ශ්‍රී ලංකාවේ
ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත අවධානය යොමු කිරීම්දී අපට එය විද්‍යුත් මාධ්‍ය හා
මුද්‍රිත මාධ්‍ය යනුවෙන් කොටස් දෙකකට වර්ග
කළ හැකිය. විද්‍යුත් මාධ්‍ය ලෙස රූපවාහිනිය ,ගුවන්විදුලිය, සිනමාව දැක්විය හැකි අතර මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත්, සඟරා,
පොත්පත් ආදිය සඳහන් කළ හැකිය. ඊට අමතරව වර්තමානයේ පවතින නව මාධ්‍ය යනුවෙන්
හඳුන්වනු ලබන වෙබ් අඩවි ,blog, facebook ,youtube ආදිය භාවිතයේ සීග්‍ර වර්ධනයක් තරුණ පරපුර අතර
දැකගත් හැකිය.
මාධ්‍ය තුළ ස්ත්‍රීන්
පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට එය මාධ්‍ය විසින් නිරූපණය කරන ආකාරය හා මාධ්‍ය ආයතන තුල ස්ත්‍රී නියෝජනය යනුවෙන් ප්‍රධාන
කොටස් දෙකක් යටතේ විග්‍රහ කළ හැකිය. මෙහිදි අවධානයට ලක් කරනුයෙ ස්ත්‍රීන් මාධ්‍ය
විසින් නිරූපණය කරන ආකාරය පිළිබදවය.
ලංකාවේ විද්‍යුත්
මාධ්‍ය අතර ප්‍රභලතම ස්ථානය රූපවාහිනිය
හිමි කරගෙන තිබෙන අතර එහි ජනප්‍රිය මාර්ගය
වන ටෙලිනාට්‍ය හා ඒ අතරතුර විකාශනය වන ප්‍රේක්ෂකයාට බලෙන්ම නැරඹීමට සලස්වන වෙළඳ
දැන්වීම් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වටී. දැන්වීම් බොහෝමයක මූලික ඉලක්කය ස්ත්‍රීන් හා
දරුවන් වන අතර එම දැන්වීම් වල නිරූපණ කටයුතු වලට ස්ත්‍රීන් යොදා ගන්නා ආකාරය සලකා
බැලීමේදී පෙනී යන්නේ එය හුදෙක් වෙළඳ භාණ්ඩයක් ලෙස හෝ ලිංගික අරමුණක් ඇති ව යොදා
ගන්නා ආකාරයයි. ස්ත්‍රීන්ට කිසිදු අදාළත්වයක් නොමැති භාණ්ඩ අලෙවි කිරීමට පවා ස්ත්‍රී
රුව යොදා ගනි. මෙහි ඛේදජනක තත්වයනම් ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම හා
ස්ත්‍රී සිරුර අසභ්‍ය ප්‍රකාශන සඳහා යොදා ගැනීමයි.
පුංචි දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සිංහල හඬ
කැවූ කාටුන් වැඩසටහන් වල ද එහි ඇතුළත් සැබෑ දෙබස් වෙනස් කර ඒ වෙනුවට ස්ත්‍රීන්
පිළිබඳ අඩු තක්සේරුවක් ඇති කරන අවකැපෙන දෙබස් ඇතුළත් කරමින් කුඩා කල සිටම ළමුන්ගේ
මනසට ස්ත්‍රීන් පිළිබඳ වැරදි ආකල්පයක් ගොඩනැගීමටද උත්සාහ දරයි.
විකාශනය වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට දෙස අවධානය යොමු කළද ඒවා තුළත් අපට බොහෝ විට හමුවන්නේ සාම්ප්‍රදායික භූමිකා තුළ සිර වූ නිතරම හඬන දොඩන බුද්ධියට වඩා හැඟීම් වලට මුල් වී ක්‍රියාකරන බොළඳ ස්ත්‍රී චරිතය. රටේ පවතින සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අභියෝග ගැටලු පිළිබඳ විශ්ලේෂණය කිරීමක් බොහෝ නිර්මාණ හරහා සිදු නොවේ.
