Tuesday, July 2, 2019

කුකුළු හැවිල්ල රසාස්වාදය


රැයිපියෙල් තෙන්නකෝන්-කුකුළු හැවිල්ල
1899 දෙසැම්බර් 19 වන දින උපන් රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ උපන් ගම වුයේ මිගමුව, ගනේපොල, වල්ලාවිට ග්‍රාමයයි. වල්ලාවිට පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු නිට්ටබුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු විය. පසුව ගුරු පත්වීමක් ලැබූ එතුමා ගුරුවරයෙකු ලෙස සේවයේ නිරත විය. ඉන් පසු කුමාරතුංග මුනිදාස මහතාගේ හමුවීමෙන් උපතින් රැගෙන ආ කවිකම ප්‍රබාමන් කර ගැනීමට අවස්ථාව උදා විය. සිංහල භාෂා දැනුමෙන් හපන්කම් දැක්වූ රැයිපියෙල් තෙන්නකෝන් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, මාගධී, ලතින්, ග්‍රීක් ආදී භාෂාවන්ගෙන් පොහොසත් පුද්ගලයකු විය.ඔහු කාව්‍ය කෘති විශාල ගණනක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අතර ‘ගමායනය’ ‘සිංහල වංශය’ ආදී කෘති ප්‍රධාන තැනක් ගනු ලබයි.
ගද්‍ය පදය සාහිත්‍යයේ මෙන්ම ගීත සාහිත්‍යයෙ ද රැයිපියෙල් තෙන්නකොන් නාමය ප්‍රකටය.සුනිල් ශාන්තයන් ගායනා කල ‘දුද නොද බිද ලද තෙද කද’ ගීතයට එකල ඉහළ ප්‍රතිචාර ලැබූ බව පොත පතෙහි සදහන්ය. එහි වදනින් වදන හාස්‍ය රසය උද්දීපනය වන අයුරින් එය රචනා කොට ඇත. මිට අමතරව අම්බපාලි සිනමා පටය සදහා සදහා ඔහු ත්‍රෛලෝකනාථ නමින් ගීතයක් පද බැන්දේය. රැයිපියෙල් තෙන්නකෝන් කවියාගේ කවිත්වයේ විශේෂය වන්නේ එතුමා එළිසමයට ගැති වීමෙන් හා විරිතට ගැතිවීමෙන් කාව්‍යකරණයේ නොයෙදිමයි. රැයිපියෙල් තෙන්නකෝන් මහතාගේ කෘති තුළ කැපී පෙනෙන විශේෂ ලක්ෂණය වන්නේ උපහාස රසයයි.මුනිදාස කුමාරතුංග මහතා වෙතින් ‘කිවිසුර’ සම්මානය ලද එතුමාගේ ප්‍රසිද්ධම කාව්‍ය වන්නේ ‘වව්ලුවයි’. ඊට අමතරව ‘හැවිල්ල’ ‘දෑවිනය’ ‘සක් බුබුදුව’ ආදී නිර්මාණ රැසක්ම එතුමා විසින් කරන ලදියි.
