වර්තමානයේ
ජනප්‍රිය සංස්කෘතිය ද ජනප්‍රිය කලාව ද විසින් මිනිසා පාරිභෝගික භාණ්ඩ බවට පත්කර ගෙන ඇත. මෙහි වැදගත් කාර්යයක් ඉටු කරන්නේ ජනමාධ්‍යයන්ය.
ඒ අතරින් රූපවාහිනි මාධ්‍ය ප්‍රමුඛ වෙයි. වත්මන්
ලෝක මාධ්‍ය පද්ධතිය තුළ රූපවාහිනිය වඩාත් ප්‍රබල මෙන්ම බලපෑම් සහිත මාධ්‍ය ලෙස ක්‍රියා
කරන බව පෙනේ.ඒ බව රූපවාහිනී ආරම්භක සමයේ ඇස්තමේන්තුගත ලයිස්තුව රූපවාහිනි යන්ත්‍රවල
වැඩිවීමත් යන සංඛ්‍යා ලේඛන අනුව පෙනීයයි. 1970 දී ලංකාවට රූපවාහිනිය
හඳුන්වා දීමත් සමඟ එය මෙරට විශාල වශයෙන්
ව්‍යාප්ත වන්නට විය. අද වන විට රූපවාහිනිය
යනු හුදු තොරතුරු ඉදිරිපත් කරන වාර්තා කරන සන්නිවේදන මාධ්‍යයක් නොව මිනිසාගේ
සංස්කෘතියට, ආර්ථිකයට, සමාජයට, අධ්‍යාපනය ආදී සියලු විශේෂයන්ට බලපෑම් කරන්නා වූ
මාධ්‍යයකි. එය විනෝදාස්වාදය ඔස්සේ ග්‍රාහකයා තමන් වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වී
ඇත. එම විනෝදාස්වාදය උදෙසා ඔවුන් නොයෙකුත් ක්‍රියා මාර්ග ඔස්සේ විවිධ ආකෘතීන්
මගින් වැඩසටහන් නිෂ්පාදනය කරන අතර ඊට අති විශාල පිරිවැයක් දරමින් ප්‍රේක්ෂකයා වෙත
යුහුසුළුව ලබාදීමට කටයුතු කරන බව පෙනේ. ශ්‍රී ලාංකාව ඇතුළු ආසියානු කලාපීය මෙන්ම
යුරෝපීය ආදී ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ආකෘතිය වන්නේ ප්‍රේක්ෂකයන්ට විනෝදය ලබා
දෙමින් ඔවුන් පිනවීම්යි. මෙගා ටෙලි නාට්‍ය
සංගීත වැඩසටහන් ආදී නොයෙකුත් වැඩසටහන් අතර රූපවාහිනී මාධ්‍ය තුළ රියැලිටි
වැඩසටහන් කලාව ලෝකය පුරාම නවතම ආකෘතියක් වෙමින් ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට
පත්ව ඇත.
යුරෝපීය රටවල් හි රූපවාහිනී මාධ්‍ය මූලික කරගෙන ආරම්භ වූ මෙම රියැලිටි
වැඩසටහන් ආකෘතිය ආසියානු කලාපයේ රටවල් පමණ ඉක්මවා වැලඳගෙන ඇත. අද ජනප්‍රිය
සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇති හුදු
විනෝදය පමණක් අරමුණු වූ ජනමාධ්‍ය කලාව මිනිසාගේ මනස මෙහෙයවා සත්‍ය ජීවිතයෙන්
මොහොතකට අමුතු තරු ලොවකට රැගෙන යන රියැලිටි කලාව තුළ මිනිසාගේ සැබෑ ප්‍රශ්න සැබෑ
ජීවිතය මොහොතකට අමතක කර සුපිරි තරුව තේරීමේ අවස්ථාව ජනතාවට ලබාදී එය භාරදූර
කාර්යයක් බව ඒත්තු ගන්වා දැනට තිබෙන ලොකු
ම ගැටලුව සුපිරි තරුව කවුරුන්ද යන වග පමණක් කිරීමට සමත් වේ. ඒනම් ව්‍යාජ මානසික
අවශ්‍යතා ඇති කරමින් පරිභෝජනවාදී ධනේශ්වර ඇවතුම් පැවතුම් කෙරෙහි ජනතාව කීකරු කරවයි.
ග්‍රාහකයා වෙත
විනෝදාස්වාදය සැපයීමේ අරමුණ ඇති වැඩසටහන් නිෂ්පාදනය කිරීම මගින් ඇති වන්නේ ජනප්‍රිය සංකල්පයකි. මේ තුළින් මාධ්‍ය ජාල අතර තරගය
ඇතිවීම rating මිත්‍යාව පසුපස දුවන මාධ්‍ය ආයතන තුළින් කිසිවිටෙක නොනිසි
දෙ නිසි දේ ලෙසත් හුවා දක්වමින් විවිධ වැඩසටහන්
ආකෘති නිර්මාණය කරමින් විකාශනය කරයි.
උදාහරණ ලෙස champiyanstar රියැලිටි වැඩසටහන තුළ භාවිතා වන භාෂා විලාසය
හා පූරකයන්ගේ හැසිරීම් විලාශය රූපවාහිනිය වැනි ජනමාධ්‍ය තුළට ගැලපෙනවා දැයි විමසිය
යුතුය. මෙම වැඩසටහන් කෙරෙහි ප්‍රේක්ෂක ආකර්ශනය ඉතාම ඉහළය. එක්වරක් නවතා තිබූ
වැඩසටහන නැවත ප්‍රචාරය කිරීමට අදාළ ආයතන තීරණය කරන්නේද එබැවින්ය. එමෙන්ම වැඩසටහන
තුළ නොයෙක් ආහාර හඳුන්වා දීම බීම වර්ග හඳුන්වා දෙමින් නැති ගුණ ප්‍රකාශ කරමින්
වැඩසටහන් තුළ අපූර්වට වෙළඳ ප්‍රචාරණය ද සිදුකරයි. සැබැවින්ම පරිභෝජනවාදී ධනේශ්වරය ඇවතුම්
පැවතුම් කෙරෙහි ජනතාව යොමු කිරීම මෙමගින් දැකගත හැකියි.
යථාර්ථය යන
අර්ථය ලත් රියැලිටි වැඩසටහන් ජනප්‍රිය සංස්කෘතිය මගින් විටෙක අසම්මත චර්යාවන්ට මග
පාදන්නකි. එයින් සුපිරි තරු කෙරෙහි මෙරට කාන්තාවන් තුළ මෙන්ම පිරිමින් තුළ ද
පැවැති උන්මාදයකි. ඔවුන්ගේ කොණ්ඩා විලාසිතා ඇඳුම් පැළඳුම් අනුකරණය කරන්නට යෑමෙන් ම
ජනප්‍රිය සංස්කෘතිය තුළ රියැලිටි කලාව කෙතරම් බලපෑම්කාරී ද යන වග පැහැදිලිය.
රියැලිටි කලාව හැදින්වීමේ දී එය සාමාන්‍ය පොදු ජනතාව භාවිත කරමින් නිර්මාණය වූ වැඩසටහනකි.
එනම් සාමාන්‍ය ජනතාව අතරින් ගායන තරුව නර්තන තරුව තෝරා අතිවිශාල ත්‍යාග මුදල්
ලබාදීම මෙහි ආකෘතිය රියැලිටි වැඩසටහන් වාණිජ කර්මාන්තයක් ලෙස ජනප්‍රිය වීම හරහා
දැන්වීම් විශාල වශයෙන් ලැබීම යන හේතු කාරණා මත බොහෝ මාධ්‍ය ආයතන මේ ආකෘතියෙන්
නිෂ්පාදන වලට පෙළඹෙන්නේ ය.
එමෙන්ම සාමාන්‍ය ජනතාව අතර වන තරගයක් බැවින් මෙය
උන්මාදයක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූයේ තමන් වැනිම වූ සාමාන්‍ය ජනතාව මෙහි
සිටීම ය. තරඟයෙන් ඉවත්වන අවස්ථා ආදිය
ගෙනහැර පාමින් වැඩසටහන අධි සංවේදී කරණයට ලක් කරමින් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට
උත්සාහ ගනියි. ජනප්‍රිය සංස්කෘතිය තුළ කලාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ තවත්
අදියරක් බව රියැලිටි කලාව හඳදුනාගත හැකිය. ලංකාවේ මේ වන විට නවතම රියැලිටි
වැඩසටහන් ලෙස hirustar
හඳුනාගත් හැකිය.
අධි තාක්ෂනය හා සුපිරි රියැලිටි අත්දැකීම් මෙරට ප්‍රේක්ෂකයන්ට ලබා දෙමින් බටහිර වැඩසටහන් අනුකරණය කරන බව
පෙනේ. ප්‍රේක්ෂකයන්ගේ රුව පුළුල් තිරය මත දිස්වන ආකාරයට තාක්ෂණය යොදාගෙන ඇත රියැලිටි
නොවෙයි ඕනෑම ජනප්‍රිය වැඩසටහනක ම පැවැත්ම රඳා පවතින්නේ ප්‍රේක්ෂකයා තමන් වෙත රැඳී
සිටින්නේ නම් පමණි. ලාභය මත වෙළෙඳපොළ අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රියාකරන ජනමාධ්‍ය ප්‍රේක්ෂක
ආකර්ෂණය වෙනුවෙන් විවිධ උපක්‍රම යොදයි.
රියැලිටි
වැඩසටහන් හරහා තරගකරුවන්ගේ පෞද්ගලිකත්වය ඔවුන්ටම නොදැනීම විකිණෙ. රියැලිටි වැඩසටහන් සමස්තයක් ලෙස සැබෑ ජීවිතයෙන් පැන යාමට ජනතාවට උපකාර කරන
තවත් ජනප්‍රිය සංස්කෘතික මාධ්‍ය නිර්මාණයකි. ආධුනිකයන්ට දක්ෂතා පෙන්වීමට අවකාශ
මෙමඟින් ලැබෙ. ඒනම් රියැලිටියේ ඇතැම් අංග හරහා ජනප්‍රිය සංස්කෘතියේ නිස්සාරත්වය
පෙන්වයි. උදාහරණ වශයෙන් ලංකාවේ නළු නිළියන් යොදාගෙන කෙරෙන ඇතැම් රියැලිටි වැඩසටහන්
එවැනි නිස්සාර බව පෙන්වයි.
උදාහරණ ලෙස derana star city / dance unlimited
රියැලිටි
වැඩසටහන්වලදී ග්‍රාහකයේ මායා ලෝකයක හුදෙකලා කිරීම සඳහා ලෝකෙ පුරා මාධ්‍ය
නිෂ්පාදකයින් යොදාගන්නා උපක්‍රම කිහිපයක් පවතී.
- නාටකීය ගැටුම් (බොහෝවිට කලින් සැලසුම් කළ ඒවාය) එම ගැටුම් සංස්කරණය නොකරන සේ මතුපිටින් පෙන්වනයි.
- දෙක ගායන වාදන නර්තන ක්ෂේත්‍ර වලින් ඉදිරියට පැමිණි තරු ප්‍රවීනයන් අනුකරණය කිරීම
- මෙවාට සම්බන්ධ වන පුද්ගලයින් සඳහා ඔවුන්ගේ සැබෑ ජීවිතය වෙනුවට ක්‍රමයෙන් අලුත් චරිත්යක් නිර්මාණය වීම
මෙම ශිල්ප ක්‍රමය
හුදෙක් ග්‍රහකයන් මුලා කිරීමට හා මායා ලෝකයක තනි කිරීමට සමත්වන බව පෙනෙයි. අද
වනවිට රියැලිටි රාජ්‍ය හා පෞද්ගලික සියලුම නාලිකාවල සතිඅන්තයේ ගුවන් කාලයෙන් වැඩි
කාලයක් හිමිකරගෙන තිබේ. ගායන වාදන පමණක් නොව වෙනත් වෙනත් ක්ෂේත්‍ර තුළින් ද
රියැලිටිය බිහිවන බව ලාංකික උදාහරණ ඔස්සේ පැහැදිලි වේ.
