Wednesday, October 9, 2019

ස්ත‍්‍රීත්වය නිවනට බාධාවක් ද ?

මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප‍්‍රචාරය ශ‍්‍රී ලංකාවේ සාර්ථක වූ බැවින් දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයාගේ බිරිඳ වූ අනුලා දේවියට භික්ෂුණී ශාසනයට ඇතුළු වීමේ අවශ්‍යතාව මත දේවානම්පියතිස්ස රජු විසින් අශෝක අධිරාජ්‍යයාගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස සංඝමිත්තා තෙරණිය ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැුගෙන ලංකාවට වැඩම කළායග අනතුරුව සංඝමිත්තා තෙරණිය විසින් අනුලා දේවිය ඇතුළු රාජකීය ස්ත‍්‍රීන් පන්සියයකට පමණ පැවිදි උපසම්පදාව ලබා දී භික්ෂුණී සසුන මෙරට ඇති කිරීමට පසුබිම සකස් කළ බව ඉතිහාසයේ සඳහන් වේග

බුදුසසුන ශ‍්‍රී ලංකාව තුළ එලෙස ස්ථාපනය වූ අතර බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් දෙකක් බවට පත්වී තිබෙන  දළදා වහන්සේත්, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේත් මෙරටට රැුගෙන පැමිණියේ ස්ත‍්‍රීන් දෙදෙනකු වීම සුවිශේෂයග සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනය සිහිකරනු වස් උඳුවප් පෝය දිනය වෙන්කර පිංකම් පැවැත් වුව ද  භික්ෂුණී ශාසනය වෙනුවෙන් අද කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම කණගාටුදායකයග සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් රැුගෙන ආ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මළුවට යෑම ස්ත‍්‍රීන්ට තහනම් වීම හාස්‍යජනකයග

පන්සලකට යන ස්ත‍්‍රියකට පිරිමියෙකුට නොමැති තහංචි තිබේග දළදා මාළිගාවට යන බෞද්ධ ස්ත‍්‍රීන්ට පුරුෂයන්ට වඩා තහංචි තිබේග හේමමාලා කුමරිය විසින් රැුගෙන ආ බව කියැවෙන දළදා වහන්සේට වතාවත් කිරීමට හා පූජාවන් කිරීමට ස්ත‍්‍රියට තහංචි පනවා තිබේග සංඝමිත්තා තෙරණියට හේමමාලා කුමරියට රැුගෙන එන්නට හැකි ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ සහ දළදා වහන්සේ සමීපයට ගොස් වන්දනාමාන කරන්නට ස්ත‍්‍රියකට අද වනවිට නොහැකිව ඇත්තේ බෞද්ධ දර්ශනය ආගමක් බවටත්, ඇදහිල්ලක් බවටත්,  මිථ්‍යාවක් බවටත් පත්ව ඇති නිසායග 

බුදුන් වහන්සේ විසින් ස්ත‍්‍රීන් වෙත එදා ලබාදුන් ස්ථානය අද වන විට අහෝසි වී ඇතග අද වන විට ලංකාවේ බෞද්ධ ස්ත‍්‍රිය ද හතර පෝයට සිල් ගන්නාල සීලය පිළිබඳල නිවන පිළිබඳල භක්තියක් ආශාවක් ඇතිකරගන්නා ලද බෞද්ධ දර්ශනය නොව ආගම භක්තියක් කරගත් ඇදහිලි කරන පිරිසකිග ටෙලිවිෂන් වලින් බණ අහන, ජනප‍්‍රිය ධර්මදේශකයන්ගේ  බණට සාධුකාර දෙන, අර්ථයට වඩා හැඟීම්වලින් මෙහෙයවනු ලබන පිරිසක් බවට පත්ව සිටින්නේ ඔවුන්ගේ වරදින් නොවේග ඔවුන්ට ආගමක් ලෙස මෙය අර්ථකථනය කොට ඉදිරිපත් කර ඇති නිසායග 
අද වන විට ඉන්දියානු දේවවාදී ආකල්ප පිරි සමාජයක් නිර්මාණය වී ඇතග දෙවියන් ඉදිරියේ ස්ත‍්‍රීන් කිළිටි යග එකී දුර්මතයන් අද බෞද්ධ ආගමික සමාජය පුරා තදින් පැතිරී තිබේග මාසිකව ඔසප් වන ස්ත‍්‍රියකට නිවන් දකින්නට නොහැකි යැයි බුදුන් වහන්සේ වදාළේ නැතග උන්වහන්සේ ප‍්‍රජාපතී  ගෝතමිය මහණ වන්නට අවසර ඉල්ලූ විට  ස්ත‍්‍රියකට මහණකමේ දී  ඇතිවිය හැකි පීඩාවන් සහ දුෂ්කරතා අවබෝධ කර දුන්නේ එය දුෂ්කර ක‍්‍රියාවක් බැවිනිග සුව පහසු නැති ගල්ගුහාවල සහ ගස් යට සිටිමින් භාවනා කිරීම සැප විහරණ ලද ස්ත‍්‍රියකට අසීරු බව පහදා දුන්හග එහෙත් ප‍්‍රජාපතී ගෝතමිය සියලූ සුඛ විහරණ ඉවත දමා තමන්ට ඒ සියලූ දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි බව ක‍්‍රියාවෙන් ඔප්පු කර සිටියා පමණක් නොව නිවන් මග සලසා ගන්නට තරම් ස්ත‍්‍රියකගේ  සිත ශක්තිමත් බව ද ඔප්පු කර සිටියායග එමඟ ගත් තවත් බොහෝ ස්ත‍්‍රීහු සිටියහග නිවනට ඔසප් වීම බාදාවක් වූයේ නැත.  

