"අනේකවිධ සුඛ
දරන්නාවූත් ආකර්ෂණීය මෙවලම් බවට පත් කරන්නාවූත් ඒවා උත්පාදන කර බෙදා හරින්නා වූ
මාර්ගයයිˮ
රූපවාහිනියෙ
කාර්යභාරය ක්‍රියාවලිය ඉහත උදාහරණය තුළින් මැනවින් හඳුනාගත හැකිය. විද්‍යුත් මාධ්‍ය
අතුරින් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි නෙත් සිත් ආකර්ෂණය කරගන්නා වූ ප්‍රබලතම මාධ්‍යය වශයෙන් රූපවාහිනිය හඳුන්වා දිය හැකිය. ශ්‍රව්‍ය දෘශ්‍ය
වීම තුළ ඒ පදනම ගොඩනැගී ඇත. ඒ නිසාවෙන් ප්‍රේක්ෂකයා නිතරම රූපවාහිනියය සමගින් ගනුදෙනු කිරීමට පෙළඹී ඇත. 2008 වර්ෂයේ රාජ්‍ය
සම්භවය උත්සවයට සහභාගි වූ ගුණදාස අමරසේකර
සූරීන් පෙන්වා දෙන්නේ "ජනමාධ්‍ය
ඇසුරේ හැදෙන වැඩෙන ජනතාව සින්දුවෙන් හා ටෙලිනාට්‍යයෙන් නැලවෙන පිරිසක් බවයි".
දී වශයෙන් රූපවාහිනිය වර්තමානයේ ව්‍යාප්තිය එතුමන් පෙන්වාදෙයි. රූපවාහිනිය
තුළින් මේ තරම් දුරට ප්‍රේක්ෂකයාගේ හදවතට ළං වෙන්නට ප්‍රධානතම හේතුව වශයෙන්
රූපවාහිනිය තුළ විකාශය කරන විකාශය කරන වැඩසටහන් හඳුන්වා දිය හැකිය. ඒ අනුව
- වෙළඳ දැන්වීම්
- ටෙලිනාට්‍ය
- ප්‍රවෘත්ති
- සංගීතය
- රියැලිටි වැඩසටහන්
ආදී වැඩසටහන්
හදුනාගත හැකිය.මෙම වැඩසැඩසටහන් අතුරින් ටෙලිනාට්‍යය සුවිශේෂවන අතර ටෙලිනාට්‍යය ශානරයක් ලෙසින් ගැනෙන සෝප් ඔපෙරාව නොහොත් සබන්
නාට්‍ය ඉතා වැදගත් නාට්‍ය විශේෂයක් ලෙස හඳුනාගත් හැකිය.
සෝප් ඔපෙරා යනු සබන් නිෂ්පාදන සමාගම් ස්වකීය
නිෂ්පාදන ගෘහණියන් අතර ජනප්‍රිය කරවීම උදෙසා රූපවාහිනිය හොඳම උපාය බව තීරණය කොට ඒ සඳහා සරල
වින්දනය ගෙන දෙන කතන්දර මාලා සම්පාදනය කරන්නට පටන් ගත්තාහ. වැඩසටහන් විකාශය වන
අතරතුර දී එම සබන් නිෂ්පාදන පිළිබඳ ප්‍රචාරය වූ හෙයින් සෝප් ඔපෙරා යන නමින්
හඳුන්වනු ලැබීය.
මුල් කාලීනව
සෝප් ඔපෙරා වැඩසටහන් මුද්‍රිත මාධ්‍ය හරහා පළ වූ අතර පසුව ධනවාදයේ වර්ධනයත් සමග
පුරුෂාධිපත්‍ය ලෝකය පුරා පැතිරී ගිය අතර කාන්තාව නිවසේ සිටින තත්වයට පත්විය. ඒසෙ
නිවසේ සිටින ගෘහණිය ඉලක්ක කර ගනිමින් ජනමාධ්‍ය හරහා මෙම වැඩසටහන් නිර්මාණය විය. ඒ
අනුව එම වැඩසටහන් හරහා ස්ත්‍රිය අමතන්නට විය.
මුල්කාලීනව
ගුවන්විදුලිය ඉලක්ක කර ගනිමින් ගෘහස්ථ
ගැටළු, පවුලේ ප්‍රශ්න ඉලක්ක කරගෙන කතන්දර මාලා බිහිවන්නට විය.
එහිදී මුල් වූයේ බ්‍රිතාන්‍ය පෙයර්ස් සොප් සමාගම හා ඇමරිකාවෙ
පොන්මර් තැම්පල් සමාගමයි. 1950 වන විට එය රූපවාහිනියට හඳුන්වා දෙන ලදී. කෙසේ
නමුත් ඇමරිකාව තුල දහවල් කාලයේදී මෙම සෝප් ඔපෙරා විකාශය වූ අතර එය ඉතාමත්
ජනප්‍රිය වන්නට විය. කලක් ගත වන විට මෙම සෝප් ඔපෙරා මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත වූ
අතර මෙම ඔපෙරා ලක්ෂණ ලෙස
- ප්‍රධාන ස්ත්‍රී චරිත
- බොහෝ චරිත බොහෝ කථා වස්තු
- බැලුවා හෝ නොබැලුවා කියා වෙන්සක් නැත ඊළඟ දවසේ නරඹා තේරුම්ගත හැකිය
- සංවේදී පිරිමින්
- දෙබස් සංවාද වැඩියි
- චරිත වැඩියි
ආදී ලක්ෂණ
වලින් යුක්තය
ශ්‍රී ලංකාව තුළ පළමු සෝප් ඔපෙරාව වශයෙන්
හඳුනාගත හැකි වන්නේ දූදරුවෝ නාට්‍යයයි.
ජනප්‍රිය
සංස්කෘතියේ අංගයක්ව වශයෙන් ගැනෙන සෝප් ඔපෙරාව මුලුමහත් ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගනිමින් විසිරී පැතිරී
ගොස් අවසන්ය.ඒ නිසාවෙන් ලෝකයේ සෝප් ඔපෙරා
අනෙකුත් නාට්‍යයන්ට වඩා නිෂ්පාදනය වන්නේය.
මෙසේ නිර්මාණය
වන සෝප් ඔපෙරාව තුළ කලාත්මක ගුණය ඉතා අඩුය.
චරිත වැඩි ප්‍රමාණයක් භාවිතා කරයි.
එය පැය බාගයක වැනි කාලයක් තුලදී විකාශනය
කරනු ලබන අතර එම පැය බාගය ප්‍රේක්ෂකයා
රූපවාහිනිය නරඹන peak time එකක් සඳහා යොදා ගනී. රාත්‍රී 6.30 - 10 කාලපරාසය තුළ මෙම නාට්‍ය විකාශනය සිදු වේ.
දිනපතා විකාශනය වන මෙම නාට්‍ය වලට
හේතුපාදක වනුයේ
- ලිංගික ඇසුර
- අනියම් සබඳතා
- ප්‍රේම්ය
- සමාජ රෝග
- විවාහයට පෙර ලිංගික ඇසුර
- සහකරුවන් මාරුකිරීම
- පිරිමින් උදෙසා තරගවදින ගැහැණු වැනි
- මාතෘකාවන් ය.
නිරන්තරයෙන් තේමාවන් යොදා ගනු ලබන අතර ගැටලූ
ඉස්මතු වේ. ඔවුන් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන අතර නිතරම ආභරණ ,සාරි, makeup යොදාගෙන සිටි. නිතරම උත්සව පැවැත්වෙන අතර
කාන්තාවට බලය ලැබෙ. සාමාන්‍ය ජීවිතය තුල කාන්තාවන්ගේ හැසිරීම් යොදාගනු ලබයි. ලෝකය
පුරාවට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ මෙම සෝප් ඔපෙරා නාට්‍ය ලතින් ඇමරිකාව, මෙක්සිකෝව
තුල ව්‍යාප්ත වූයේ ටෙලි නාට්‍ය මාලා වශයෙනි. එමෙන්ම චීනය, කොරියාව ,ඉන්දියාව වැනි
රටවල ද මෙම සෝප් ඔපෙරා ටෙලිනාට්‍යය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බව හඳුනාගත්
හැකිය.
soap opera නාට්‍ය කෙතරම් ජනප්‍රිය වුවද විවිධාකාර අයුරින් සමාජයට බලපෑම්
කරනු ලබන ආකාරයක් හඳුනාගත් හැකිය. ඒ අනුව සෝප් ඔපෙරා රටක සමාජීය, ආර්ථීක,
සංස්කෘතික, ආගමික, කලාත්මක වශයෙන් බලපෑම් සිදු කරන ආකාරයක් හඳුනාගත හැකිය.
අද වන විට soap opera ප්‍රධාන
වශයෙන් සමාජයට බලපෑම්කාරී ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. ඕනෑම රටකට ඒ රටට අනන්‍ය
වූ ජීවන රටාවක්, සිරිත් විරිත්, හැසිරීම්
රටාවන්, හැදියාවන් පවතී. එම හැදියාවන් චර්යා රටාවන් සියලුම දේ ගොඩනැගී ඇත්තේ ඒ ඒ රටට අනන්‍ය වූ අයුරිනි.
නමුත් සෝප් ඔපෙරා නාට්‍යයන් තුළින් එම සමාජ
රටාවන් ප්‍රබල බලපෑම්කාරී තත්ත්වයන් උදා කරන ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අනුව ටෙලි
නාට්‍ය මගින් ඒ සමාජයට කිසියම් පණිවිඩයක් දිය යුතුය. ඒ තුළ දේශීයත්වයට ගැළපෙන අයුරින් මිනිස්සුන්ගේ
හැකියාවන් සිරිත් විරිත් එයට අනුව අනුකූලව නිර්මාණය විය යුතුය. නමුත් soap opera නාට්‍ය එම රටේ
සමාජයයීය අවශ්‍යතාවන් ගොඩනැගීමට, අනන්‍යතාවන් ගොඩනැගීමට කටයුතු නොකරන බවක් දැකිය
හැකිය.
උදාහරණ ලෙස
දක්වන්න නම් මෑත කාළීනව විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය සමාජීය වශයෙන්
බලපෑම්කාරී තත්වයකට පත්ව තිබේ. එහි එන ඇතැම් වචන සමාජීයේ වශයෙන් වැටීමට බිඳවැටීමට
හේතු භූත වේ.
කාලකණ්නි හැත්ත, අවජාතකයා, පර හැත්ත
වැනි වචන සාමාන්‍ය ජනතාව භාවිතයට ගනී. කුඩා ළමුන් මෙම
නාට්‍ය නරඹන අතර ඒම වචන ඔවුන්ගේ වාග් කෝෂයට එකතු කර කරගන්නට ඔවුන් කටයුතු කරයි. එය
අනාගත සමාජ පසුබිම අපැහැදිලි භාවයට පත්
කරන කරුණකි.
තවත් උදාහරණයක් දක්වන්නේනම්
ස්ප්නා
ටෙලිනාට්‍යය මගින් පෙන්වනු ලබන්නේ
- අනියම් ඇසුර
- දූෂණය කිරීම
- අල්ලස් ගැනීම්
- අපරාධ
- මංකොල්ලකෑම් ආදියයි.
මේ ආදරයයි
ටෙලි නාට්‍යය තුළ නිරූපිත
රූහිගේ චරිතය
කුඩා දරුවෙකුට නොගැලපෙන ආකාරයේ ක්‍රියාවන්ගෙන් යුතු චරිතයකි.
තම මවට දරුවකු ඉල්ලා පූජා පවත්වන්නේ ඇයගේම
දරුවායි.
මහගෙදර නාට්‍යය තුළ
තම මවට දරුවන්
එකතු වී වෙනත් විවාහයක් කර දෙනු ලබයි.
මෙකී කාරණා ගෙන බැලුවහොත් පැහැදිලි වන්නේ soap opera සමාජීය
වශයෙන් ලාංකීය සමාජයට ඇති කරන බලපෑම
සුළුපටු නොවේ.
ආර්ථිකමය
වශයෙන් සෝප් ඔපෙරා ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි.
- පිටරටින් ගෙන්වීම තුළ රටේ මුදල් පිටරටට විසරණය වීම
- ඔපෙරා කොටස් හාරදාහක් පන්දාහක් වැනි ප්‍රමාණයක් ඇති නිසා ඒ රටේ අනිකුත් ටෙලිනාට්‍ය වලට අවස්ථාව අහිමිවීම
- ගුණාත්මක භාවයෙන් තොර ටෙලි නාට්‍ය බිහි වීම නිසාවෙන් ටෙලි නාට්‍ය කර්මාන්තය බිඳ වැටීම
- නළු නිළියන් සුළු පිරිසක් පමණක් සිටින නිසාවෙන් අනිකුත් රංගන ශිල්පීන්ට අවස්ථාව අහිමිවීම
ආදියයි.
Very important contain thank you share this details
ReplyDelete