Friday, July 26, 2019

නිකිණි වැස්ස චිත්‍රපටය




මිනී පෙට්ටි සාප්පු කරුවෙකු ගැහැණියක් වූ විට කෙසේද? අනුර ජයවර්ධනගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන නිකිණි වැස්ස චිත්‍රපටය හරහා මතු කරන ප්‍රශ්නය එයයි. ගැහැනියක් මෙම වෘත්තියේ යෙදෙන විට ගැටලු දෙකක් මතුවේ. පළමුවැන්න නම් ඒ පිරිමින්ටම සීමා වූ රැකියාවකි. සමහරවිට ඒ මළ සිරුරු සමග වැඩ කිරීමට ධෛර්යයක් ඇත්තේ පිරිමින්ට පමණි යන හැඟීම නිසා ව විය හැකිය. දෙවැන්ක මරණය ගැන අප තුළ ම පවතින සැක සංකා නිසා එය අපහසු කාර්යයක් විය හැකිය යන්නයි. මිනී පෙට්ටි සාප්පු කරුවෙකු සමඟ අපට බොහෝ විට ඇති වන්නේ ප්‍රතිවිරුද්ධ හැඟීම්ය. සාමාන්‍යයෙන් පුරුෂයකු වන මිනී පෙට්ටි සාප්පු කරුවෙකු  මරණයෙන් හා අපගේ ශෝකයෙන් ලාභ ලබන්නෙකි. වෘත්තිකයෙකි. එහෙත් අපගේ ආදරණීයන්ගේ අවසානයේ අපගේ මළසිරුරු ගරුත්වය, ගාම්භීරත්වය හා අලංකාරව අවසන් ගමනට  සූදානම් කිරීම බලාපොරොත්තු වන්නේ ඔහුගෙනි.

නිකිණි වැස්ස සිනමා නිර්මාණයේ දී පළමුවෙන්ම මිනී පෙට්ටි සාප්පු කාරිය මුණගැසෙන්නේ තැති ගැන්වෙන රූප රාමුවකින්ය. කැමරාව ශෛල කර්ම කිරිමෙදි පලදන අත්වැසුම් සෙමින් හා ප්‍රවේශමෙන් ඉවත් කරන ගැහැනු අත් දෙකක්, ශල්‍යකර්ම සදහා යොදා ගන්නා කතුරු දමා ඇති බඳුනක්ද වතුර බේසමකින් සොදන අයුරු දැක්වේ. ඉන් ගැහැනියකගේ මුහුණ දකින්නට නොමැති වුවත් ඒ පිරිමින්ට සීමා වූ වෘත්තියක යෙදෙන ගැහැණියක් බව අපට හැඟීයයි. ඒත් සමගම ස්ත්‍රියගේ මුහුණ අපට පෙනුණත් මූලික වශයෙන්ම පුරුෂයන්ගේ වෘත්තියක නියැලී ස්ත්‍රියක් බව තහවුරුවෙයි. මෙි ගැහැණිය කැමරාවට හසු නොවන සේ හඬයි. රූප රාමු වෙනස් වේ. එම ස්ත්‍රිය සෝමලතා බවත් ඇය තම පියාගේ මළසිරුර බෙහෙත් ගල්වා අවසන් වූවා පමණක් බව අපට දැනේ. සෝමලතා අධිෂ්ඨානයෙන් යුත් වෙහෙස වී වැඩ කරන චරිතයක් බව ඉක්මනින්ම තහවුරුවෙයි. අම්පාර සහ ඒ අවට ප්‍රදේශය පසුබිම් කරගත් මෙම චිත්‍රපටයෙහි අඩ ආලෝකයෙන් හා වලගොඩැලි වලින් යුත් මාවත් ඔස්සේ අවමංගල රථය ලෙස යොදා ගන්නා තම කබල් ස්ටේෂන් වැගන් වාහනය ධාවනය කරන ඇය ගරුසරු ඇතිව මළසිරුරු බෙහෙත් ගැල්වීම ද කරයි. ව්‍යාපාරිකයෙක් වන ඇය ව්‍යාපාර කටයුතුවලදී තැරැව්කරුවන්ට සන්තොෂම් ලබාදීමෙන් ද ග්‍රාම  නිළධාරියාට පගා දීමටත් පළාතේ මන්ත්‍රී සමඟ චාටුවෙන් ගනුදෙනු කිරීමටත් හපනෙකි.