උදාහරණ ලෙස සූප ස්ටාර් වැනි ආහාර සකසන්නන් තේරීමේ තරග
සමස්තයක් ලෙස
මෙම ජනප්‍රිය වැඩසටහන් කලාව හරහා ඇතිව වී ඇති බලපෑම
- ප්‍රවීණ කලා කලාකරුවන් අපහසුතාවයට පත්වන අවස්ථා කීර්තිනාමයට අගෞරව වන අවස්ථා
- තරගකරුවන්ගේ පෞද්ගලික්ත්වය විකිණීම ඇතැමෙන් විහිලුවකට ලක් වීම ගෞරවය බිඳ වැටීම ආත්ම විශ්වාසය බිඳ වැටීම
- නවතම විලාසිතා සමාජගතවීම
- පවීණ ශිල්පීන් අනුකරණය
- පූරක තනතුරු විහිළුවට ලක්වීම ඔවුන්ගේ වෘත්තීය බව අහිමි වීම ඒ සඳහා හේතුව වන්නේ නළු නිළියන් යොදා ගැනීමයි
- සංස්කෘතික බලපෑම
සැබැවින්ම
සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතයේ රැකියා කටයුතු නූතනයේ කාන්තාවන් ගෙදර දොරේ වැඩකටයුතු කරන ගමන් රැකියා කටයුතු ද සිදු කරනු ලබයි.
මෙවැනි කාර්යබහුල ජීවිත ගත කරන්නන් යම්කිසි තෘප්තියක් ලැබීමට රූපවාහිනි උපකාරී වේ.
එනමුත් සමාජ දේශපාලනික වශයෙන් පවත්නා සැබෑ
යථාර්ථය කෙරෙහි අවධානය න් ඔවුන් වෙතින්
ගිලිහී රූපවාහිනිය ඇතුළු ජනමාධ්‍ය මගින් ගෙන යන ජනප්‍රිය සංස්කෘතිය මගින් තමන්ගේම
ප්‍රශ්න අමතක කර දැමීම හා සුපිරි තරුව තේරීම වැනි තාවකාලික ප්‍රශ්න මිනිසා තුළ ඇති
කරවනු ලබයි. මෙමගින් මිනිසා තුළ සරල වින්දනය ඇති කරමින් රියැලිටියේ කොටස්කරුවන්
බවට මානසික වශයෙන් ඔහු පත්වන්නේය. යුරෝපයේ වැඩසටහනෙන් ආරම්භ වූ රියැලිටිය ලංකාව
තුළට පැමිණෙන පෞද්ගලික නාලිකාවක් වූ සිරස නාලිකාවේ සුපර්ස්ටාර් වැඩසටහන හරහාය.
එතැන් පටන් සියලුම නාළිකා මේ කලාව අනුකරණය කරමින් ජනප්‍රිය සංස්කෘතියේ පවතින අංග
ලක්ෂණ පෙන්නුම් කරයි. යථාව යැයි නම් ලද්දක් වුවත් රියලිටිය අධික වියදමක් දරා
නිෂ්පාදනයය කරමින් නළු නිළියන්ගේ අඩ නිරුවත් සම්ප්‍රපලාප ආදිය තුළින් ජනප්‍රිය
සංස්කෘතියේ නිස්සාරත්වය මැනවින් පිළිබිඹු කරයි. ව්‍යාපාරය චින්තනය ප්‍රමුඛ කොටගත්
මෙය තරුණ ප්‍රජාව ගේ කුසලතා වර්ධනය කිරීම පරමාර්ථයෙන් පමණක් පසු වූවා යැයි කීම
අපහසුයි. ජනප්‍රිය සංස්කෘතිය යනු ලොව ගිනිගත්තත් නීරෝ වීණා වාදනය කරන්නාක් වැනිය.
රියැලිටි කලාව තුළින් සිදුවන්නෙ එයමය. ජීවිතය ගැඹුරු සොයා යනවා වෙනුවට සරල ක්ෂණික
වින්දනයක් වෙත ඉඩ සැලැස්වීම මෙමගින්
සිදුවන්නේ එය ගැඹුරු කලා නිර්මාණ මෙන්ම සැබෑ ජන කලාවන් යටත්කර ගනිමින් සරල ක්ෂණික
වින්දන මාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය විසින් හෙළිදරව් කරන තවත් අංගයකි රියැලිටි කලාව.
No comments:
Post a Comment