1944 ලියැවුණු ගම්පෙරළිය නවකතාව වෙළඳ පන්තියේ නැගිටීම ගැන සංකේතාත්මකව කතාබහට ලක් කරන මෙරට සිංහල නවකතාවේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.
කතුවරයා කතාවට පාදක කරගන්නා කාල
වකවාවකවානුවේ දී මෙන් ම නවකතාව ලියූ කාලවකවානුවේදී ගැැමි පරිසරයේ කාන්තාව තම
සිතැඟි ලෙස ක්‍රියා කිරීමට වරම් නොලද්දේය. පියා සැමියා මෙන්ම වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා
පිරිමි සහෝදරයා ඇයගේ ජීවිතය පිළිබඳ තීන්දු තීරණ ගන්නා බලධාරියා වූයේය. පවුලේ බාලයා
වූ පවුලේ එකම පිරිමි දරුවාගේ කැමැත්ත අකමැත්ත ඔහුගේ අක්කාගෙ දෙවැනි විවාහයට අවශ්‍ය
කාරණාවක් ලෙස මාතර හාමිනේ සලකයි. පියල්ගේ ව්‍යාපාර වල දියුණුව ගැන ලියා එවීමෙන්
තමා එම විවාහයට අකමැත්තක් නැති බව හඟවයි. ඒ හැඟවීම්
මාතර හාමිනේ මෙන්ම අනුලාගේ ද සිත් තුළින් නන්දාග ගේ විවාහය පිළිබඳ සැක බිය
තුරන් කරයි.
කයිසාරුවත්තේ
මුහන්දිරම් සිය ආධිපත්‍යය පවුල තුළ මුදා
හරින්නේ සීතල දිය පහරක් පවුලේ සියල්ලන්
වෙත හරවනවා වැනි විලාසයකිනි. විවාහ වුවා වින් පස්සේ 20 වසක් පුරාම ඔහු
කෙදිනකවත් තම බිරිඳට බැණවැදුණු බවක් හෝ කෝපයෙන් රවා බැලූ බවක් හෝ මතකයට ගන්නට බැරි
බව පවසන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් කතිරිනා ට ණය දීම සම්බන්ධයෙන් මාතර හාමිනේගෙන් පශ්න
කරවන්නේ කයිසාරුවත්තේ අධිපතිභාවය තමාට පටවමිනි.
සැමියාගේ අනසක යටතේ ජීවත්වන මාතර හාමිනේ මෝඩ
ගැහැනියක් නොවේ. කතිරිනා නන්දා ගැන පියල්
ගේ විවාහ යෝජනාව ඉදිරිපත් කළ ඇසිල්ලෙහි
ඇගේ මුවගට නැගුනේ
"උන්ට කවුද හිර
දෙන්නෙˮ යන කියමන
වික්‍රමසිංහයන්
ගැන මෙසේ කියයි. "මාතර හාමිනේ ට කියවුනේ ඒ වෙලාවෙහි ඇගේ හිසට
නැගුණු කුල ගෞරවය නිසාය. කුළ ගර්වයට වහල් වුවද මාතර හාමිනේ ඊට මුවාවී අනුනට නින්දා නොකළාය. පියල් විසින් හෝ
ඔහුගේ මව විසින් හෝ මේ යෝජනාව කළේ නම් මාතර හාමිනේ ඔවුන්ගේ සිත් නොරිදෙන ලෙස
බොරුවක් කියා එය බැහැර කරනු නිසැකය.
ගම්පෙරළියේ දී අපට හමුවන මාතර හාමිනේ තමන්ගේ පරම්පරාවේ පවුලේ නම්බුව රකින්න සඳහා වෑයම්
වන්නියකි. ඒ කාරණයේදී ඇය මෝඩ ගැහැනියක ලෙස ක්‍රියා නොකරයි. බොරුවක් කීමට පවා පෙලඹේ.
පියල් නන්දාට ලියුම් දීම පිළිබඳ සිද්ධියේදී මාතර හාමිනේ ඉතා ශූර ලෙස ඒ සිද්ධියට
මුහුණ දීම පමණක් නොව තම සැමියාට ලියුම්
ගැන වගක් නොකියා යෝජනාවක් කර ඇති බව ප්‍රකාශ කරමින් පියල් හා නන්දා අතර වූ ප්‍රේමය
රහස් කොට ගනී. සැමියා ඉදිරියේ හැසිරෙන මේ ගැහැනිය තම දියණිය නන්දා ඉදිරියේ ඉතා
බුද්ධිමත් මවක ලෙස ක්‍රියා කරයි. පියල් නන්දාට ලියුම් දුන් වග නන්දාගේ කටින් ම
හෙළිදරව් කරගන්නට තරම් මාතර හාමිනේ දක්ෂ වෙයි. වික්‍රමසිංහයන් මේ ගැහැනු චරිතය
පඹයකු ලෙසින් පිරිමියාගේ මතයට අනුව වැන්නෙකු නොවේ. කයිසාරුවත්තේ ගෙදර සිටියදී
ඔවුන්ගේ එකම පුතු තිස්ස දුම්රියපලට ඇරලවන්නට යන්නේ මාතර හාමිනේය. ඇය වගකීම
බාරගන්නේ කෑමොර දෙමින් නොවේ. මියගිය පසු නැති බැරිකම් ද සමගින් දරුවන් හා තනිවූ
මාතර හාමිනේ තරුණයෙකු වූ තිස්සේ ගේ අනාගතය ගැන සිතන්නේ ක්‍රියාකරන්නේ කලබලයකින්
තොරවය. ගමේ නරක තරුණියක යැයි නම ගිය ලයිසාගෙ ගෙදරට තිස්සගේ ගමන් බිමන් තහනම් කරන
මාතර හාමිනේ එහිදී තමා අධිපති භාවය පෙන්නුම් කරයි. ගෙදර අගහිඟකම් කොතෙක් තිබුණද
මුහන්දිරම් ගේ ලියන පෙට්ටිය සහිත මෙසේ විකිණීම ප්‍රතික්ෂේප කරයි.
"මේ ලියන මේසේ
එහි ඇතුළු ලාච්චුවක වූ කතිරිනා විසින් මුහන්දිරම් ට දුන් ලියුම් තුනක් අතට
අසුවෙලද මාතර හාමිනේ කිරියාකරන්නේ සිහිනුවණින්ය. කතිරිනා ගෙ දුව ලයිසා ගේ නිකටත්
දෙතොළත් ගැන සිහිකරන මාතර හාමිනේ කතිරිනා හා මුහන්දිරම් අතර තිබෙන්නට ඇති හාදකම ගැන
කෝප වී දුක් වෙයි. එහෙත් ඒ නිසා කලබල ඇති කර නොගනී. ඈ කලේ තම පුතුට කතිරිනා ගේ ගෙදරට
නොඑන ලෙස තර්ජනය කිරීමයි.
ගම්පෙරළිය නවකතාවේ දී අප හා එක්වන මෙ ස්වාමිදුව මහාගෙදර මාතර හාමිනේගේ චරිතය වික්‍රමසිංහයන් ගොඩනගා ඇත්තේ
ගැහැනිය පිළිබඳ සම්බන්ධ පැරණි මතිමතාන්තරවලින් ඔබට ගොසිනි. එදා ගැමි සමාජය හි
කාන්තාව සිත්පිත් නැති අත්පය ඇති පියාගේ ස්වාමිපුරුෂයාගේ පුත්‍රයාගේ අණසක ක්‍රියාත්මක වන රූකඩයක් ව
සිටියා ය. එහෙත් ගම්පෙරළියේ දී අපට හමුවන
කාන්තා චරිත අතර විශේෂ මාතර හාමිනේ, නන්දා, අනුලා යම් යම් තීරණ ගැනීමේදී ස්වාධීනව
කටයුතු කරන පරාජය අභිමුඛ උකටලී නොවන චරිත්යන්ය.
නන්දාගේ සැමියා වූ ජිනදාස වෙළඳාමක් කරනු පිණිස
බිබිලේ ගිය ද ඔහුගෙන් තොරතුරක් නැතුව ගෙවුණු කාලයේ දී නන්දා හා පියල් අතර කෙමෙන්
වැඩෙන සම්බන්ධයක් ගැන වික්‍රමසිංහ සූරීන් මනා සංයමයෙන් යුතුව කරුණු ඉදිරිපත් කරයි.
පියල් රුපියල් විසිපන් දාහක දේපල ලියා දෙන බව පවසමින් නන්දා තමන්ගේ නිවසේ පදිංචියට
එන ලෙස දැන්වීම සමග නන්දාගේ මෙන්ම අනුලා ගේ කෝපය ඇවිස්සී නන්දා ඔහුට බැන වදියි.