ඔහුගේ ගද්‍ය නිර්මාණ අතර ‘කවුඩුව’ ‘ගියකල’ ‘බස්පාර’ යන කෘතිද සාහිත්‍ය විවේචන අතර ‘අපේකවී’ හා ‘අසුන් කවි’ ද වේ. මීට අමතරව මෙතුමා අතින් ගුත්තිල කව්‍යටත් හංස, ගිර, සැළලිහිණි ආදී සංදේශ වලටත් තවත් සම්බාව්‍ය ග්‍රන්ථ වලටත් විවරණ සැපයිණි. මොහුගේ නිර්මාණ අතරින් ‘සිංහල වංශය’ කාව්‍ය රාජ්‍ය සම්මාන හිමි කර ගත්තේය.උපහාස රසය නොඅඩුව කැටි කොට අර්ථවත් පණිවිඩයක් සිය කාව්‍ය මගින් ජනතාවට ලබා දීම රැයිපියෙල් තෙන්නකෝන් කවියාගේ ජන මෙහෙවර විය.
හෙළ හවූල බිහි කළ මහම කවිය රැයිපියෙල් තෙන්නකොන්ය.ඒ ගැන කිසිදු වාදයක්ඇත්තේ නැත.සිහල වංශය ඇතුළුව ඔහු විසින් ලියන ලද පද්‍ය සංක්‍යව විසිපන්දහසද ඉක්මවයි.ඒ තරම් පඩි සංක්‍යවක් ලියු කවියෙක් සම්භාව්‍ය හෝ අද්‍යතන හෝ සිංහල කාව්‍ය වංශයෙහි දැකිය නොහෙයි.ඔහු විසින් ලියන ලද විසිපන්දහසක් ඉක්මවන පද්‍ය නිරමාණ අතර හැවිල්ල නමැති කෘතියෙහි ආ කුකුළු හැවිල්ල ඉතා ප්‍රබල වූ සුවිශේෂ වූ පබැදුමකි. කවියට පාදක වනුයේ තමා සතුව සිටි කුකුළකු මරා අනුභවයට ගත් කුකුළු හොරකු ගැන කතරගම කද දෙවිදුන්ට කරන හැවිල්ලකි. දෙස් තැබීමක් හෙවත් ශාප කිරීමකි. තව එක බදාදා දවසක් එලබෙන්නට පෙර, මේ සොරා වනසන මෙන්, කද සුරිදුගෙන් ඉල්ලා සිටියි. එය යාතිකාවක් නොවෙයි. හුදු දේව ආයාචනයක්ද නොවෙයි.ඒ නම් මෙය පලිගහිල්ලකි. මෙම රචනය හැවිල්ල වන්නේද එම අරුතිනි.මෙහිදී කවියා කුකුළා නැති උණු ගැමියාගේ චරිතයට ආවේශ වී, කතරගම දෙවියන් ඉදිරියේ කරුණු දක්වයි. දෙවියන් අතැති හෙල්ලෙන් බෙල්ල මුලට ඇණ සොරා මරා දැමුවහොත් දෙවියන්ගේ නම බාල බිළිදු දරුවන්ගේ තොල් මත පවා රැදෙන්නට කටයුතු කරනවයි දිව්රා කියයි.කවිය මේ පලිගන්නාගේ සැබෑ ස්රුපය ප්‍රතිනිර්මාණය කොට දක්වන අපුර්ව,දුර්ලබ කවීත්වයට ඉතා හොද දුෂ්ටාන්තයකි.