මේ ආකාරයට ඇය තමා  ගතානුගතික නොවන බවත් අධිෂ්ඨානශීලී භාවයත් පෙන්නුම් කරත් ම සිනමාකරුවා ඇයට එරෙහිව සංස්කෘතික හා සමාජ බලවේග ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න නිරූපණය කරයි. ඇයගේ මවට අවශ්‍ය වන්නේ සෝමලතා විවාහයක් කරගෙන පිළිවෙළක් වෙනු දැකීමට ය. ඇයගේ තරගකාරී අනෙක් මිනී පෙට්ටි සාප්පු කරුවාට අවශ්‍ය වන්නේ ඇය ව්‍යාපාරයෙන් ඉවත් කොට ඔහුගේ ඒකාධිකාරී බලය පවත්වා ගැනීමටය. තම තරගකරුවා ගැහැනියක් වීම ඔහුට මදි පුංචිකමක් සේ දැනේ ඔහු ඒ බව ග්‍රාම නිළධාරියාට ද පවසයි.


සෝමලතා සමාජ බලපෑමෙින් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ නැත. විවාහයක් කරගෙන පවුල් ජීවිතයක් ඇරඹීමට ඇයටද අවශ්‍යතාවක් පවතින බව අපට පෙනේ. ඒත් එය සිදුවිය යුත්තේ ඇයගේම කොන්දේසි යටතේ ය. පුවත්පතේ පළ කළ මංගල යෝජනාවට පිළිතුරු සැපයූ පුරුෂයින් විවාහ වීමට නම් ඇගේ ව්‍යාපාරය අත්හැර දැමිය යුතු යැයි සඳහන් වූ ලිපි ඇය ගුලිකොට කුණු කූඩයට විසි කළාය. සෝමලතාග ගේ චරිතයේ සැබෑ සංකීර්ණතාවය වන්නේ බලහත්කාරයෙන් යටපත් කර ගත් ඇයගේ ලිංගික ආශාවන් සහ ඊර්ෂ්‍යා වන්ය. මෙය පැහැදිලි වන්නේ තමා ආශා කරන ජීවිතය ගෙවන අනෙකුත් අය දකින විටය. නිදසුනක් වශයෙන් ඇයගේ සහායකයා වන පියසිරි ඇයගේම කාරය තුළ ගමේ අනාථ ගැහැණියක් වූ මේනකා සමග සංසර්ගයේ යෙදෙනු අතටම අසුවූ විට ඇයගේ ඊර්ෂ්‍යාව කැපී පෙනේ. එහෙත් ඔවුන්ට විවාහ වීමට ඇය බලකරයි. මෙම ඊර්ෂ්‍යාව නැවත ඉස්මතු වන්නේ මේනකා තම පළමු දරුවා බිහිකිරීමට ආසන්න වීමේදීය. මෙය නිරූපණය වන්නේ ගැහැනිය වැසිකිළියෙන් පිටතට ඒත්ම අනෙකා ඇගේ බඩේ හැපෙමින් ඇතුළුවීම පෙන්වන සූක්ෂම ආකාරයෙනි. සෝමලතාගේ කෝපය ප්‍රකාශ වන්නේ කුළුඳුල් දරුවා ප්‍රසූත කිරීමට ආසන්නයේ සිටින මේනකා තනිකර දමා එදින රාත්‍රියේ පිටත වැඩ කිරීමට යෑමට බල කිරීමෙනි. වැඩි සැලකිල්ලක් නැතිව තමා මේනකා බලාගන්නා බව සෝමලතා පැවසුවත් එය සිදු වන්නේ නැත. සිද්ධිය අවසන් වන්නේ  ඛේදවාචකයකින් ය.

ලිංගිකත්වය  පිළිබඳව ස්ත්‍රියකගේ සිතෙහි පවතින මනඃකල්පිත සිතුවම් මතුකරන්නට සිනමාකරුවා නිකිණි වැස්ස චිත්‍රපටයේ දී අතිශයින් සමත්කමක් දක්වා ඇත. පියසිරි සහ මේනකා සංසර්ගයේ යෙදෙන දුටු වහාම සෝමලතා බෙහෙත් ගල්වන මේසය මත දිගා වී මෙන්  එය මනාව නිරූපණය කර ඇත. එම දර්ශනයෙන් ඇය සෙමෙන් සෙමෙන් තම සිරුර ස්පර්ශය කිරීමත් එසේ කරන ස්ථානය අනුව ඇයගේ මරණ ආශාවන් යටපත් කරගෙන ලිංගිකත්වය ඒකට මුසු වේ. බෙහෙත් ගල්වන මේසය ඇයට අමුතු ස්ථානයක් නොවේ. එය ඇයගේ වැඩ කරන ස්ථානයයි. නමුත් ඒ මත දිගා වී සිටීම ඇයට සුවිශේෂී දෙයක් නොවේ.නමුත් මෘතගාරයක් යන සිතුවිල්ලෙන් පවා ප්‍රේක්ෂකයා සැලේ.