වර්තමානය වන විට භික්ෂුණී ශාසනය මෙන් ම බෞද්ධ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය ද පුරුෂයන් විසින් අරක්ගත් ඇදහිල්ල තුළ ගොදුරු බවට පත්ව ඇතග වර්තමානයේ ජනප‍්‍රිය ධාරාවේ කටයුතු වලට ඉමහත් ඇල්මක් දක්වන, ආධ්‍යාත්මික කාරණා වෙනුවට භෞතික කාරණා සඳහා ප‍්‍රමුඛත්වයක් දෙන තැනට බෞද්ධ ආගම විකාශය වී ඇතග නූතන ලෝකය තුළ සමාජය යන ආකෘතිය සහ එහි සන්දර්භය පුද්ගල ඒකක බවට පත්වෙමින් යන මොහොතක බෞද්ධ සමාජය සහ බෞද්ධ ස්ත‍්‍රිය යනු සංකල්පයක් පමණිග 

අද වන විට බෞද්ධ භික්ෂුණියක් බණකට ආරාධනා ලබන්නේ නැතග ධර්ම දේශනා සඳහා මාධ්‍ය ආයතන තුළින් හෝ ලබන කැඳවීම් ඉතා අල්පයග බෞද්ධ භික්ෂුණීන්ට පන්සල් නැතග ඇත්තේ ආරාම පමණිග බෞද්ධ භික්ෂූන් ලබන වරප‍්‍රසාද භික්ෂුණීන්ට අහිමියග බෞද්ධ ජනතාව පංචශීලයෙහි පිහිටුවීමට භික්ෂුණියට ලැබෙන ඉඩ අල්පයග භික්ෂුණී ශාසනය පිහිටුවා ඇතත් පිළිගැනීමක් නැතග මෙවන් පසුබිමක බෞද්ධ සමාජය තුළ ස්ත‍්‍රියකගේ භූමිකාව වන්නේ සිල් ගැනීමල උවටැන් කිරීමල ආහාර පිසීමල දානමාන ආදිය සැකසීමල සාධුකාර දීම පමණිග 

වර්තමානය වන විට බෞද්ධ දර්ශනය මිථ්‍යාකරණයට ලක්ව ඇතග බුදුන් වහන්සේ ඉදිරියේ අතිශය පෞද්ගලික භෞතික කාරණාවන් අයදිමින් වන්දනාමාන කරන ජනතාවක් මෙන් ම උතුම් සම්බුදු තෙමඟුුල කානිවල් එකක් බවට පත් කරගත් සමාජයක් නිර්මාණය වී හමාරයග ඊට ම උල්පන්දම් දෙන මාධ්‍ය ආයතන ධාතුන් වහන්සේලා වඩම්වා බෞද්ධ ජනතාව අඳුරට මිථ්‍යාවට ඇද දමමින් සිටීග 

අද බෞද්ධ සමාජය වියැකී ගොස් වාණිජකරණයේ ගොදුරක් බවට පත්ල මිථ්‍යා ඇදහිලිවලින් ගහණ ආගමක් ස්ථාපිත වී තිබේග මෙම  වාණිජකරණය වූ බෞද්ධ සමාජය තුළ බෞද්ධ ස්ත‍්‍රිය පත්ව ඇත්තේ බෝධියක් අසළට ගොස් දරුවන්ගේල සැමියාගේ සහ  පවුලේ සුඛ විහරණ වෙනුවෙන් පූජාවන් පවත්වන තම දුක් අඳෝනාවන් පවසා සිත සැහැල්ලූ කරගන්නා තත්ත්වයකටයග උඩ මළුවට යන්නට අයිතියක් නැති දන්ත ධාතුන් වහන්සේ දැකගන්නට පූජා පවත්වන්නට ඉඩක් නැති ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීහු බෞද්ධ නාමයෙන් ධාතු පෙන්නන පෝළිම්වල පුද පූජා පිංකම්වල සාධුකාර දෙමින් සෑහීමකට පත්වෙතිග වර්තමානයේ බෞද්ධ සමාජය යනු නාමකරණයක් පමණිග ඒ තුළ බෞද්ධ ස්ත‍්‍රිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පන්සල් යන බෝධිය වදින පිරිසක් පමණයග එකී ස්ත‍්‍රියට නිවන් මග බොහෝ ඈතයග 
           

Wednesday, July 31, 2019

තනිකම

සද එළියේ ලොව සොයන
තරු වියනේ ලොව සොයන
නිශාචර ළදකි මා - ඒ රැයේ
මුදු සිතින් ඔබට ලං වන

අදුරේ පමණය උරුම සෙනෙහස
පියවි ලොව මට වරම් නෑ ....
හිරු එළියේ ලොව දකින්නට  මම
පෙරුම් නොපුරනා දිනක් නෑ.....

ළමැද සෙනෙහස  අඩුවකුත් නෑ
නෙතග කදුළැලි අඩුවකුත් නෑ.....
මගේ සෙනෙහස බෙදා දුන්නද
තනිකමේ අඩුවකුත් නෑ.......




Monday, July 29, 2019

මාධ්‍ය මගින් නිරූපිත ස්ත්‍රිය




ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත අවධානය යොමු කිරීම්දී අපට එය විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය යනුවෙන්  කොටස් දෙකකට වර්ග කළ හැකිය. විද්‍යුත් මාධ්‍ය ලෙස රූපවාහිනිය ,ගුවන්විදුලිය, සිනමාව දැක්විය  හැකි අතර මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත්, සඟරා, පොත්පත් ආදිය සඳහන් කළ හැකිය. ඊට අමතරව වර්තමානයේ පවතින නව මාධ්‍ය යනුවෙන් හඳුන්වනු ලබන වෙබ් අඩවි ,blog, facebook ,youtube  ආදිය භාවිතයේ සීග්‍ර වර්ධනයක් තරුණ පරපුර අතර දැකගත් හැකිය.

මාධ්‍ය තුළ  ස්ත්‍රීන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට එය මාධ්‍ය විසින් නිරූපණය කරන ආකාරය හා  මාධ්‍ය ආයතන තුල ස්ත්‍රී නියෝජනය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ විග්‍රහ කළ හැකිය. මෙහිදි අවධානයට ලක් කරනුයෙ ස්ත්‍රීන් මාධ්‍ය විසින් නිරූපණය කරන ආකාරය පිළිබදවය.

ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අතර ප්‍රභලතම ස්ථානය  රූපවාහිනිය හිමි  කරගෙන තිබෙන අතර එහි ජනප්‍රිය මාර්ගය වන ටෙලිනාට්‍ය හා ඒ අතරතුර විකාශනය වන ප්‍රේක්ෂකයාට බලෙන්ම නැරඹීමට සලස්වන වෙළඳ දැන්වීම් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වටී.  දැන්වීම් බොහෝමයක මූලික ඉලක්කය ස්ත්‍රීන් හා දරුවන් වන අතර එම දැන්වීම් වල නිරූපණ  කටයුතු වලට ස්ත්‍රීන් යොදා ගන්නා ආකාරය සලකා බැලීමේදී පෙනී යන්නේ එය හුදෙක් වෙළඳ භාණ්ඩයක් ලෙස හෝ ලිංගික අරමුණක් ඇති ව යොදා ගන්නා ආකාරයයි. ස්ත්‍රීන්ට කිසිදු අදාළත්වයක් නොමැති භාණ්ඩ අලෙවි කිරීමට පවා ස්ත්‍රී රුව යොදා ගනි. මෙහි ඛේදජනක තත්වයනම් ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම හා ස්ත්‍රී සිරුර අසභ්‍ය ප්‍රකාශන සඳහා යොදා ගැනීමයි.

පුංචි දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සිංහල හඬ කැවූ කාටුන් වැඩසටහන් වල ද එහි ඇතුළත් සැබෑ දෙබස් වෙනස් කර ඒ වෙනුවට ස්ත්‍රීන් පිළිබඳ අඩු තක්සේරුවක් ඇති කරන අවකැපෙන දෙබස් ඇතුළත් කරමින් කුඩා කල සිටම ළමුන්ගේ මනසට ස්ත්‍රීන් පිළිබඳ වැරදි ආකල්පයක් ගොඩනැගීමටද  උත්සාහ දරයි.

විකාශනය වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට දෙස අවධානය යොමු කළද ඒවා තුළත් අපට බොහෝ විට හමුවන්නේ සාම්ප්‍රදායික භූමිකා තුළ සිර වූ නිතරම හඬන දොඩන බුද්ධියට වඩා හැඟීම් වලට මුල් වී ක්‍රියාකරන බොළඳ ස්ත්‍රී චරිතය. රටේ පවතින සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අභියෝග ගැටලු පිළිබඳ  විශ්ලේෂණය කිරීමක් බොහෝ නිර්මාණ හරහා සිදු නොවේ.

පුවත්පත හා බොහෝ සගරා දෙස අවධානය යොමු කළ ද එහි තත්වය මීට සමානය පුවත්පතක ස්ත්‍රියට මුල් පිටුවක පුවතකට ඇතුලළත්  වීමට හැකි වන්නේනම් එය හිංසනයකට, අතවරයකට ලක්වී මරණයට පත් වුවහොත් පමණි. ඇගේ ශක්තිය ධෛර්යය වැඩි කරගැනීමට හේතු වන ලිපි ආදර්ශ චරිත ආදිය පළ කරනවා වෙනුවට බොහෝ පුවත්පත් තුළින් සිදු වන්නේ තවත් සමාජයේ මුල්ලට තල්ලු කරන සහ ස්ත්‍රීන්ට අවාසිසහගත මතිමතාන්තර පතුරුවා හැරීම සිදුකරන ලිපි, කතා ,වාක්‍ය, කාටුන් ආදියට වැඩි ඉඩක් ලබා දීමයි. එසේ නැතහොත් සමාජය අනුකම්පාව ලැබිය යුතු කොටසක් ලෙස ඒත්තු ගැන්වීමයි

මාධ්‍ය මගින් නිරන්තරයෙන් මෙවැනි අදහස් කාවැද්දීම මගින් ඒවා සමාජයේ යථාර්ථය ස්ත්‍රීන්ගේ උරුමය බවට බොහෝ දෙනා තුළ වැරදි වැටහීමක් ඇති විය හැකිය. මාධ්‍යට මිනිස්සුන්ගේ හැඟීම් අදහස් මෙහෙයවීමට සමාජය පාලනය කිරීමට ලැබී තිබෙන හැකියාව මෙවැනි පසුගාමී ස්ත්‍රීන්ට හානිකර මතවාද ප්‍රචාරය කිරීමට යොදා ගැනීම තුළින් ස්ත්‍රීන්ගේ සැබෑ ප්‍රතිරූප  නිර්මාණය වීමක් හෝ ඇයට සාධාරණය ඉටු වීමක් සිදු වන්නේ නැත.

සාහිත්‍යය ඇතුළු මේ  ක්ෂේත්‍රයක් තුළම තුළම ස්ත්‍රීන්ට අවාසි සහගත ලෙස නිර්මාණ බිහි වීමට මූලික හේතුව වී ඇත්තේ සමාජයේ ස්ත්‍රීන් පිළිබඳ මුල්බැසගෙන ඇති වැරදි ආකල්ප හා ඒ තුළ හැදී වැඩුණු පිරිමි නිර්මාණකරුවන් මේ බොහෝ නිර්මාණ වලට දායක වීමත් ය.

ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කරන ස්ත්‍රීන්ට හානිකර සාම්ප්‍රදායික ආකල්ප( අභියෝග් භාර නොගත යුතු, ස්ත්‍රීන් පවුලේ පිරිමි ප්‍රධානීන් විසින් මෙහෙයවිය යුතු ,ඔවුන්ට යටත් විය යුතු, දේශපාලන හා සමාජ කටයුතු වලට නොයා යුතු) මතවාද අභියෝගයට ලක් කරන නිර්මාණවල අඩුවක් අපේ සමාජයේ පවතී. ඒ සදහා තරමක හෝ උත්සාහයක් ගත් වැඩසටහන් සුළු ප්‍රමාණයක්ද දැකගැනීමට හැකි අතර ඒ සඳහා විධායක ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම ආදිය සඳහන් කළ හැකිය.

සුළු වශයෙන් හෝ වේවා ස්ත්‍රීන්ගේ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් වෙන් කරන මාධ්‍ය  අවකාශ බව සඳහන් කළ යුතුය. රූපවාහිනිය තුළ මෙන්ම ගුවන් විදුලිය සහ පුවත්පත් වලද මෙම ප්‍රවණතාව වර්ධනය වෙමින් පවතී. තවදුරටත් මේ පවතින ඉඩකඩ පුළුල් කර ගැනීම් අභියෝගයකි.