 රැයිපියෙල් තෙන්නකෝන් නමැති මහා කවියාගේ නොනැමෙන, දරදඩු, එහෙත් අතිශයින්ම සෘජු ස්වාධින චින්තනය පළ වන්නේ මෙම කාව්‍ය නිර්මාණයෙහි යටි පෙළෙහිය.දුකට පත් ගැමියා, රුහුණු රටට මතු නොව, මුළු රටටම මහා බලැති කතරගම කරවමින් වැඩ වසන, කතරගම දෙවියන් හමු වීමට යන්නේ තම කුකුළු නාම්බා, කුකුළු හොරකු විසින් මරා  කෑ බව දන්වන්නටය. කාරණය ඒ තරම් සැහැල්ලු එකකි. ගැමියා යන්නේ දෙවියන්ගෙන් රටේ රජකම ඉල්ලන්නට නොව හුදෙක්ම ඉතා පුංචි දෙයකටය.කුකුල් හොරෙකුට පලි ගහන්නටය.එහෙත් ගැමියා මේ දෙවියන් ලවා ඒ සුළු කාරිය කරවා ගන්නට, ලොකු උපායක් යොදයි.ඔහු  කියන්නේ දෙවියන්ගේ දදය හෙවත් කොඩිය දන් පාළු වී ඇති බවය. තමාගේ කොඩියේ වජබෙන්නේද කුකුළකු බව මතක් කර දුන් විට කද දෙවියන්ට වුණත් කේන්ති යන්නේ නැතිද ? රට තුළ සිදු වන අපරාද වල හැටියට, කෙරෙන හොරකම් වල හැටියට, කුකුළකු මරාගෙන කෑමත් ඔය තරම් වරදක්ද ? ඒ වරදට දෙවියන් විසින් කළ යුත්තේ කුමක්ද ? ඊලග බදාදා වන්නට පෙර හොරාගේ බෙල්ලට ඇණ මැරීමය.දෙවියන් විසින් එසේ පලිගත්විට ගැමියා විසින් ඊලග වතාවේ දේවාලයට එන්නේ හිගා කා උපයා ගත් මුදලින්ය.එන්නේද පයින්මය. ඇවිත් තමාගේ නළල් ඇටය දෙවොල් බීම උලන්නටද ඔහු පිළිණ දෙයි. එපමණක් නොව ඔහු දෙවියන්ට පුද දෙන්නේ රනින් කල දුන්නක් හා ඊතලයකි. රනින් කළ කුකුල් රුවකි.රිදියෙන් කළ බිත්තරයකි. රිදියෙන් නිම වූ දෙවියන්ගේම රූපයකි.ගැමියාට නැති වුයේ එකම එක කුකුල් නාම්බෙකි. නමුත් හොරාව විනාශ කළ පසු දෙවියන්ට ලැබෙන පුදසත්කාර මෙසේය.මෙහිදී කවියා යටි අර්ථයකින් මතු කිරීමට උත්සාහ කොට ඇත්තේ ගැමියාගේ මෝඩකම මුඩ්භාවය ඔහුගේ තකතීරුකමය.ඔහුගේ චින්තනය කිසිසේත්ම ප්‍රයෝගික නොවන්නේය. අතාර්කික වේ ය.මිනිසුන් දෙවියන් කරා යන්නේ මෙවැනි දේ සදහාද? මේ සියල්ල දෙස කවියා හෙලනුයේ උපහාසාත්මක බැල්මකි.
රැයිපියෙල්  තෙන්නකෝන් මහතාගේ ‘කුකුළු හැවිල්ල’ ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ හැකිය.එතුමාගේ නිර්මාණ කව්ෂල්ය හදුනා ගන්නට මේ පැදි පෙළ ම ප්‍රමාණවත්ය.
දුදොනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ

මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල
හෙලුව හෙල්ල
මුල මැ බෙල්ල
මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී
දෙවියනේ”

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු වටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ
බලමහිමේ
දුටු ද එමේ
හැම තැනේ

කියමින් නම'කුරු ඔබගේ
බොළඳුන්ගෙ ද කිරි තුඩගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ

මට කළ මෙවිපත අනේ
බලා-ගන්නැ දෙවියනේ
වැජැඹෙන නා මෙ විමනේ
බලන්නැ නා සාමිනේ

 කුකුළු හැවිල්ල දෙවියන්ට කරන කන්නලව්වක් ආයාචනයක් නොවෙයි.දෙවියන් ඉදිරියේ කරන යැදීමක් ශාප කිරීමකි.තම කුකුළා මරා  කැ සොරෙකුට  දඩුවම් පමුණුවන හැටියට ගැමි ගැහැනියක් කතරගම දෙවියන් ඉදිරියේ පළි ගැහීමක් කරන ආකාරයෙන් මෙය රචනා කොට ඇත.එම නිසාම ගීතයෙන් ජනිත වන්නේ භක්තිය දන වන ශාන්ත රසයක් නොවෙයි.රෙවුද්‍ර රසයකි.
එම නිසාම මහගමසේකරයන් මේ පිලිබදව දක්වනුයේ මෙවැනි අදහසකි.
‘මෙම ගීතයේ ඇති රෙවුද්‍ර රසය නිපද වීමට ඉතාම සුදුසු වචන තෝරාගෙන ශබ්ද ධ්වනියත්, අර්ථ ධ්වනියත් එකට මිශ්‍ර කර ඇති සැටි කදිමය’
‘දුදනොද බිද - ලද තෙද කද - කද දෙව්රද’
යන පදයේ ද කාරයෙන් යොදා ඇති අනුප්‍රාසයත් ගුරු අකුරු නොමැති වීම නිසා කතරගම දෙවියන්ගේ තේජස ගැන හැගීමක් ඇති කිරීමට ඒ පදය සමර්ථය.සාමිනේ-මරුතනේ-දෙවියනේ’ යන වචන වලින් අපේ සිත් වල මැවෙන්නේ දෑත් ඔසවාගෙන මහා හඩින් විලාප දෙන ගැහැණියකගේ රූපයකි.ඇගේ සිතේ ඇති කෝපය ‘එකා- මකා’ යන වදන් වලින් ධ්වනිත වන්නේ සොරගෙන් පලිගැනීමට ඈ තුළ ඇති බලවත් අධිෂ්ටනයයි.තව එකම බදාදා දවසක් එලබෙන්නට පෙර මේ සොරා වනසන මෙන්, කද සුරිදුගෙන් කවියා ඉල්ලා සිටියි.එය යාතිකාවක් නොවෙයි. දේව ආයාචනයක්ද නොවෙයි.එනම් පලිගැහිල්ලකි.මෙය හැවිල්ල වන්නේද ඒ අරුතිනි.මෙහිදී කවියා කුකුළා නැති උණු ගැමියාගේ චරිතයට ආවේශ වී කතරගම දෙවියන් ඉදිරියේ කරුණු දක්වනු පෙනෙයි.දෙවියන් අත  ඇති හෙල්ලෙන් බෙල්ල මුලට ඇණ සොරා මරා දැමුවහොත් ඒ දෙවියන්ගේ නම බාල බිළිදු දරුවන්ගේ තොල් මත පවා රැදෙන්නට කටයුතු කරමැයි කවියා දිඑර කියයි. කවියා මේ හගවන්නාගේ පළි ගහන්නාගේ සැබෑ ස්වරුපය ප්‍රතිනිර්මාණය කොට දක්වන අපුරුව දුර්ලබ කවිත්වයකට ඉතා හොද දුෂ්ටන්තයකි.රැයිපියෙල් තෙන්නකෝන් වැනි ආදින කවියකු - අප්‍රමාණ බුධිමතෙකු නැති වුනු කුකුළකු ගැන මෙපරිදි කතරගම දෙවියන් ඉදිරියේ කන්නලව් කරනු ඇද්ද? ඔහු ගැන දන්නා පුද්ගලයන් මේ පිළිබද ප්‍රශ්න නොකර සිටීද?
