.
වදුලු ශ්‍රාස්ත්‍රයේ ඊලග අවස්ථාව නම් ධාතු වදුලයි.සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබද ආගමන කතාපවා මේවාට ඇතුලත්ව තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.ධාතු පෙතිපිලිම ආදියෙහි තැනපත්ව ඇතිධාතු විස්තරයන්ද ඇතුලත්ව තිබිණි.බ්‍රිතාන්‍ය කෟතුකාගාරයෙ තිබෙන ධාතු උප්පත්තිය,ධාතු පරිභවර්ණනා,ධාතු මංජුසාව ආදී පුස්කොල ග්‍රන්ථ මේ ගණයට අයත් යැයි සැලකිය හැකිය.ධාතු විස්තරය හා ධාතු විස්තර ගාථා ද මේ ගණයට ඇතුලත් කලහැකිය.
වදුලු සාහිත්‍යයේ වැදගත්ම වදුල ලෙස සැලකෙන්නේ චෛත්‍ය වදුලයි.ලොකු කුඩා සෑම  ස්තුපයකම දාතු ගර්භයේ තැන්පත් කරන වස්තු,රන් කරඩු,බුදුපිළිම ආදිය වෙයි.ධතුන්වහන්සේලාද වෙයි.රැවන්වැලිමහාසෑය තුල විසිහතර රියනක් උස රන්මුවා බෝධින්වහන්සේ නමක් තැන්පත්ව තිබෙන බව ජනප්ප්‍රවාදයේ එයි.භාතිකාබය රජ සමයේ මේ ධාතු ගර්භයේ පැවති රහතන්වහන්සේලාගේ පිරිත් දේශනාවක් ශ්‍රවණය කිරීම සදහා රජුද සහභාගී වූ බව ඉතිහාසයේ සදහන් වෙයි. මහියංගන චෛත්‍ය රාජයා ප්‍රතිසංස්කරණය කරන ලද අවස්ථාවේ ධාතු ගර්භය තුළ තිබී විශාල  නිධන් පෙට්ටි දෙකක්  හමුවී ඇත.චෛත්‍ය සදා නිමකළ පසු වෙසෙසින්ම විශාල චෛත්‍යයන්ට ඇතුළු විය හැකි සේ දොරටු නොහොත් සන්ධි  තැබීමේ සිරිතක් පුරාණයේ විය.එම දොරටු  ආරක්ෂා කිරීමට ගම් ප්‍රධානීන්ට භාර කොට තිබේ.
මේ නිධන් වස්තු එක් අතෙකින් පුජා වස්තු වෙයි.ඉන් ලැබෙන ආශීර්වාදය අතිමහත්ය. චෛත්‍ය බිද නිධන් වස්තු ගැනීම පඤ්චාතන්තරීය පාප කර්මයන් හා සමාන වේ යැයි දක්වා තිබේ.සද්ධර්මාලංකාර කතා වස්තුවේ එන සිරිනාග වර්ගය මෙයට කදිම නිදසුනකි.


සියලු වදුලු ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ වලට වඩා විවාදාත්මක ස්වරුපයක් සමාජය වෙත මුදාහැර ඇත. ඒය නිධන් වදුලු ශ්‍රාස්ත්‍රයයි.එය වදුලු ශ්‍රාස්ත්‍රයේ පස් වන කොටසයි.පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් එකතු කොට ගත් වදුලු ග්‍රන්ථ අතර ශ්‍රීයකාල,නුපුන කාල ඉසිවරුන්ගේ වදුලු ග්‍රන්ථයන්ද ඊට අමතරව නවයොදුන් සබරගමුවේ වදුලු පොතද,ගිරුවායේ වදුලු පොතද,අනුරාධපුර පුරිගස්වවේ මනික්රාළ නත්තාගේ වදුලු පොතද,අනුරාධපුරේ වටරක්කාවේ උක්කුවා වෙද හේනයගේ වදුලු පොතද,කුරුණෑගල උග්ගල්ලේරටේ මහත්තයාගේ වදුලු පොතද වශයෙන් නිධන් වදුලු  ග්‍රන්ථ එකොලොසක් අයත්ව තිබේ.මේ ග්‍රන්ථ වල සදහන් පරිදි නිධන් සොයා ගත හැකි ලකුණු හැට හතරකි.සක්වදුල්,කව්ඩුවදුල්,ඊවදුල්,ත්‍රිසුලම් ආදිය මේ ලකුණු වලට අයත්ය.