පුවත්පත හා බොහෝ සගරා දෙස අවධානය යොමු කළ ද එහි
තත්වය මීට සමානය පුවත්පතක ස්ත්‍රියට මුල් පිටුවක පුවතකට ඇතුලළත් වීමට හැකි වන්නේනම් එය හිංසනයකට, අතවරයකට ලක්වී
මරණයට පත් වුවහොත් පමණි. ඇගේ ශක්තිය ධෛර්යය වැඩි කරගැනීමට හේතු වන ලිපි ආදර්ශ චරිත
ආදිය පළ කරනවා වෙනුවට බොහෝ පුවත්පත් තුළින් සිදු වන්නේ තවත් සමාජයේ මුල්ලට තල්ලු
කරන සහ ස්ත්‍රීන්ට අවාසිසහගත මතිමතාන්තර පතුරුවා හැරීම සිදුකරන ලිපි, කතා ,වාක්‍ය,
කාටුන් ආදියට වැඩි ඉඩක් ලබා දීමයි. එසේ නැතහොත් සමාජය අනුකම්පාව ලැබිය යුතු කොටසක්
ලෙස ඒත්තු ගැන්වීමයි
මාධ්‍ය මගින් නිරන්තරයෙන් මෙවැනි අදහස්
කාවැද්දීම මගින් ඒවා සමාජයේ යථාර්ථය ස්ත්‍රීන්ගේ උරුමය බවට බොහෝ දෙනා තුළ වැරදි
වැටහීමක් ඇති විය හැකිය. මාධ්‍යට මිනිස්සුන්ගේ හැඟීම් අදහස් මෙහෙයවීමට සමාජය පාලනය
කිරීමට ලැබී තිබෙන හැකියාව මෙවැනි පසුගාමී ස්ත්‍රීන්ට හානිකර මතවාද ප්‍රචාරය
කිරීමට යොදා ගැනීම තුළින් ස්ත්‍රීන්ගේ සැබෑ ප්‍රතිරූප නිර්මාණය වීමක් හෝ ඇයට සාධාරණය ඉටු වීමක් සිදු
වන්නේ නැත.
සාහිත්‍යය ඇතුළු මේ ක්ෂේත්‍රයක් තුළම තුළම ස්ත්‍රීන්ට අවාසි සහගත
ලෙස නිර්මාණ බිහි වීමට මූලික හේතුව වී ඇත්තේ සමාජයේ ස්ත්‍රීන් පිළිබඳ මුල්බැසගෙන
ඇති වැරදි ආකල්ප හා ඒ තුළ හැදී වැඩුණු පිරිමි නිර්මාණකරුවන් මේ බොහෝ නිර්මාණ වලට
දායක වීමත් ය.
ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය
කරන ස්ත්‍රීන්ට හානිකර සාම්ප්‍රදායික ආකල්ප( අභියෝග් භාර නොගත යුතු, ස්ත්‍රීන්
පවුලේ පිරිමි ප්‍රධානීන් විසින් මෙහෙයවිය යුතු ,ඔවුන්ට යටත් විය යුතු, දේශපාලන හා
සමාජ කටයුතු වලට නොයා යුතු) මතවාද අභියෝගයට ලක් කරන නිර්මාණවල අඩුවක් අපේ සමාජයේ
පවතී. ඒ සදහා තරමක හෝ උත්සාහයක් ගත් වැඩසටහන් සුළු ප්‍රමාණයක්ද දැකගැනීමට හැකි අතර
ඒ සඳහා විධායක ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම,
ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම ආදිය සඳහන් කළ හැකිය.
සුළු වශයෙන් හෝ වේවා ස්ත්‍රීන්ගේ සාමාජීය
සංවර්ධනය වෙනුවෙන් වෙන් කරන මාධ්‍ය අවකාශ බව සඳහන් කළ යුතුය. රූපවාහිනිය තුළ මෙන්ම ගුවන්
විදුලිය සහ පුවත්පත් වලද මෙම ප්‍රවණතාව වර්ධනය වෙමින් පවතී. තවදුරටත් මේ පවතින
ඉඩකඩ පුළුල් කර ගැනීම් අභියෝගයකි.
මෙ විට ස්ත්‍රීන්
විවිධ ජයග්‍රහණ ලබා ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රධාන භූමිකාවක් උසුලමින්
පිරිමින් හා සමානව කරට කර ඉදිරියට ගමන් කරමින් සිටීයි. ඇය ලබන මේ ජයජයග්‍රහණ ඇගේ
බුද්ධිමත්භාවය කාර්යශූරත්වය මාධ්‍ය මගින් ප්‍රතිනිර්මාණය කිරීම් මානව හිතවාදී මාධ්‍යයන්හි වගකීම හා සමාජ සංවර්ධනය
මාධ්‍ය කාර්යභාරය ඉෂ්ට කිරීමකි.
👍👍👍👍
ReplyDelete