ආකාස
කුසුම් (සිංහල චිත්‍රපටය)
ප්‍රසන්න විතානගේ
විසින් නිර්මාණය කරන ලද ආකාස කුසුම් වූකලි
මානව සබදතාවන් වියෝ වූ සමාජයක ශෝකී රිද්මයද සංස්කෘතික වංකගිරියක අතරමන් වූ
පරපුරක ඛේදවාචකයද ගැබුරින් විදහා දක්වන
සිනමා නිර්මාණයකි.සන්ධ්‍යාරාණි නම් වූ නිළි රැජිනිය හා ඇගේ යොවුන් දියණියගේ ද්වන්ද
ගැටුම ඔස්සේ ගාලා යන චිත්‍රපටයට යටින් කැරෝකේ නටන සමාජයත්,යුධ පීඩනයේ විනාශයත් ඒ
සියල්ල මතුපිට සිදුවන උත්ප්රාසයෙන් යුතු නාටකයත් අපට දැක ගත හැකිය. ප්‍රසන්න
ආසියානු සිනමාවේ සියත් සලකුණු පිරිසිද දැන් සිනමාලංකාරය හා සිනමා වියරණය මැනවින්
භාවිත කරන සිනමාකරුවකු බවද එමගින් තහවුරු කරයි.
සන්ධ්‍යාරාණිගේ ජීවිතය දරිද්‍රතාවයෙහි පමණක් නොව අපේක්ෂා භංගත්වයෙහි ද කාන්තාරයකි.සිය විචිත්‍ර සිනමා තාරකා යුගය සිහිනෙන් ගැ සුවදක් මෙන් ගිලිහි ගිය ඕ සිය දියණියගෙන් වියෝ වී හදවතින් හඩා වැලපෙන අභාග්‍ය සම්පන්න ගැහැණියකි.සිය සමාජ හා ගෘහ වගකීම් නමැති රැහැනින් බැදුණු ඇය තමන්ගේම සිරකාරියෙකි.ජනප්‍රියත්වයෙන් ගිලිහි ගිය තරුවක් ලෙස ඇය ගෙවන ජීවිතය දුක්බරය.ඇය පැටිස් විකුනමින්ද සිය නිවසෙහි කාමරයක් කුලියට ලබා දෙමින්ද මුදලක් සපයා ගන්න
සන්ධ්‍යාරාණිගේ ආත්මීය හුදකලා බව දුරලන දුලබ පහන් සිල ශාලිකාය.එහෙත් ඇයද විතැන් වූ ලියකි.ඇගේ යෞවනය හප කළ සල්ළාලයෙක් ඇයට සංස්කෘතික බණ දෙසනු අපි උත්ප්රාසයෙන් බලා හිදිමු. සන්ධ්‍යාරාණිගේ දියණිය ප්‍රියා සිය මවගෙන් පලිගැනිමට තරම් ප්රචණ්ඩ ලියක් වී අවසානයේ ඒඩ්ස් රෝගිනියක් වී බවට පත් වේ.ප්‍රසන්න සන්ධ්‍යාරාණිගේ පරපුර හා ශාලිකාගේ හා ප්‍රියාගේ පරපුර ඉතා සියුම්වද,සිනමාරූපිවද අනාවරණය කරයි.සන්ධ්‍යාරාණි සිනමා තාරකාවක් වීම සදහා සිය දියණිය හා කුටුම්බයද බිද ගනී.ළමා විය සමග ඉතිරි වූ අම්මාගේ සිහිනය ප්‍රියාට කාලයාගේ ඇවෑමෙන් වෛරයක් බවට පෙරලෙයි.ඇය ඒයින්ම සිය විනාශයට ද දොරගුළු හැර ගන්නීය.
ආකාස කුසුම් චිත්‍රපට නාමාවලිය සමගම ඡයාමත්රව දිස්වන්නේ සම්බෝගය නිරුපණය කෙරෙන නොපැහැදිලි රූපාවලියකි.අනතුරුව වැසි බිදු තැවරුණු මෝටර් රියකි.ඒ සමග වැසි වැටෙයි.ඒ අතරින් සන්ධ්‍යාරාණිගේ සමීප රූපය දිස්වේ.ඇය පිටරට ජිවත්වන සොහොයුරියකගෙන් ලද ලිපියක් කියවමින් සිටින්නීය.සන්ධ්‍යාරාණිගේ මෙහෙකාරිය ලීලා පැටිස් සාදමින් සිටින අතර ඇගේ නිවසින් පිටතට එන තරුණ යුවළක් ප්‍රේක්ෂකයාට හමු වේ.ඉක්බිති එය ජේදනය වන්නේ විසිතුරු විදුලි බුබුළු වලින් සමන්විත ජනාකීර්ණ අගනුවර විදියකටය.
සන්ධ්‍යාරාණි සොයා එන ඇගේ අනෙක් නැගණිය ජිවන බරින් මිරිකී ගියගැහැණියකි.දීග දෙන වයසේ දියණියන් සිටින ඇය එන්නේද අක්කාගේ රීරිමාංශය හුරා කෑමටය.ඇය ඍජුවම පවසන්නී අක්කාගේ නිවස වල් ගැහැණුන්ගේ ගුබ්බැයමක් බවය.එහෙත් එසේ උපයන මුදල් ඇය බාර ගන්නීය.වරක් ඇය සමගද උදහස් වන සන්ධ්‍යාරාණි සිය මේසය මත තිබෙන කෑම බීම හා බඩුමුට්ටුද පෙරළා දමන්නිය.එහිදී ඇය අස්වසා ලන්නිද ශාලිකාය.ශාලිකාද කුල ගෙය බිද ගත් නන්නත්තාර වූ නිළියකි.සිනමාකරුවා මුලිකවම මෙම ස්ත්‍රී චරිත නාට්‍යමය ආකාරයෙන් චිත්‍රපටය පුරාම ඉතා සූර ලෙස හසුරුවයි.සන්ධ්‍යාරාණි මදුවිතට හුරු වී සිටියි.ඇගේ මිතුරිය පූසා නිතරම ඇගේ දැවටෙයි.මේ සියලු සලකුණු ඔස්සේ ප්‍රසන්න සන්ධ්‍යාරාණි මෙන්ම ශාලිකද හදුනා ගැනීමේ යතුරු අපට ලබාදෙයි.ශාලිකා හා සන්ධ්‍යාරාණි එක්ව සන්ධ්‍යාරාණිගේ ජිවිත කවුළුව හැර දෙති.ජනප්‍රිය නළුවන් සමග පෙම් ජවනිකා මැවූ ඒ අතීතය ඇයට ප්‍රසන්නය.පැහැපත්ය.වරක් ශාලිකා හා පැරණි පෙම් ගීයක්ද ගයති.එය සිනමරූපී ලෙස සන්ධ්‍යාරාණි හදුන්වා දීමකි.
සන්ධ්‍යාරාණි නමැති සිය මව ප්‍රථම වරට දියණිය වන ප්‍රියා දැක ගන්නේ රූපවාහිනි වැඩසටහනකදීය.සන්ධ්‍යාරාණිගේ යුගයත් ශාලිකා වැනි ඊළග පරපුරේ යුගයත් අතර වෙනස සිනමාකරුවා අනාවරණය කරන්නේ එබදු රූපමය නිරූපනයන්ගෙනි.නව පරපුරේ ව්‍යාජ සංස්කෘතික ගොහොරුව මත උඩින් උඩින් දෙපා තබා යන චරිත සිනමාකරුවා අපට පෙන්වා දෙයි.සන්ධ්‍යාරාණි හා ප්‍රියා නමැති මව හා දියණියකගේ ඛේදවාචකය ඉතා ප්රබලව ප්‍රසන්න මතු කරයි.මේ බරපතල දුබලතා මෙන්ම ප්රබලතා ඔහු සියුම් රේඛාවකින් අපට විදහා දක්වයි.මානව සබදතා බිදී යෑමත් සංස්කෘතික හා සමාජ පුවරු මත වැටී සිදී යන ජිවිතවල අදුරක් ප්‍රසන්න ප්රබලව ද ගැබුරින් ද අපගේ අවධානයට යොමු කරවයි.