ඒත් අනුලා ඔහුට බනින්නට සූදානම් වීම ඇය
වළක්වා එම යෝජනාව කළේ දෙවනුව කසාද බැඳ ගන්නා අදහසින් බව නන්දා කියයි. අනුලා
කියන්නේ පියල් එවැනි යෝජනාවක් තමන්ගේ පවුලට කිරීම නොවටිනා බවයි.අක්ක නගෝ සත්‍යයට
මුහුණ දෙති. නන්දාගේ තීරණය වලක්වන්නේ ජිනදාස තවමත් ජීවත්ව සිටියි ද යන ප්‍රශ්නයයි.
"දික්කසාද
වෙන්න නඩු දානවා නේද අම්මා කැමතිනම්ˮ
අනුලා ඉතා ආවේගකාරී පිළිතුරක් ඉදිරිපත් කරයි.
ගැමි කුල කතකගෙ කුලෑටි කම සිතැඟි වසන් කරමින් ජීවත් වීමේ කුහක පිළිවෙත් මෙන්ම
ජීවිතයේ ගැටළු ඉදිරියේ තොන්තුවාවෙන් සිටිම වැනි ගතියද වික්‍රමසිංහයන් අනුලා
වෙතින් ඉවතට ඇද දමා ඇත. ඔහු මවන්නේ දඩබ්බර ගැහැනියක නොවේ. නුවණින් ක්‍රියා කිරීමට
සමත් එඩිතර පියවර ගැනීමට බිය නැති ගැහැනියකි.
රත්නපුරේ රෝහලේදී මළසිරුර දකින නන්දා දෑසින්
වැටෙන කඳුලු වලට ඉඩ හැරි නමුත් සිතේ ඇතිවූ කම්පනය පිටතට නොපෙන්වන්නට සමත්වූවාය. නන්දා
රත්නපුර තානායමෙහි සිට පසුදා පියල් ගේ මව ද සමගින් එක්වී ජිනදාසගේ භූමිදාන කටයුතු
කර තම යුතුකම ඉටු කර ගම බලා පිටත් වන්නට තරම් ශූර හා අවස්ථාවට උචිත ලෙසින් කටයුතු
කිරීමෙහි දක්ෂ කාන්තාවක්ය. මෙහිදී පියල් ගේ මව මෙන්ම නන්දා ද මේ පුවත පියල්ට දැන්වීමට ඉක්මන් නොවෙයි. දෙදෙනාම තීන්දු කරන්නේ
ව්‍යාපාර කටයුතු අවසන්ව ගෙදර ආ දිනෙක ඒ පිළිබඳ පුවත ඔහුට දැන්වීමටය. මරණය පිළිබඳ
විස්තර දැන්ගන්නා පියල්ගෙ මුවගට නැගෙන්නේ නන්දාගේ සිත බිඳවන කියමනකි.
"ඒහෙනම්
පාංශුකූලේ දී ජිනදාස භූමිදාන කොට අවසන් ගෞරවය දැක්වූවේ මගේ සල්ලි වලින්ˮ
නන්දා මේ කියමනේ කෝප වේ. ජිනදාස පිළිබඳ ඇගේ ශෝකය
යටපත් වී ඇය ඇඳට ගොස් කල්පනා කරයි. පියල්ද ඔහුගේ මවද වෙනුවෙන් ඇය තුළ නැගෙන කෝපය
යටපත් කර ගන්නේ තම කුල ගර්වය නිසා යැයි කතුවරයා කියයි.
නන්දාගේ කෝපය
පියල් වහා හඳුනා ගනියි. ඔහු නන්දාගෙන් සමාව ඉල්ලයි. තමාට තරහා ගිය බව පවසයි. තමාට ඒලෙස
තරහ ගියේ තමා නන්දාට තදින්ම ආලය කරන නිසා බව පියල් කියයි. නන්දා තම දෙනෙත් අඩවන් කර ගනිී. නිහඬව හිඳියි
නන්දා මෙතනදී තම කෝපය සමග දිගින් දිගට නොසිටින් ඇය තමන්ගේ පවුලේ සාමාජිකයන් හා තමා ද පත්ව සිටින
දිරාපත් වන සමාජ තත්ත්වය ආර්ථික තත්ත්වය ගැන දැන සිටි නිසා නොවේද? අවස්ථාවට සුදුසු
ලෙස ක්‍රියා කරමින් තම ආත්ම ගෞරවය පවුලේ අවදානමත් බේරාගන්නට මේ ගැහැණිය සමත් වූවා
නොවේද?
No comments:
Post a Comment