පැරණි රජවරු සිය වස්තුව නිධන් කොට තැබුවේ මත්තේදී භාවිතා කරන්නටයි.වෙසෙසින්ම මධ්‍ය කාලීන  යුගයෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ ඔස්සේ රාජධානි අවතැන් වන විට රජවරු සිය වස්තුව ඒ ඒ ස්ථානවලම රහසේ නිධන් කොට පැනගියහ.නැතහොත් මලය කදුකරය බස්නාහිර කදුකරය ආදී වනගත පෙදෙස්වලට විත්ගිරිදුර්ග වල වාසය කරමින් තම වස්තුව ඒ ඒ ස්ථාන වලම නිධන් කළහ.කෝට්ටේ යුගයේදී වීදියබණ්ඩාර,සිරිවර්ධනප්‍රභුරාජ,විජයපාල,රාජසිංහ ආදීන්ද නුවර යුගයේදී  දෙවන රාජසිංහ වැන්නුන්ද සිය වස්තුව ආරක්ෂා කර ගැනීමට නොයෙකුත් උපක්‍රම සැලසුහ.
මෙවැනි හේතුන් නිසා වනගතව තිබෙන ගල් ලෙන් අසාමාන්‍ය හැඩ ගත් ගල් තලා ආදිය නිධන් වස්තු තැන්පත් කර තිබෙන ස්ථාන ලෙසට ප්‍රකට වෙයි.ජනප්ප්‍රවාදයේ එන ආකාරයට ගල්තලා ආදියේ නිධන් තැන්පත් කිරීම අසීරු කාර්යයකි.ගලක නිධන් තැන්පත් කිරීමේදී ගලේ කෝවක් සෑදිය යුතුය.ඉන් පසු නිධන් තැන්පත් කොට බෙහෙත් මාර්ගයකින් ගල උණු කොට කෝව වසා දමනු ලබයි.වදුලු ග්‍රන්ථයක තිබූ මේ සදහන ඊට ශාක්‍ෂි සපයයි.
“කව්ඩුමුල්ලේ ගලේ ගෝන අගක් ඇති ඒ වට කවයක් ඇති”
“එතැනට තුන් පියවරක් නැගෙනහිරට අගේ හටපන්දහයි”
නිධානයක් තැන්පත් කිරීම සදහා යනු ලබන්නේ දෙදෙනක්ය.නිධානය හිමි තැනැත්තා සහා අවශේෂ පුද්ගලයෙකුය.නිධානය තැන්පත් කිරීමෙන් පසු නිධානය හිමි පුද්ගලයා විසින් අනෙකාට පවසනුයේ මතුදාක නිධානයේ අයිතිකරු ඔබ බවයි.එසේ පවසමින් නිධානය හිමි පුද්ගලයා අනෙකාගේ හිසගසා දමන බවත් ධනයට ලොල් වී මිය යන ඔහු එකී ධනයට අරක්ගත් බහිරවයකු ලෙස ඉපිද නිධානයආරක්ෂා කරන බවත් නිධන් ගැනීමේදී බලි බිලි පුජා සිදුකිරීමට වන්නේ එකී බහිරවයාට බවත් ජනප්ප්‍රවාදයේ එන කරුණකි.


                 මෙසේ තැන්පත් කල නිධන් හි සාක්ෂි සටහනක් ලෙස නිධන් වදුල සදහන් කල හැකිය.නිධානයක් තැන්පත් කල පසු නිධානයක් තිබෙන බවට සලකුණු යොදා ඇත.එකී සලකුණු සදහන් කරනුයේද නිධානය නිධන් කොට ඇති ස්ථානයේම නොවේ. නිධානයට පියවර කිහිපයක් හෝ මෙපිටින්ය.නිධානය තිබෙන දිශාවද එම සලකුණු හරහා පෙන්වා දී ඇත.උදාහරණ ලෙස පාදයේ සටහනක් නම් පාදය ගමන් කරන දිශාව,නැත්නම් නිය පිහිටා ඇති දිශාවෙහි නිධානය තිබෙන බවට විශ්වාසයක් ඇත.එසේම නිධානයක් ගොඩ ගැනීමේදී  ඒ සදහා අවශ්‍ය ක්‍රියාපටිපාටියද නිධන් වදුලේ සදහන්ව සටහන් කොට ඇත.නිධානයට අවශ්‍ය බලි බිලි ආදියද එහිම සටහන් කොට ඇත.එසේම මේ සියල්ල සටහන් කරන ලද නිධන් වදුලද තවත් ස්ථානයක ආරක්ෂා කරනු ලබයි.නිධන් වදුලේ බොහෝ විට අදාල ප්‍රදේශයේ නිධන් පිළිබද අන්තර්ගත කොට තිබෙන බව ජනප්ප්‍රවාදයකි.
                        නමුත් අද වන විට නිධන් වදුල මිත්‍යාවක් යැයි මතයක් පවතී.එය කෟතුක වස්තුවක් බවට බොහෝ දෙනා අදහස් දක්වයි.නමුත් නිධන් වදුල රචනා කිරීම සදහා මහත් පරිශ්‍රමයක් දරා ඇත.පුස්කොල පොතක ඒඉතා සියුම්ව රචනා කරන ලද  මෙහි රචකයන්ගේ අභිප්‍රාය තවත් පුද්ගලයකු මුලාවට පත් කිරීම සිතිය නොහැකිය.නිධන් වදුල හිතළු සංකල්පයක් යැයි පවසන බොහෝ දෙනා මේ පිලිබදව මදක් සිතා බැලිය යුතුයැයි මාගේ අදහසයි.


No comments:

Post a Comment