මෙ විට ස්ත්‍රීන් විවිධ ජයග්‍රහණ ලබා ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රධාන භූමිකාවක් උසුලමින් පිරිමින් හා සමානව කරට කර ඉදිරියට ගමන් කරමින් සිටීයි. ඇය ලබන මේ ජයජයග්‍රහණ ඇගේ බුද්ධිමත්භාවය කාර්යශූරත්වය මාධ්‍ය මගින්  ප්‍රතිනිර්මාණය කිරීම් මානව  හිතවාදී මාධ්‍යයන්හි වගකීම හා සමාජ සංවර්ධනය මාධ්‍ය කාර්යභාරය ඉෂ්ට කිරීමකි.

Sunday, July 28, 2019

ගම්පෙරළිය කතාවෙහි නිරූපිත ස්ත්‍රිය





1944 ලියැවුණු  ගම්පෙරළිය නවකතාව වෙළඳ පන්තියේ නැගිටීම  ගැන සංකේතාත්මකව කතාබහට ලක් කරන මෙරට සිංහල  නවකතාවේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. කතුවරයා කතාවට පාදක කරගන්නා  කාල වකවාවකවානුවේ දී මෙන් ම නවකතාව ලියූ කාලවකවානුවේදී ගැැමි පරිසරයේ කාන්තාව තම සිතැඟි ලෙස ක්‍රියා කිරීමට වරම් නොලද්දේය. පියා  සැමියා මෙන්ම වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා පිරිමි සහෝදරයා ඇයගේ ජීවිතය පිළිබඳ තීන්දු තීරණ ගන්නා බලධාරියා වූයේය. පවුලේ බාලයා වූ පවුලේ එකම පිරිමි දරුවාගේ කැමැත්ත අකමැත්ත ඔහුගේ අක්කාගෙ දෙවැනි විවාහයට අවශ්‍ය කාරණාවක් ලෙස මාතර හාමිනේ සලකයි. පියල්ගේ ව්‍යාපාර වල දියුණුව ගැන ලියා එවීමෙන් තමා  එම විවාහයට අකමැත්තක් නැති බව හඟවයි.  ඒ හැඟවීම්  මාතර හාමිනේ මෙන්ම අනුලාගේ ද සිත් තුළින් නන්දාග ගේ විවාහය පිළිබඳ සැක බිය තුරන් කරයි.

කයිසාරුවත්තේ මුහන්දිරම්  සිය ආධිපත්‍යය පවුල තුළ මුදා හරින්නේ  සීතල දිය පහරක් පවුලේ සියල්ලන් වෙත හරවනවා වැනි විලාසයකිනි. විවාහ වුවා වින් පස්සේ 20 වසක් පුරාම ඔහු කෙදිනකවත් තම බිරිඳට බැණවැදුණු බවක් හෝ කෝපයෙන් රවා බැලූ බවක් හෝ මතකයට ගන්නට බැරි බව පවසන මාර්ටින් වික්‍රමසිංහ සූරීන්  කතිරිනා ට ණය දීම සම්බන්ධයෙන් මාතර හාමිනේගෙන් ප‍ශ්න කරවන්නේ කයිසාරුවත්තේ අධිපතිභාවය  තමාට පටවමිනි.

 සැමියාගේ අනසක යටතේ ජීවත්වන මාතර හාමිනේ මෝඩ ගැහැනියක් නොවේ.  කතිරිනා නන්දා ගැන පියල් ගේ විවාහ යෝජනාව  ඉදිරිපත් කළ ඇසිල්ලෙහි ඇගේ මුවගට නැගුනේ

"උන්ට කවුද හිර දෙන්නෙˮ යන කියමන

වික්‍රමසිංහයන්  ගැන මෙසේ කියයි. "මාතර හාමිනේ ට කියවුනේ ඒ වෙලාවෙහි ඇගේ හිසට නැගුණු කුල ගෞරවය නිසාය. කුළ ගර්වයට වහල් වුවද මාතර හාමිනේ  ඊට මුවාවී අනුනට නින්දා නොකළාය. පියල් විසින් හෝ ඔහුගේ මව විසින් හෝ මේ යෝජනාව කළේ නම් මාතර හාමිනේ ඔවුන්ගේ සිත් නොරිදෙන ලෙස බොරුවක් කියා එය බැහැර කරනු නිසැකය.

ගම්පෙරළියේ දී අපට හමුවන මාතර හාමිනේ තමන්ගේ  පරම්පරාවේ පවුලේ නම්බුව රකින්න සඳහා වෑයම් වන්නියකි. ඒ කාරණයේදී ඇය මෝඩ ගැහැනියක ලෙස ක්‍රියා නොකරයි. බොරුවක් කීමට පවා පෙලඹේ. පියල් නන්දාට ලියුම් දීම පිළිබඳ සිද්ධියේදී මාතර හාමිනේ ඉතා ශූර ලෙස ඒ සිද්ධියට මුහුණ දීම පමණක් නොව තම සැමියාට  ලියුම් ගැන වගක් නොකියා යෝජනාවක් කර ඇති බව ප්‍රකාශ කරමින් පියල් හා නන්දා අතර වූ ප්‍රේමය රහස් කොට ගනී. සැමියා ඉදිරියේ හැසිරෙන මේ ගැහැනිය තම දියණිය නන්දා ඉදිරියේ ඉතා බුද්ධිමත් මවක ලෙස ක්‍රියා කරයි. පියල් නන්දාට ලියුම් දුන් වග නන්දාගේ කටින් ම හෙළිදරව් කරගන්නට තරම් මාතර හාමිනේ දක්ෂ වෙයි. වික්‍රමසිංහයන් මේ ගැහැනු චරිතය පඹයකු ලෙසින් පිරිමියාගේ මතයට අනුව වැන්නෙකු නොවේ. කයිසාරුවත්තේ ගෙදර සිටියදී ඔවුන්ගේ එකම පුතු තිස්ස දුම්රියපලට ඇරලවන්නට යන්නේ මාතර හාමිනේය. ඇය වගකීම බාරගන්නේ කෑමොර දෙමින් නොවේ. මියගිය පසු නැති බැරිකම් ද සමගින් දරුවන් හා තනිවූ මාතර හාමිනේ තරුණයෙකු වූ තිස්සේ ගේ අනාගතය ගැන සිතන්නේ ක්‍රියාකරන්නේ කලබලයකින් තොරවය. ගමේ නරක තරුණියක යැයි නම ගිය ලයිසාගෙ ගෙදරට තිස්සගේ ගමන් බිමන් තහනම් කරන මාතර හාමිනේ එහිදී තමා අධිපති භාවය පෙන්නුම් කරයි. ගෙදර අගහිඟකම් කොතෙක් තිබුණද මුහන්දිරම් ගේ ලියන පෙට්ටිය සහිත මෙසේ විකිණීම ප්‍රතික්ෂේප කරයි.

