තරු වියනේ ලොව සොයන
නිශාචර ළදකි මා - ඒ රැයේ
මුදු සිතින් ඔබට ලං වන
අදුරේ පමණය උරුම සෙනෙහස
පියවි ලොව මට වරම් නෑ ....
හිරු එළියේ ලොව දකින්නට මම
පෙරුම් නොපුරනා දිනක් නෑ.....
ළමැද සෙනෙහස අඩුවකුත් නෑ
නෙතග කදුළැලි අඩුවකුත් නෑ.....
මගේ සෙනෙහස බෙදා දුන්නද
තනිකමේ අඩුවකුත් නෑ.......
No comments:
Post a Comment