මෙම  චිත්‍රපටයේ සෝමලතා ඇයගේ ලිංගික මනඃකල්පිත වෙනත් දර්ශන වලදීද දක්වයි. නිදසුන් වශයෙන් ඇය තම පා යුගල විහිදුවා ආබාධිත සොල්දාදුවා ඉදිරියේ ඇඳේ වැතිර සිටින දර්ශනය හෝ ගෘහ නිර්මාණ ශිල්පියා ගැන සිහින මවමින් සිටීම දැක්විය හැකිය. සෝමලතාගේ සපුරා නොගත් ලිංගික ආශාවන් ඇයගේ චරිතයෙ වැදගත්  සන්ධිස්ථානයක් ලෙස හදුනාගත හැකිය. මෙම චිත්‍රපටය නමින් නිකිණි වැස්ස වුවද ඊට අම්පාර වැනි වියළි කලාපයේ සන්ධිස්ථානයක්  පසුබිම් කර ගැනීමෙන් නියගයෙන් දැවීගිය අගෝස්තු මාසයෙ පොළොව වැස්සක් අපේක්ෂාවෙන් සිටීම එම අඩුකම තවදුරටත් සංකේතවත් කරයි.

සොමලතාගේ ලිංගික ආශා ඇය පුරුෂයන්ගේ ලෝකයේ අත්පත් කරගත් කරගත් සියළු ජයග්‍රහනයන් කඩාකප්පල් කිරීමට පවා සමත් වේ. ඇයගේ ප්‍රීතියක් නැතිකම  මේ ආකාරයට නිරූපණය කිරීමේ ප්‍රතිඵලයක් වන්නේ ප්‍රේක්ෂකයා ගැහැණු ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මතයන්ට එරෙහිව යන විට ඔවුන් පීඩාවට පත්වන්නේ ය සහා ඔවුන්ගේ සපුරාගත නොහැකි ලිංගික ආශාව බුද්ධිමත් නොවන තේරීම් වලට හේතු වන්නේ යන පණිවුඩය  ග්‍රහණය කර ගැනීමටය. සෝමලතා අපස්මාර රෝගයෙන් පෙළෙන ගෘහනිර්මාණ ශිල්පියා සමඟ බැඳී සිටින අස්ථාවර දෙදෙනෙකුගේ එකතුවක් නිරූපණය වේ. සිනමාකරුගේ මෙම ඉදිරිපත් කිරීමෙන් බොහෝවිට විකෘත වූ සහ සාමාජීය වශයෙන් බැහැර කරන ලද දෙදෙනෙක් එකිනෙකාට ආකර්ෂණය වන්නේ   කෙසේ දැයි සිතීමට ප්‍රේක්ෂකයා පොළඹවයි. මෙම  අස්ථාවරභාවය ම නොගැලපෙන සහකරුවකු සොයාගැනීමට සෝමලතාට බලකරයි. අවසානයේදී සෝමලතා සමාජ  පිළිගැනීම් හා ගරුත්වය ලබා ගැනීමෙි අපේක්ෂාවෙන් ප්‍රජාවට නව ආදාහනාගාරයක් ඉදි කිරීමට යොමුවේ.

ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වශයෙන් මෑත විව්‍යහාරයට පැමිණි බ්‍රිතාන්‍ය සමයේ මෙම අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් වන වෘත්තිය තහවුරු වීමට පෙර ඥාතීන් මළ සිරුර නහවා සූදානම් කළ අතර අවමගුල් කටයුතු පිළියෙල කිරීමට ගමේ සියලු දෙනා එක් වූහ. එමනිසා මෙම කටයුතු සඳහා ඥාතීන් සහ ගම්වැසියන් වෙනුවට වෘත්තීය අවමගුල් අධ්‍යක්ෂකවරු පැමිණීමෙන් සමාජය වෙනස් වූයේ කෙසේද යන්න සනිටුහන් කරයි.

ලිංගිකත්වය චිත්‍රපටවල පොදු තේමාවක් මෙන්ම ස්ත්‍රීන්ගේ ලිංගික මනඃකල්පිත සිතුවම් කරන ආකාරයෙන් අපට සිනමාකරුවන් මෙම විෂයට පිවිසෙන ආකාරයය ගැන බොහෝ දේ පවසයි. අනුර ජයවර්ධනයන් නිකිණි වැස්ස සිනමා නිර්මාණයේ දී ඒකී මනඃකල්පිත ලෝකය ඉතා සාර්ථක ලෙස ප්‍රේක්ෂකයා  හමුවට රැගෙන එන ආකාරයක් අපට දැකගත හැකිය.

2 comments: