Wednesday, July 24, 2019

බොරදිය පොකුණ චිත්‍රපටය











සත්‍යජිත් මාඉටිපෙ  ප්‍රථම  සිනමා ප්‍රවිෂ්ටය වශයෙන් අපට පෙන්වන්නේ බොරදිය පොකුණකි. චිත්‍රපටියේ අන්තර්ගතය හා එය සමපාත කරතොත් මේ සමාජයේ ලිංගිකත්වය යන්න විනිවිද දැකිය හැකි ඒකමිතික  දෙයක් නොව සංකීර්ණ විස්තීරණ බොරදිය බවට අර්ථ ගැන්වීමක් කර ගත  හැකිය. කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි අනූව දශකයේ මැද භාගයේ නිර්මාණය වී ඇති බොරදිය පොකුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමාජයේ ලිංගිකත්වය  පිළිබඳ ගල් ගැසුණු කතිකාවත පුපුරවා හරින බවකි.

ලිංගිකත්වය පිළිබඳව ඔහුගේ කතාවේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ වෙළෙඳ කලාප තරුණියන් සහ හමුදා  සාමාජිකයන්ය. වෙළෙඳ කලාප තරුණියන් මුහුණ දෙන්න නේවාසික පහසුකම් පිළිබඳ ගැටලු, ඔවුන්ගේ පෝෂණය පිළිබඳ ගැටලු, රැකියා ස්ථානවල සූරාකෑම්  පිළිබඳ ගැටළු, ඔවුන් වෙනස් කොට සලකන සමාජ ආකල්ප පිළිබඳ ගැටලු ආදියට අමතරවව ඔවුන් ලිංගික වශයෙන් රැවටිලිකාරයන් ට ගොදුරු වන ආකාරය චිත්‍රපටයේ ප්‍රධාන තැනක් ගෙන තිබේ.

වෙළඳ කලාප ආශ්‍රිත තරුණියන්ගේ ලිංගික  රැවටිලිකාරයන් ලෙස බොහෝ දුරට ‍ප්‍රකාශ වූයේ හමුදා සාමාජිකයන්ය. ගම් දනව් වලින් පැමිණි කම්හල් වලට ශ්‍රමය කැප කරන එම  තරුණියන් රැවටිලිකාරයන් ට අසුවී හරිහම්බ කරගත් දේ ලිංගික සුරක්ෂිතතාවයක් නැතිකරගන්නේ ඇයි  සිනමාකරුවා මතුකොට දක්වයි.  එහෙත් දස දස දහස් ගණනින් තරුණියන් එක් කුඩා කාර්මික වපසරියකට කොටුවී දවසේ වැඩි පැය ගණනක් අඛණ්ඩව වැඩකරමින් ගෙවන ජීවිතේ සතුටක් විනෝදයක්ක් ලබන්නේ කෙලෙස දැයි කිසිවකු කල්පනා කරන්නේ නැත. machine මෙන්  වැඩ කරන ජීවිතේ හොඳ නින්දකට නින්දක සිට අනෙකුත් සියලු පහසුකම් අවම වී ඇති පරිසරයක් තුළ ඒ ජීවිතයේ සතුටක් අවශ්‍ය බව මතක් වූයේ නැත. ඒ සදහා විකල්ප යෝජනා කරන්නට ද කිසිවකුට හැකියාවක් නැත. ඔවුන්ගේ විනෝදය සඳහා කිසිවක් නැති වටපිටාවක් තුළ ඔවුනට තිබූ එකම විකල්පය වූයේ තමාට ආදරේ පෙන්නන තරුණයකු පිරිමියෙකු විශ්වාස කොට සබඳතාවක් ගොඩනගාගෙන ප්‍රේමය රස විඳීමෙයි. පැවැත්ම කාලය කෙතරම් කෙටි වුවද දිග වුවද ලිංගිකව සක්‍රීය එම තරුණ ප්‍රජාවට වැරදීම් ගැන පමණක් බොහෝ දෙනාගේ අවධානයට ලක් වේ. නමුත් වැඩ අධික ජීවිතයෙන් හුදකලාවී එම සක්‍රීය ජීවීින්ගේ අවශ්‍යතාවන් කෙරෙහි සාවධාන ව බැලීමට සියලු දෙනා අමතක කරන ලදී.

සිනමාකරුවාට අනුව පිරිමියාගේ අයිතිකර ගැනීමේ ලිංගික සංකේතය  වන්නේ සුදු හම ඇති ස්ත්‍රී ශරීරයි. කළු හම ඇති අය අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අත්හරින  රැවටිලිකාර පිරිමින්ගේ හෝ නොතකා හරින පිරිමින්ගේ ලිංගික භාණ්ඩයකි. ලිංගික අවශ්‍යතා සඳහා පමණක් නොව සමාජයේ අනෙකුත්  අවස්ථා හාා වරප්‍රසාද ලැබෙන්නේ සුදු ලස්සනට මිස කළු තැතට නොවේ. නමුත් ස්ත්‍රිය පෙම් කරන්නට හෝ ලිංගිකත්වයට එවැනි  සංකේතාත්මක වටිනාකමකම්  නොයොදවන බවක්   චිත්‍රපටය පුරාවට  දැකගතහැකිය. සුදු හම ඇති මංගලාගේ පෙම්වතා කළුම කළු හමුදා සාමාජිකයෙකුය. නමුත් ඔහු ඇයගේ පූර්ණ කැමැත්ත බවද ප්‍රකාශ වන්නේ නැත. ඔහුට ඇය අවශ්‍ය වන බව දන්නා හෙයින් ඔහුට  රහසෙ වෙන අයකු සමගද තම ලිංගිකත්වය බෙදාහදා ගන්නට ඇය පෙළඹේ. විශ්වවිද්‍යාල තරුණයෙකි. ඔහුට  පෙම්වතියක් සිටි. ඇය උගත් බව ඔහුගෙන් කියවේ.  ඔහුට අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාල පෙම්වතිය මෙන් බුද්ධිමත් මංගලා මෙන් ලස්සන මංගලාගෙ යෙහෙලියක වන සුවිනීතා මෙන් විනීත තරුණියකි. ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතිය මෙන්ම ලිංගික අවශ්‍යතාවයන් සඳහා පමණක් සිටින වෙළද කලාපයේ මංගලා යන දෙදෙනාම ඔහුගේ අනාගතය නොවේ. ඔහුගේ අනාගත ලිංගිකත්ව ජීවිතයට ඔහු වටිනාකම් නිර්මාණය කොට ඇත. ඒවිට ඔහුට ස්ත්‍රී ශරීරය තමන්ට රසවිඳිය හැකි මෙවලමක් පමණි. බොරදිය පොකුනේ ලිංගිකත්වය පිළිබඳ කතිකාවේ ගැඹුර විමසා බැලීමට මෙය ඉතා හොඳ කරුණකි.

විනෝද චාරිකාවක් ගොස් කැලෑ වදින විපුල හා මංගලා ලිංගිකව සතුටු වීමේ උණුසුම්ට ළංවෙයි. ඔවුන් දෙදෙනා ඒ සදහා ආධුනිකයන් නො වන නමුත් ඒ වනවිට විශ්වවිද්‍යාල පෙම්වතෙකු සමග ද රහසේ ලිංගික සබඳකම් පවත්වන මංගලා මෙම අවස්ථාවේ විපුලව ප්‍රතික්ෂේප කරයි. විපුල ඒ සඳහා බලය පාවිච්චි කරන්නේ හෝ බලපෑම් කරන්නේ නැත. ස්වං වින්දනයෙ යෙදෙයි. මංගලා සිටියදී තමා කරන එම  කටයුත්ත ඔහුට මනසින් ඇය සමඟ කරනු ලබන රමනය කි.මංගලා සහ විපුලගේ ප්‍රේම්යේ අගමුල දන්නා කළු  යෙහෙළිය ගෝතමී ඔවුන් පෙම් කෙළින සැටි දකින්නට කැලෑ වදින බවක් පෙනේ. ඒහිදී විපුලගේ ස්වයං වින්දන ක්‍රියාවලියෙන් අවසන් වන්නට යන ආකාරයද දකින ගෝතමී මන්සින් විපුලගේ පුරුෂ ඇඟ තමා වෙත ලංකරගෙන සංවේදනයක යෙදෙයි. කළු වුවද සුදු වුවද සක්‍රීය ලිංගික අවශ්‍යතාවයන් මනෝමය ලෝක යන්ත්‍ර සපුරා  ගන්නා බව මෙහිදී කතිකාවට ලක් වෙයි.



මංගලාට තම ලිංගික අවශ්‍යතාතාවයන් ඉටු කර ගැනීමට පුද්ගල බාධාවක් නොමැත. එහෙත් ගෝතමී කොතෙක් උත්සාහ කළත් ඒ සඳහා සහකරුවෙකු සොයා ගැනීම දුෂ්කරය. එහෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මල්ලි උනන්දු කරවා ගැනීමට  උපක්‍රම යොදයි. මංගලා විශ්වවිද්‍යාල ශිෂ්‍ය මල්ලී සමඟ යෙහෙළියන් ද නොදැන රහසේ සබඳතාවක් පවත්වාගෙන ගොස් ගැබ් ගෙන ඇති බැවින් විපුල මඟ හරින්නට උත්සාහ ගන්නා අවස්ථාව භාවිතා කරමින් ඔහු පොළඹවා ගන්නට  ගොතමි උත්සාහ ගනී.  විපුලගේ නවාතැනට පැමිණ ඔහුව ලිංගික වශයෙන් උත්තේජනය කර තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගනී. තමන්ගේ ලිංගික අවශ්‍යතාව ඉටුකරගන්නට පිරිමියකු පොළඹවා ගන්නා ගැහැනියකට සාධාරණයක් ඉටු කරන්නේ කවුද? සිනමාකරුවා ඒ සඳහා සිතන්නට අවස්ථාවක් ලබා දී ඇත. බලෙන් විපුලව පොළඹවා ගත් ගෝතමී ඔහු අයිති කරගන්නට සටනකට ද සූදානම් වෙයි. දරු ගැබක් ඇති වූ හෙයින් එය යොදාගෙන විපුල්ගේ අයිතිය ලබා ගන්නට සාධාරණ හේතුවක් ද නිර්මාණය කරයි. තමා අකමැති දේ වුනත් පාවිච්චි කරන්නට මිස අයිතියට ගන්නට පිරිමියා සූදානම් නැත. ඒහෙත් සුපුරුදු හමුදා තර්ජන හා ප්‍රචණ්ඩත්වයට ලක්වන ගෝතමී සියල්ල රහසක් කරගෙන වෙළඳ කලාපයෙන් පිට වී ගමට නොගොස් සහෝදරියකි ගෙපැලක නැවතී දරුවා වදා දරුවා දුම්රිය පොල හැරදමා පලා යයි.

මේ යෙහෙළියන් තිදෙනා ඔවුන්ගේ සැමියන් සමග හමුවන්නේ විවාහකයන් ලෙසයි. රට හැර යන ගෝතමී දික්කසාද වූ කතෝලික පුරුෂයෙකුගේ හා ඔහුගේ පවුලේ පිළිගැනීම්ට ලක්වී සිටීයි. නැවත දරුවෙක් ලැබෙන්නට ගොස් එම දරුගැබ විනාශ වී යයි. ඒයින් පසු දුම්රියපලේ අතරමං කළ දරුවා සොයමින් ඇවිදීයි. මංගලා විපුල සමඟ විවාහ වී සිටියත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගෙන් ඇතිවූ ගැබ විනාශ කර ගැනීමෙන් ඇති වූ තත්වයක් නිසා යළි දරුවන් නො පිළිසිඳ ගැන බවක් ප්‍රකාශ වේ. ඒ නිසා අනුන්ගේ දරුවෙක් හදාගන්නා ඇය ජීවිතයේ සතුටින් නො ගෙවන බව ප්‍රකාශ වේ. විවාහයට පෙර තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට ගොස් ගැබ්ගෙන ඒ ගැබ විනාශ කරගත් හෝ ඒ දරුවා අතහැර දැමූ මංගලා හා ගෝතමී යන දෙදෙනාම ජීවිතයේ සතුට යම් ප්‍රමාණයකට අහිමි කරගත් අය බවට පත් වේ. සාමයෙන් ජීවත් වන්නේ ඔවුන්ගේ හිතුවක්කාරකම්  වලට හැමදාමත් අවවාද අනුශාසනා දෙමින්  සිටි මිතුරිය සුවිනීතා පමණි. ඇය විවාහයට පෙර ලිංගික සබඳතා හෝ ප්‍රේම සබඳතා පැවැත්වූ කෙනෙකු ලෙස හැඳින්වෙන්නේ නැත. විවාහක මිතුරියන් තිදෙනා මංගලාගේ නිවසේ දානයක් වෙනුවෙන් පැමිණෙන විට ස්විනීතා පමණක් තමන්ගේම දරුවන් හා සැමියා සමඟ පැමිණ සිටියි. ඔවුන් තම දරුවන් සමග සතුටින් හා සැහැල්ලුවෙන් හා සරලව ජීවත් වන බව පෙනේ. ඔවුන් ඇඳ සිටින්නේද සුදු ඇඳුම්ය.  අවසානයේ සිනමාකරුවා කියන්නට උත්සාහ කරන්නේ විවාහයට පෙර පිරිමින් ගේ අතින් වත් නොඅල්ලා සුවච කිකරුව ජීවත් වන ගැහැනිය සාමය සතුට පිරි ජීවිතයකට යොමුවන බව සහ ඒ රාමුවෙන්  පිට පනින ස්ත්‍රියට ඒ සතුට අහිමි වන  බවට  සාම්ප්‍රදායික මතය ද?

1 comment: