රූපවාහිනි
මාධ්‍ය බිහි වී කලක් ගත වීමත් සමග රූපවාහිනිය සඳහා අවශ්‍ය හැඩය එහි භාවිතය මගින්
නිර්මාණය විය.ඒ සඳහා අවශ්‍ය විවිධ වැඩසටහන් ආකෘති බිහිවිය. රියැලිටි වැඩසටහන් යනුවෙන් හඳුන්වන්නේ ද එවැනි වැඩසටහන්
ප්‍රභේදයකි.එම වැඩසටහන් අනිකුත් වැඩසටහන් ආකෘතීන් ගෙන් වෙනස් වන විශේෂතාවන් ගෙන්
සමන්විත වේ.
රියැලිටි වැඩසටහන් යනු
" නිෂ්පාදකයන්
විසින් නිර්මාණය කරන පරිසරයක් තුළ තරගකරුගේ හැසිරීම මත පාලනය වන වැඩසටහන් විශේෂයකිˮ
එහි මූලික ලක්ෂණ කිහිපයක් මෙසේ විග්‍රහ කළ හැකිය.
- සජීවිී බව
රියැලිටි
වැඩසටහන් වල මුඛ්‍ය ලක්ෂණයක් ලෙස සජීවී බව හඳුනාගත් හැකි නමුත් අද වන විට වංචනික
බවට පත්කොට ඇත්තේ මේ සජීවී බව බව හරහාය.
සියුම් සංස්කරණයන් මෙන්ම තමන්ගේ මාධ්‍ය ආයතනයේ න්‍යායන්ට අනුව රියැලිටි වැඩසටහන්
කළමනාකරණය ද දැකිය හැකිය. මෙහිදී මාධ්‍ය නිෂ්පාදනය තුළ සේවකයන් ශිල්පීන් තරඟකරුවන්
පමණක් නොව ග්‍රාහකයන්ද කළමනාකරණයට ලක්වේ.
රියැලිටි වැඩසටහන් සමස්තයක් ලෙස ගත් කළ සැබෑ ජීවිතයෙන්
පලා යාමක් ලෙස හදුනා ගත හැකිය. ඒ සඳහා විවිධ ශිල්ප ක්‍රම භාවිත කරයි.
උදාහරණ ලෙස - ගැටුම් ඇතිකිරීම, වාග් සංවාද
ආදිය දැක්විය හැකිය. මේවා සංස්කරණය නොකරන ලද ඒවා
ලෙස පෙන්වමින් පූර්වයේ සංස්ක්රණය කරන ලද න්‍යාය පත්‍රයක් ලෙස ක්‍රියාත්මක කරයි.
- ජනතාව ඇද බැඳ තබා ගැනීම
රියැලිටි වැඩසටහන් වල පවතින මූලිකම ලක්ෂණයක්
වන්නේ එය වඩාත් මායාකාරී ලෙස ජනතාව ඇද බැද තබාගැනීමයි. ආලෝකය, කැමරාකරණය, නර්තනය,
වාදනය සහ රියැලිටි වැඩසටහන් වලට සම්බන්ධ වන සැබෑ පුද්ගලයින් ලෙස ඔවුන්ව ක්‍රම ක්‍රමයෙන්
වෙනස් කිරීම දැකිය හැකිය. මෙය සංවේදී කරණයකට ලක්කිරීමකි. නැතහොත් ග්‍රාහකයා මුලා
කර ඔහුව මායා ලෝකයට ප්‍රවිශ්ඨ කරගැනීම මගින් ලාභයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සකසා
ගනී.
- පිටපතකින් තොරවීම
මෙහි මූලික ලක්ෂණයක් ලෙස පිටපතකින් තොරවීම
හඳුන්වා දිය හැකිය. එහෙත් අද වනවිට මේය ගැටලු සහගත තත්වයකි. එනම් පූර්ව
සැලසුම් නොකරන ලද යැයි පෙන්වමින් වැඩසටහන් නිෂ්පාදනය සිදු කරනු ලබයි.
නළු නිළියන් වෙනුවට සාමාන්‍ය ජනතාවගේ සහභාගීත්වයක් ලබා
ගනී. ජනතාවගේ ඡන්දය මත ත්‍යාග පිරිනැමීම මෙහි මූලික සැකැස්මයි. රියැලිටි වැඩසටහන්
වල පූර්වාදර්ශය ලෙස ඇමරිකන් අයිඩල් වැඩසටහන් තෝරාගෙන් ඇත. මෙහි මුූලික පදනම වූයේ
සුපිරි තරුව සෙවීමේ ගවේෂණයයි. ජංගම දුරකතන කෙටි පණිවිඩ හරහා තෝරා ගැනීම ඒ අතරතුර
විනිශ්චය මණ්ඩල අදහස් ද තෝරා ගැනීමක් සිදුවේ. ආරම්භක කාල වකවානුව තුළ මේවා වැඩිය ජනප්‍රිය නොවූ අතර එම නිසා සජීවිකරණය
හරහා වැඩි දැන්වීම් ප්‍රමාණයක් ලබාගැනීම ආදිය සිදු කරන ලදී.
- අඩු පිරිවැයක් වැය වීම
විශේෂයෙන් රියැලිටි වැඩසටහන් නිර්මාණය සඳහා අඩු පිරිවැයක් වැය වේ.
එම නිසා බොහෝ ආයතන අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලැබීම අරමුණු කොටගෙන වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි.
මෙම වැඩසටහන් වල ආකර්ෂණයට ප්‍රධාන හේතු ලෙස
- පිටපතක් නොමැති වීම
- අනපේක්ෂිත සිදුවීම් වලින් ගහනය වීම
- සහභාගි වී සිටින පුද්ගලයන් සෑම මොහොතකම විනිශ්චයට භාජනය වීම
- අන්තර් පුද්ගල සබඳතා ක්‍රියාත්මක වන ආකාරයෙන් වෙනත් පුද්ගලයන්ගේ තොරතුරු දැනගැනීමට පවතින කුතුහලය ආදිය හේතු වේ.
- සරල ආකෘතිය
විශේෂයෙන්ම මෙම වැඩසටහන් වල පවතින සරල ආකෘතිය රියැලිටි වැඩසටහන් වල කොටස්කරුවන් වීමට උත්තේජනයක් ලබා
දෙනු ලබයි.
එසේම
- ඊලග ඉවත්වන තරගකරු කවුද?
- ඒ සම්බන්ධව සිය සමීපතම සමඟ ඔට්ටු ඇල්ලීම්
- ඒස්.ඒම්.ඒස් මගින් තමන්ට ලැබෙන බලය පිළිබඳ ප්‍රේක්ෂක විශ්වාසය
ආදිය හේතු වේ.
ටීවී ඇස පිනවීම ප්‍රමුඛ කරගත් මාධ්‍යයකි. එබැවින්
රියැලිටි වැඩසටහනක සියලුම දර්ශන ප්‍රේක්ෂකයාගේ දර්ශනවාදය වර්ධනය කරන ආකාරයට සැලසුම් කර ඉදිරිපත් කරයි. ඇතැම්විට රහස්
කැමරා මගින් පවා රූගත කිරීම් සිදුකරනු ලබයි.
- ප්‍රජාතන්ත්‍රවාදී බව
එනම් කැමැත්ත මත තරග කරුවන් විනිශ්චය කිරීම්ට යොමුවේ.
ඒස්.ඒම්.ඒස් මනාප ලබා දීම හරහා ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
- සැඟවුණු න්‍යාය පත්‍රයක් පැවතීම
ලංකාව
වැනි බොහෝ රටවල රූපවාහිනී කාල පරාසයෙන් වැඩි කාල පරාසයක් ලබාගන්නට රියැලිටි
වැඩසටහන් සමත්ව ඇත. බැලූබැල්මට ප්‍රජාතන්ත්‍රවාදය,බහුතර කැමැත්ත ඇති බව පෙනුනද ඒ
තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් පවතී
- තරගකරුවාගේ පෞද්ගලිකත්වය හෙළි කරනු ලැබීම
රියැලිටි වැඩසටහන් තුළ දක්නට ලැබෙන ප්‍රබල
ලක්ෂණයක් ලෙස මෙය හඳුනා ගත හැකිය. එනම් තරගයක් තුළදී එම තරගකරුවාගේ දක්ෂතාවය විනා
ඔහුගේ පෞද්ගලිකත්වය කිසිසේත් අදාළ නොවේ. නමුත් රියැලිටි වැඩසටහන් තුළදී තරගකරුවාගේ පෞද්ගලිකත්වය වරින්
වර මතු කරමින් ඒ කෙරෙහි ජනතාවගෙ අවධානය යොමු කරවීමට උත්සාහ දැරීම්ක් දක්නට ලැබේ.
එහිදී තරගකරුවාගේ පවුල් පරිසරය, ආර්ථික තත්වය, සමාජ තත්වය,අධ්‍යාපනය ආදී පෞද්ගලික තොරතුරු රාශියක් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි ඒ තුළින් ජනතාවට
නොදැනී ම එනම් වක්‍රාකාරව ඒ කෙරේ පෙළඹවීම්ක් සිදු කෙරේ. උදාහරණ ලෙස-
- sirasa superstar season one අවසානනයේ දී තරු දෙකක් ජනප්‍රිය වූ අතර එක් අයකු ශිහාන් මිහිරංග ය. අනෙක් පුද්ගලයා අජිත් බණ්ඩාරය එහිදී අජිත් බණ්ඩාරව පෙන්වනු ලැබුවේ දුප්පත් වඩුවෙකු ලෙසයි.
- dream star season 2 සුපිරි තරුව සසිඳු විජේසේකර ව අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දුප්පත් පවුලක තරුණයකු ලෙස පෙන්වීම් ඔහුගේ නිවෙස වටපිටාව ආදිය පෙන්වීම.
- ජනප්‍රිය තරු බිහිවීම
රියැලිටි වැඩසටහන් වටා එක්වන තරගකරුවන් වටා විශාල ජනතාවක් රැස්වන ආකාරයක් දැක ගත හැකිය.
මෙහිදී මොවුන් ජයග්‍රහණයට වඩා ජනප්‍රිය පුද්ගලයන් බවට පත්වේ. එහිදී මේ හේතුකොටගෙන
එකී ජනප්‍රියත්වය මොවුන් දිගින් දිගටම පවත්වාගෙන යමින් ජනතාව අතර රැඳී සිටී.
උදාහරණ ලෙස-
- ශිහාන් මිහිරංග ඔහු ජයග්‍රහණය නොකළ ද පසු පසුකාලීනව ජයග්‍රහණයට වඩා ජනප්‍රියත්වයක් ලබා ගත් අතර පසුකාලීනව එම වැඩසටහන් වල විනිශ්චය කටයුතු පවා සිදු කරනු ලැබීය.
- තරුණ බව හා ආකර්ෂණය
රියැලිටි වැඩසටහන් බොහෝවිට සකස් වන්නේ වයස අවුරුදු 16 - 25ත් අතර තරුණ
තරුණියන් අරමුණු කරගෙනය. ආරම්භක අවස්ථාවේ
සිටින තරගකරුවාගේ ස්වරූපය හාත්පසින්ම වෙනස් වූ ස්වරූපයක් තරග අවසානයේ දී දැකගත
හැකිය. බොහෝවිට රියැලිටි වැඩසටහන් වලට
පැමිණෙන්නේ ගම්වල තරුණ තරුණියන්ය. කලක් ගතවන විට නාගරික ලක්ෂණයන්ට හැඩගැසීම ඇඳුම්
පැළඳුම්, කොණ්ඩා මෝස්තර , හැසිරීම් ආකර්ෂණීය මට්ටමක පවතී.
උදාහරණ ලෙස-
- රවීන් කනිෂ්ක, ශෙහාන් මිහිරංග
ආදී
පුද්ගලයන්ගේ බාහිර පෙනුම කෙරේ විශාල පිරිසක් ආකර්ෂණයය විය. එසේම දෙරණ ලිට්ල්
ස්ටාර් තරගයට සහභාගි වන කුඩා දරුවන් හුරුබුහුටි දරුවන් සහභාගී කරවා ගැනීමෙන්
ආකර්ශනය දිනා ගනු ලබයි.
- ලංකාවේ සිටින ජනප්‍රිය තරු සහභාගි කරවා ගැනීම
රියැලිටි වැඩසටහන් විනිශ්චය කිරීම සඳහා ජනප්‍රිය
තරු සහභාගී කරවා ගනු ලබයි. ඒ තුළින් තරගකරුවාට යම් උත්තේජනයක් ලබා දීම ඒ වටා
රැස්වී සිටින ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරයි.
තරගකරුවන්ගේ
දක්ෂතා අගය කර ඒ හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීම සිදු කරනු ලබයි.ඒ තුළින් වක්‍රාකාරව ජනයා ඇද බැඳ තබා ගැනීමට සමත්
වේ. නිතර අසන්නට ලැබෙන විනිශ්චයට වඩා මේ
වෙනස් විනිශ්චයකට ගෙනයාම
උදාහරණ ලෙස දක්වන්නේනම් -
dreeam star - සමිතා මුදුන්කොටුව,
කීර්ති පැස්කුවෙල්, නදීක ගුරුගේ
No comments:
Post a Comment