"මේ ලියන මේසේ එහි ඇතුළු ලාච්චුවක වූ කතිරිනා විසින් මුහන්දිරම් ට දුන් ලියුම් තුනක් අතට අසුවෙලද මාතර හාමිනේ කි‍රියාකරන්නේ සිහිනුවණින්ය. කතිරිනා ගෙ දුව ලයිසා ගේ නිකටත් දෙතොළත් ගැන සිහිකරන මාතර හාමිනේ කතිරිනා  හා මුහන්දිරම් අතර තිබෙන්නට ඇති හාදකම ගැන කෝප වී දුක් වෙයි. එහෙත් ඒ නිසා කලබල ඇති කර නොගනී. ඈ කලේ තම පුතුට කතිරිනා ගේ ගෙදරට නොඑන ලෙස තර්ජනය කිරීමයි.

ගම්පෙරළිය නවකතාවේ දී අප හා එක්වන මෙ ස්වාමිදුව මහාගෙදර මාතර හාමිනේගේ චරිතය වික්‍රමසිංහයන් ගොඩනගා ඇත්තේ ගැහැනිය පිළිබඳ සම්බන්ධ පැරණි මතිමතාන්තරවලින් ඔබට ගොසිනි. එදා ගැමි සමාජය හි කාන්තාව සිත්පිත් නැති අත්පය ඇති පියාගේ ස්වාමිපුරුෂයාගේ  පුත්‍රයාගේ අණසක ක්‍රියාත්මක වන රූකඩයක් ව සිටියා ය. එහෙත්  ගම්පෙරළියේ දී අපට හමුවන කාන්තා චරිත අතර විශේෂ මාතර හාමිනේ, නන්දා, අනුලා යම් යම් තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන පරාජය අභිමුඛ උකටලී නොවන චරිත්යන්ය.
නන්දාගේ සැමියා වූ ජිනදාස වෙළඳාමක් කරනු පිණිස බිබිලේ ගිය ද ඔහුගෙන් තොරතුරක් නැතුව ගෙවුණු කාලයේ දී නන්දා හා පියල් අතර කෙමෙන් වැඩෙන සම්බන්ධයක් ගැන වික්‍රමසිංහ සූරීන් මනා සංයමයෙන් යුතුව කරුණු ඉදිරිපත් කරයි. පියල් රුපියල් විසිපන් දාහක දේපල ලියා දෙන බව පවසමින් නන්දා තමන්ගේ නිවසේ පදිංචියට එන ලෙස දැන්වීම සමග නන්දාගේ මෙන්ම අනුලා ගේ කෝපය ඇවිස්සී නන්දා ඔහුට බැන වදියි. ඒත් අනුලා ඔහුට  බනින්නට සූදානම් වීම ඇය වළක්වා එම යෝජනාව කළේ දෙවනුව කසාද බැඳ ගන්නා අදහසින් බව නන්දා කියයි. අනුලා කියන්නේ පියල් එවැනි යෝජනාවක් තමන්ගේ පවුලට කිරීම නොවටිනා බවයි.අක්ක නගෝ සත්‍යයට මුහුණ දෙති. නන්දාගේ තීරණය වලක්වන්නේ ජිනදාස තවමත් ජීවත්ව සිටියි ද යන ප්‍රශ්නයයි.

"දික්කසාද වෙන්න නඩු දානවා නේද අම්මා කැමතිනම්ˮ

අනුලා ඉතා ආවේගකාරී පිළිතුරක් ඉදිරිපත් කරයි. ගැමි කුල කතකගෙ කුලෑටි කම සිතැඟි වසන් කරමින් ජීවත් වීමේ කුහක පිළිවෙත් මෙන්ම ජීවිතයේ ගැටළු ඉදිරියේ තොන්තුවාවෙන් සිටිම වැනි ගතියද වික්‍රමසිංහයන් අනුලා වෙතින් ඉවතට ඇද දමා ඇත. ඔහු මවන්නේ දඩබ්බර ගැහැනියක නොවේ. නුවණින් ක්‍රියා කිරීමට සමත් එඩිතර පියවර ගැනීමට බිය නැති ගැහැනියකි.

රත්නපුරේ රෝහලේදී මළසිරුර දකින නන්දා දෑසින් වැටෙන කඳුලු වලට ඉඩ හැරි නමුත් සිතේ ඇතිවූ කම්පනය පිටතට නොපෙන්වන්නට සමත්වූවාය. නන්දා රත්නපුර තානායමෙහි සිට පසුදා පියල් ගේ මව ද සමගින් එක්වී ජිනදාසගේ භූමිදාන කටයුතු කර තම යුතුකම ඉටු කර ගම බලා පිටත් වන්නට තරම් ශූර හා අවස්ථාවට උචිත ලෙසින් කටයුතු කිරීමෙහි දක්ෂ කාන්තාවක්ය. මෙහිදී පියල් ගේ මව මෙන්ම නන්දා ද මේ පුවත පියල්ට  දැන්වීමට ඉක්මන් නොවෙයි. දෙදෙනාම තීන්දු කරන්නේ ව්‍යාපාර කටයුතු අවසන්ව ගෙදර ආ දිනෙක ඒ පිළිබඳ පුවත ඔහුට දැන්වීමටය. මරණය පිළිබඳ විස්තර දැන්ගන්නා පියල්ගෙ මුවගට නැගෙන්නේ නන්දාගේ සිත බිඳවන  කියමනකි.

"ඒහෙනම් පාංශුකූලේ දී ජිනදාස භූමිදාන කොට අවසන් ගෞරවය දැක්වූවේ මගේ සල්ලි වලින්ˮ

නන්දා මේ කියමනේ කෝප වේ. ජිනදාස පිළිබඳ ඇගේ ශෝකය යටපත් වී ඇය ඇඳට ගොස් කල්පනා කරයි. පියල්ද ඔහුගේ මවද වෙනුවෙන් ඇය තුළ නැගෙන කෝපය යටපත් කර ගන්නේ තම කුල ගර්වය නිසා යැයි කතුවරයා කියයි.

නන්දාගේ කෝපය පියල් වහා හඳුනා ගනියි. ඔහු නන්දාගෙන් සමාව ඉල්ලයි. තමාට තරහා ගිය බව පවසයි. තමාට ඒලෙස තරහ ගියේ තමා නන්දාට තදින්ම ආලය කරන නිසා බව පියල් කියයි.  නන්දා තම දෙනෙත් අඩවන් කර ගනිී. නිහඬව හිඳියි නන්දා මෙතනදී තම කෝපය සමග දිගින් දිගට නොසිටින්  ඇය තමන්ගේ පවුලේ සාමාජිකයන් හා තමා ද පත්ව සිටින දිරාපත් වන සමාජ තත්ත්වය ආර්ථික තත්ත්වය ගැන දැන සිටි නිසා නොවේද? අවස්ථාවට සුදුසු ලෙස ක්‍රියා කරමින් තම ආත්ම ගෞරවය පවුලේ අවදානමත් බේරාගන්නට මේ ගැහැණිය සමත් වූවා නොවේද?

අවුරුදු ජනක්‍රීඩා

සිංහල අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හදුන්වන ශ්‍රී ලාංකීක සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් වන නොව බහුතර ශ්‍රී ලාංකිකයන් ද සමරනු ලැබේ.දකුණු සහා අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින්ද එකම කාල වකවානුවක දී සමරති.මෙම උත්සවයට දෙමළ අලුත්අවුරුද්ද ,තායි අලුත් අවුරුද්ද,බෙංගාලි අලුත් අවුරුද්ද,කාම්බෝජ අලුත්අවුරුද්ද,ලාඕ අලුත්අවුරුද්ද,මියන්මාරයේ තින්ග්යන් හා ඉන්දියාවේ මරියා අලුත් අවුරුද්ද ආදී උත්සව සමග සමීප සබදතාවක් ඇත.එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි.එය සාමාන්‍යයෙන් අප්‍රේල් මස13 වන දිනහෝ14දින සමරනු ලැබේ.සිංහල නක්ෂත්‍රයට අනුව සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී නව වසර උදාවෙයි.එයින් අස්වනු නෙළීමේ කාලයේ අවසානය සනිටුහන් කිරීමද සිදු කෙරේ.තවද ඉර රේවතී නැකතෙන්අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන බවට මතයක්ද වෙයි.

අවුරුදු ජනක්‍රීඩා   
ලංකේය අපේ ජනක්‍රීඩා පිළීබදව විමර්ශනය කිරීමේදීද මුළු ලෝකයටම අභියෝගයක් හා අභිමානයක් එක් කරන්න ජාතියක් බව නොකියාම බැරිය ආසියානු රටවල ජනක්‍රීඩාව පිළිබද පර්යේෂණයක යෙදුණු මහාචාර්ය ලුඩොවයික් මහතාගේ මතයට අනුව අපේ රටේ ජනක්‍රීඩාව ආසියාකරයේ අනෙක් රට වලට වඩා වෙනස්කම් රැසක් සහිත සුවිශේෂී පසුබිමක් යටතේ බිහිව ඇති බව සදහන් වේ.සිංහල සෙසු ජාතින් හා ජන කොටස් සමග සමගියෙන් සහයෝගයෙන් එක්ව ජිවත් වීමේ කලාව ජනක්‍රීඩා හරහා ජාතියට දායාද කරන බව ජනක්‍රීඩාවන් පිළිබද පර්යේෂණ සිදු කළ බොහෝ දෙනා පෙන්වා දෙයි.

ලාංකීය ජනක්‍රීඩා බොහොමයක් ගායනය පදනම් කර ගනු ලැබූ ඒවාය.ඒවාද බොහෝ දුරට පත්තිනි දේව මෑණියන් ඇදහීමේ සංකල්පය මුල් කොට ගෙන ඇත.

‘ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට
සද බාරයි සද වට යන හාවුන්ට
මල් බාරයි මලවට යන බබරුන්ට
අපි බාරයි හත් පත්තිනි දෙවියන්ට’

මෙම ගායනය ඈත අතීතයේ බක්මහා ක්‍රීඩාවක් ආරම්භ කරන විට සියලු දෙන එකට එක්ව ගයන්නක් වෙයි.ඒ අනුව ක්‍රීඩාවන්ට එකතු වන සියලු දෙනා එක්ව පත්තිනි දෙවියන් සිහිපත් කිරීමත්,ඇදහීමත් දේව භක්තියෙන් ක්‍රීඩාවට පිවිස ජය පරාජය සමව විද දරා ගන්නට ප්‍රතිඥා දීමත් සිදු කරයි.එසේම ක්‍රීඩාවේ යුතිගරුකභාවය ආරක්ෂා කර ගන්නට තමන් තමන්ටම ප්‍රතිඥා දීමක්ද මෙමගින් සිදු වේ.

එසේම අප ජනසමාජය තුල ස්ථාපිත වී ඇති බොහ ජනක්‍රීඩා කාන්තාව කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී තිබීම ද ජනක්‍රීඩාවේ ආරම්භයට පත්තිනි දෙවියන් ඇදහීමේ සංකල්පයට බොහෝ දයාත්වය ලබා දී ඇති බව පෙන්නුම් කෙරේ.ඔලිදකෙළිය,මෙවරකෙලිය,පංච දැමීම,ඔන්චිලි වාරම්,විරිදු තාල,කවිකෙලිය,රබන්කෙලිය,පනා හැංගීම වැනි ක්‍රීඩාවන් උදාහරණ ලෙස දැක්විය හැකිය.
අතීතයේදී ජනක්‍රීඩා සදහා රාජ්‍ය අනුග්‍රහය ඉහළින්ම ලැබී තිබේ. ජනක්‍රීඩාවන් වෙනුවෙන් රාජ රාජ මහා මත්‍යදීන්ගේ සමීප සබදතාවන් තිබු බව රණකාමී සීතාවක රාජසිංහ රජතුමාගේ වතගොත විමර්ශනය කිරීමේදී පැහැදිළිව සදහන් වෙයි.තමන් යටතේ විශ්වාසවන්තව සේවය කළ නිලධාරින් එම ජනක්‍රීඩාවන් රක ගැනීම සදහා පත් කර ඔවුන් දිරිමත් කළ බවට ද සාක්ෂි තිබේ.
එසේම ජනක්‍රීඩාවන් රැක ගැනීම සහා තව තවත් උනන්දු කරවීම වෙනුවෙන් වසරකට වරක් හෝ මෙවැනි තරග පවත්වා ජයග්‍රාහකයන්ට භවභෝග, තාන්න මාන්න,ගම්වර ප්‍රදානය කරන්නට එදා දවස රජ දරුවන් ක්‍රියා කළ බව ඉතිහාසයේ සදහන් වෙයි.
  •   ඔන්චිල්ලා පැදීම

ඔන්චිල්ලා පැදීම සිංහල අලුත් අවුරුදු විනෝද ක්‍රීඩා අතර මුලික තැනක් ගනු ලබයි.මෙහිදී වැල් ඔන්චිල්ලාවට හෝ කතුරු ඔන්චිල්ලාවට මුලීක තැනක් හිමි වෙයි.  මෙයිනුත් වැඩි භාවිතාවක් වනුයේ වැල් ඔන්චිල්ලාවයි එය සුභ මුහුර්තයකින් ගසක අත්තක බදිනු ලබන අතර පැදීමට පෙර අම්මා කෙනෙකු පත්තිනි පඩුරක් බැදීම සම්මතයකි.ඒ පත්තිනි පඩුර අවුරුදු සිරිත් හමාර වී පත්තිනි දේවාලයට භාර දිය යුතුය.එසේම කන්නලව් කරමින් වූ භාරය නොපිරිහෙලා ඉටු කිරීම සිරිතකි .පත්තිනි දෙවියන් යනු හින්දු ආගමේ පතිවෘතාවට අධිපති දෙවගන වශයෙන් සැලකේ.තවත් තැනක ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතිගේ අවතාරය වශයෙන්ද  සලකයි.

ඔන්චිල්ලා පැදීමේ ඉතිහාසය විමසා බලන කල ජනප්ප්‍රවාදයේ සදහන් වන්නේ මෙසේය.ඊශ්වර දෙවියන්ගේ අත්උදව්වට සිටි ඇසුර නමැත්ත ඉතාම හිතවත්ව ඊශ්වර දෙවියන්ට සැලකීම සිදු කළා.මේ අතර ඔහු දිනක් ඊශ්වර දෙවියන්ගෙන් තමන්ට වරයක් ඉල්ලා සිටියා.තමාට හොදින් උපස්ථාන කරන අසුරට කැමති වරයක් ඉල්ලා සිටින්නැයි ඊශ්වර දෙවියන් කියා සිටියා.අසුර ඉල්ලා සිටියේ අමුතුම වරයක්.ඔහු යම් කෙනෙකුගේ හිසට අත තැබූ පසු ඔහු විනාශ වී යන වරයක් ඉල්ලා සිටියා.තමාට හිතවත් සේවකයා  වෙනුවෙන් ඒ වරය ඊශ්වර දෙවියන් ලබා දුන්නා.එත් සිද්ද වුනේ නොසිතු දෙයක්.වරය ලබා ගත් අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තබන්න සුදානම් වුණා.එයින් පසුව සිද්ද වෙන දේ ඊශ්වර දෙවියන් දන්නා නිසා වහාම අසුරයන්ගෙන් මිදී දුවන්න පටන් ගත්තා.ඊශ්වර දෙවියන් අපහසුවට පත්ව සිටින අන්දම දුටු සක් දෙවියන්,ඔන්චිල්ලාවක් බැද ගෙන කාන්තාවක් විදිහට එහි පදින්න පටන් ගත්තා.අසුර එන මග තිබුන කාන්තාවක් පදින ඔන්චිල්ලාව දැක අසුර එතන නැවතුනා.මේ කාන්තාවක් මෙහෙම ඉන්නේ ඇයි තමාගේ හිසට ඇත ගසා ගෙන අසුර ඔහුගෙන්ම ප්‍රශ්න කළා.අසුර එතනම දැවී අළු වුණා.ඊශ්වර දෙවියන්ගේ ජීවිතය බේරුණා.ඔන්චිල්ලා පැදීමේ අරාම්භය ජනප්‍රවාදයේ සදහන් වනුයේ එසේය.
  • අං කෙළිය

 අවුරුදු ජනක්‍රීඩා අතර මුලික තැනක් ගනු ලබන ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව හදුනා ගත හැකිය.මෙම ක්‍රීඩාව බක් මස අවරුදු උදාවට පුර්වයෙන් සිදු කරනු ලබයි.එනම් ගමට වැසියන්ට සස්ක්‍රිකත්වය අපේක්ෂාවෙන් මෙම ක්‍රීඩා කරනු ලබයි.මෙය බොහෝ විට සාන්තිකර්මයක ස්වරුපයක් ගනු ලබයි.මෙය පත්තිනි පුජාවකි.
“සොලී වංශයේ මායා රජුට සිටි පලග නම් කුමරු පත්තිනි දේවිය සමග විවාහ විය.දිනක් උයනට ගිය මේ දෙදෙනාට සපුමල් සුවදක් දැනෙන්නට විය.බීම සිට කඩන්නට බැරි දුරක තිබු නිසා මල් කඩන්නට කෙකි දෙකක් කපා ගත් අතර එකක් පත්තිනි දේවිය සමග සිටි පිරිසද අනෙක් කෙක්ක කුමරුන් සමග සිටි පිරිසද අතරට ලැබෙන අතර කෙකි දෙක පැටලී අවසානයේ පිරිමින් අතර වූ කෙක බිදී ගියෙන් මෙම සිද්දිය සිහිපත් කිරීමට අනං කෙළිය බිහි වූ ජනප්ප්‍රවාදයේ සදහන්ය.”

මෙම ක්‍රීඩාව කරන විට උඩු පිළ හා යටි පිළ ලෙසින් කොටස් දෙකකි.මෙහිදී උඩු පිල පත්තිනි දෙවියන්ගේ පිල ලෙසත්,යටි පිල පලාග කුමාරයාගේ පිල ලෙසත් හදුන්වනු ලැබේ.මෙහිදී සංකේතවත් කරනු ලබන්නේ පත්තිනි දේවියගේ හා පලාග කුමාරයාගේ එකතු වීමයි.එනම් ලිංගිකමය කාරණාවක් මෙමගින් සංකේතවත් කරනු ලබයි.මෙහිදී උඩු පිළ දිනිය යුතුයැයි විශ්වාසයකි.එඉට ගමට සශ්ක්‍රිකත්වය උදා වනු ඇතැයි විශ්වාසයකි.දකුණු ඉන්දියාවේ තිබු පත්තිනි විශ්වාසය තමයි මෙසේ ලංකාවේද මුල් බැස ගෙන ඇත්තේ.එනම් මේ සදහා දකුණු ඉන්දීය අභාෂය ලැබී ඇත.

අවසානයේ අග නොකැඩුණු පිරිස අග ලිහාගෙන මගුල් බෙර වයමින් ගම වටා ගොස් අවසානයේ සිදු කරනු ලබන දේව මේහෙයෙන්ක්‍රීඩාව අවසන් වෙයි.
  • චක්ගුඩු ක්‍රීඩාව

මෙහි මුලාරම්භය දකුණු ඉන්දියාව තුලින් හදුනා ගත හැකිය.එනම් දකුණු ණ්ඩාආ තුළ පවතින “ගුස්ති හරබ”එනම් පොර ඇල්ලීම මුලික කර ගත් එනම් මල්ලවපොර ක්‍රීඩාව ලෙස හදුනා ගත හැකිය.දකුණු ඉන්දියාවේ නම් මෙම ක්‍රීඩාව සිදුවන්නේ දෙදෙනෙක් අතරය.නමුත් ලංකාවට එන විට මෙය කණ්ඩායමක් වශයෙන් කරනු ලබන ක්‍රීඩාවක් බවට පත් වී ඇත.එනම් කණ්ඩායම් දෙකක් අතර පොර ඇල්ලීම දෙපැත්තට බෙදී තරග කිරීමයි.
මෙය “ජපානයේ ජුඩෝ” ක්‍රීඩාවට සමාන වෙයි.
ඇතැම් රටවල මෙය “කබඩි” යනුවෙන්ද හදුන්වනු ලබයි.මෙය ගමේදී හදුන්වනු ලබන්නේ “ගුඩු ක්‍රීඩාව” ලෙසිනි.එනම් “කබඩි,කබඩි,කබඩි” යන්න ගමේදී “ගුඩු,ගුඩු,ගුඩු” බවට පත් වෙයි.
  • පොර පොල් ගැසීම

පොර පොල් ගැසීම ලංකාවේම පැවතියාවූ ක්‍රීඩාවකි.මෙය සම්ප්‍රදායික ජනක්‍රිඩාවක් ලෙස හදුනා ගත හැකිය.එනම් ජන ඇදහිල්ලක් මත පවතී.පොර පොල් ගැසීම දින තුනක කාලයක් පමණ කාලයක් පවතින අතර ක්‍රීඩාව අවසන් දිනය තුළ ශාන්තිකර්මයක් ලෙසින් පත්තිනි දේව ඇදහිල්ලක් ලෙසින් ගොඩ නැගේ.තම බව බෝග සදහා ඇති වී තිබෙන විපත් උවදුරු දුරු කර දෙන මෙන් ගැමියන් කන්නලව්වේ යෙදෙයි.මෙය වෙනත් රටක අභාෂය ලබා නොතිබුනත් පත්තිනි දේව ඇදහිල්ලක් සිදු වීම මත හින්දු ආගමික අභාෂය ලබා ඇති බව සිතිය හැක.

පොර පොල් යනු විශේෂ පොල් වර්ගයකි.මෙය සාමාන්‍ය පොල් ගසක සැදෙන ආකාරයෙන්ම හැට ගන්නා පොල් විශේෂයකි.එසේ වුවද පොර පොල් ගෙඩියක කටුව සාමාන්‍ය පොල් ගෙඩියක කටුවට වඩා ගනකම්ය.වියළි පොල් ගෙඩි බීම වැටෙන තෙක්ම එය ගසට නැග කඩා ගැනීම සිදු නොකරයි.පළමු දිනයේ භාවිතා කරනු ලබන පොල් නිපොල් ලෙස හැදින්වෙයි.

පොර පොල් ක්‍රීඩාව වූ කලි මෙරට ජන ශ්‍රැතිකන්ගයකි.එය සම්ප්‍රදායික සන්නිවෙදනාර්තයකි.නමුත් පත්තිනි දේව ඇදහිල්ල මුලික කොට ගත් ක්‍රීඩාවක් වීම මත එය හින්දු ආගමික අභාෂය ලබා ඇත.
වර්තමානය වන විට සිංහල අලුත් අවරුදු ක්‍රීඩා නව මුහුණුවරක් ගෙන ඇති ආකාරයක් හදුනා ගත හැකිය.නව ක්‍රීඩා නිර්මාණය වී ඇත.එනම්
Ø  අලියට ඇහැ තැබීම
Ø  තුන්පා දිවීම
Ø  සංගීත තොප්පි
Ø  පැණි බබරය
Ø  බයිසිකල් රේස්
ආදී ක්‍රීඩාවන් රාශියක් එකතු වී ඇත.