රැයිපියෙල් තෙන්නකෝන් නමැති මහා කවියාගේ නොනැමෙන දරදඩු එහෙත් අතිශයින්ම සෘජු ස්වාධින චින්තනය පළ වන්නේ මෙම කාව්‍ය නිර්මාණයේ යටි පෙළෙහිදිය.දුකට පත් ගැමියා රුහුණු රටට අධිපති කතරගම කරවමින් වැඩ වසන කද සුරිදුන් හමුවන්නට යන්නේ තම කුකුළු නාම්බා කුකුළු සොරකු විසින් මරා කැ බව දන්වන්නටය. කාරණය එතරම් සිල්ලර එකකි.ගැමියා යන්නේ දෙවියන්ගෙන් රටේ ජනපතිකම් අගමැතිකම් ඉල්ලන්නට නොව. පළි ගහන්නටය. එහෙත් ගැමියා දෙවියන්ගෙන් මෙම කාරිය කරවා ගන්නට ලොකු උපායක් යොදයි.
ඔහු කියන්නේ දෙවියන්ගේ කොඩිය දැන් පාළු වී ඇති බවය.’දදය ඔබගේ පාළු යකා’කියන්නේ එබැවිනි.තමාගේ කොදියේද වැජබෙන්නේ කුකුළකු බව මතක් කර දුන් විට කද දෙවියන්ට වුණත් කෙන්හි යන්නේ නැතිද? මෙහිදී ගැමියා කතරගම දෙවියන් අන්දවන ලකුණු පෙනේ.රටේ සිදු වන අපරාධ වල හැටියට කුකුළකු මරා කෑම එතරම් ලොකු වරදක්ද? එම වරදට දෙවියන් විසින් කළ යුත්තේ සොරාගේ බෙල්ලට ඇණ ඔහුව මැරීමය.එසේ පලිගත්විට තමා කරන්නේ කුමක්ද? යන්න ගැමියා දෙවියන්ට දන්වා සිටියි.ඊලග වතාවේ ඔහු දේවාලයට එන්නේ හිග කා උපයාගත් මුදල් වියදමෙනි. ඒ එන්නේද පයින්මය. ඇවිත් තමාගේ නළල් ඇටය දෙවොල් බීම උලන්නටද ඔහු පිළිණ දෙයි. ඉන් පසු තම කාරිය කෙරුණු පසු ඔහු දෙවියන්ට පුදන්නේ මොනවාද? රනින් කළ කුකුළු රුවකි.රිදියෙන් කළ බිත්තරයකි.රනින් කළ දුන්නක් හා ඊතල දෙකකි.රිදියෙන් නිම වූ දෙවියන්ගේම රුවකි.ගැමියාට නැති උනේ එකම එක කුකුල් නාම්බෙකි.හොරාගේ බෙල්ලට තම හෙල්ලෙන් ඇන්න පසුව දෙවියන්ට ලැබෙන පුද සත්කාර කෙතෙක්ද? එක් පැත්තකින් බලන කළ මෙයින් පෙනෙන්නේ ගැමියාගේ මෝඩකමයි.මුඪබාවය හෙවත් තකතීරු කමයි.ඔහුගේ චින්තනය කිසිසේත්ම ප්‍රයෝගික නොවේමැයි. අතාර්තික වේමැයි.අනිත් අතින් ඔහුගේ අසීමාන්තික පළිගැනීමේ චේතනාවයි.රටේ මහම දෙවොලක් අරා සිටින දෙවියකු ලගට එන්නේ මෙවන් මිනිසුන්දැයි කවියා ප්‍රශ්න නොකරනුද?
අනිත් අතට දෙවියන්ගේ හැටි සුබාවයි.දෙවිවරු- බලවත්ම දෙවිවරු වුණත් වඩා කරන්නේ මොන තරම් ලාභ අපේක්ෂවෙන්ද? කවියා එකරුණද ඉගි නොකරතැයි සිතන්නේ කෙසේද? අංකුරකු වන මේ ගැමියා මේ පොරොන්දු වන දේවල් ඇත්තටම දෙවියන්ට දේවිද? තම කාරිය කෙරුණු පසු වඩාත් අවකාශ ඇත්තේ එය ඉටු නොකිරීමටය. මෙහිදී කවියා සියුම් උපහාසයක් හගවා ඇත.මිනිසුන් තුළ දෙවියන් කෙරේ පවත්නා අන්ධ භක්තිය සියුම්ව උපහාසයට ලක්කොට ඇත.
‘කියමින් නමකුරු ඔබගේ
බොළදුන්ගේද කිරි තුඩගේ
රග දෙන්නට වඩමි අගේ
එතකින් හිමි සදුනි මගේ’
මෙහි සදහන් කරනුයේ කුමක්ද? දෙවියන්ගේ නම පොඩි බිළිදු දරුවන්ගේ කිරි දෙතොල් වලින් පවා කියවන බවකි. දෙවියන්ටද අවශ්‍ය වනුයේ තම නම පතළ කරගන්නට බැව් මේ ගැමියා හොද හැටි දනියි.දෙවියන්ට ලොකු ලොකු පඩුරු සහිත පුජා වට්ටි ද රැගෙන දේවගැතියන් එන්නේ නම පතළ වුනොත් පමණකි.මේ ගැමියා මුළු මහත්  රුහුණු රට කරවන මහා බලැති කතරගම කද සුරිදුන්වද රවටන අයුරු අපුරුය.
සමස්තයක් ලෙස පද්‍ය පන්තිය දෙස අවධානය යොමු කර බලන කළ පෙනෙන කාරණයක් වන්නේ කවියා මෙම රචනයෙන් තම කුකුළා නැති වීමෙන් බලවත් ශෝකයට පත් ගැමියා කරේ සානුකම්පිත බැල්මක් හෙලන්නේද? ඔහුට අනුකම්පා කරන්නැයි වදනකින් හෝ පාටකයාට  අයදින්නේද? නැත. ඒ අතර කවියා ගැමියාට පිහිට වන්නට සිටින කතරගම කද සුරිදුන් කෙරේ පාටකයා තුළ ගෙවුරව සම්ප්‍රයුක්ත හැගීමක් ඇති කරන්නේද? දෙවියන් සතු බලය හා දෙවියන්ගේ සුපතළ අනුභවය පිළිබද හැගීමක් පාටකයා තුළ දල්වන්නේ නැත. මෙහි ගැමියා එරෙහිත් දෙවියන් කෙරෙහිත් මැදිහත් වීමක් නැති බැව් පෙනේ. කවියා ඉතා ශුර ලෙස ස්වකිය පද සිත්තම මගින් අපූරු අවස්ථාවක් නිර්මාණය කරනවා පමණි. තත්වානුරුපි වූ එකී අවස්ථා නිරුපණය කොට පසෙකට වන කවියා, ඒ සියල්ල හාස්‍යට ලක් කොට, තෙමේද සිනාසෙන්නට වෙයි.
තවත් එක් කරුණකි.ගැමියා දෙවියන්ට පුද දෙන්ට පොරොන්දු වන පිදිවිලි ගැන සිතා බැලුවහොත් ඔහු පුදන කුකුළා රනිනි.එහෙත් දෙවියා රිදියෙණි. මෙය උපහාසයකි. රැයිපියෙල් තෙන්නකෝන් නමැති ප්‍රතිභාන්විත කවියා දෙවියන්ට සිනාසෙන අයුරු පෙනේ.රැයිපියෙල් තෙන්නකෝන් ගැදි ලිව්වද, පැදි ලිවුවද උපහාසය,  උත්ප්‍රාසය  හොදට හදුනාගෙන සිය නිර්මාණ කාර්යෙහි නිරත වෙයි.
පසු කලෙක මෙම කාව්‍ය නිර්මාණය ගීතයක් ලෙසින් ගයනා කරන්නට සුනිල් ශාන්තයන් යමු වේ.ඒ මෙහි ඇති නාට්‍යමය භාෂාව  නිසාය.  
‘දුද නොද බිද.........
රණින් කුකුළු රුවක් පුදමි
රන්දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
යනුවෙන් වහා වහා බිදෙන අයුරින් පද ගලපන අයුරු ඉතා අගනේය. එමෙන්ම මෙම පද ගැලපීම තුලින් කතරගම දෙවියන්ගේ තේජස, බලපරාක්‍රමය මවා පැමටද කවියා උත්සාහ ගෙන ඇත.රැයිපියෙල් තෙන්නකෝන් නමැති සැබෑ කවියා මතු කර ගත හැක්කේ ඔහු අපෙන් සගවාගෙන සිටින යට දැක්වූ උත්ප්‍රාසය හරි හැටි තෝරා ගත් විට පමණක් බැව් මෙනෙහි කරණු කැමැත්තෙමි.
          


  

  

No comments:

Post a Comment