ප්‍රියා විසින්ම කරනු ලබන අනාවරණයකට අනුව ඇයත් පියාත් පිටරටක ජිවත් වෙති.බිරීද නැති සොවින් ඔහු බිමත්ව මිය යයි.මවගේ විවිධ රූප සටහන් පුවත්පත් වලින් කපා අලවන ප්‍රියා එක් දිනක් ඒවා රැගෙන මව වන සන්ධ්‍යාරාණිගේ නිවසට භාර දී යන දසුනප්රේක්ෂකයා දකී.අනතුරුව ඇය දුරකථනය මගින් මවට දොස් නගන්නීය.සන්ධ්‍යාරාණිගේ හුදකලා නිවසත් සමග ප්‍රියා සැරිසරන කැරෝකේ සමාජ ශාලා රූප පෙළ ප්‍රසන්න මැනවින් ජේදනය කරමින් මේ චරිත දෙක රැගෙන යන අයුරුද අගනේය.ප්‍රියා බමන මතින් නටන ලියන් හා තරුණයන් සමග සිටින මොහොතක සන්ධ්‍යාරාණි ඇය සොයා යන්නීය.සිය මව දුටු ඕ ක්ෂණිකව උද්වේගයෙන් මත්ව තමා අසල සිටි අයෙක් සිපගන්නා අයුරු ඇය දකින්නීය.
මවක් හා දියණියක් අතර ස්නේහය බිදී ගිය ජිවිත ඔවුන්ටම ශාපයක් වන අයුරු ආකාස කුසුම් තුළ මනාව රූපයට නංවා තිබේ.ප්‍රියා ගබ්සාවකට යෑමත් අනතුරුව ඒඩ්ස් රෝගිනියක ලෙස මිය යෑමත් චිත්‍රපටය තුළ නිරුපණය වේ.ඒඩ්ස් රෝගිනිය පිළිබද රෝහල දක්වන ප්‍රතිචාර ඉතා දුර්වලය.ඇගේ පාදඩ ජිවිතයේ අවසානය එබදු විනාශයක් බව සංකේතාත්මකව කීමට වඩා රූපමයමාධ්යයෙන් කීම නිවැරදිය.එහෙත් ඒ රූප රාමු පෙළ ප්‍රබල නැත.ඒඩ්ස් රෝගිනිය හා රෝහලද,සමාජයද සාමාන්‍යද?
සන්ධ්‍යාරාණි ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නැග සිටින විට ඇය හගවන්නි තමා අවිවාහක බවත් තමාට දියණියක් නැති බවත්ය.එහෙත් අනතුරුව ඇය ප්‍රියා සොයා යන්නී ඒ වරදට වන්දි ගෙවීමට මෙන්ය.මෙම ලුහුබැදීම ඔවුන්ගේ සදාකාලික වෙන් කිරීම ඉක්මන් කරන අයුරු අපි දකිමු.තාරුණ්‍ය හා ජිවිත සෑදෑව වෙන වෙනම දකිද්දී සන්ධ්‍යාරාණිගේ එම වෙනස් වීම පිළිගත හැක.ප්‍රියා මවට දක්වන වෛරයද තර්කනුකුලය.ඕ මව කැමති සියල්ලටම අකමැතිය.මවගේ පිළිගැනීම සදහා හිතුවක්කාර හා නාස්තිකාර පාදඩ ජිවිතයකටද ඇය මාරු වන්නිය.සත්තකින්ම මේ දෙදෙනාම ජිවත වන්කගිරියක අතරමං වුවෝය.සමාජ සංස්කෘතික බලවේග නමැති සැඩ පහරට හසුව ගාලා යන ඔවුන්ගේ ජිවිත අපගේ ඇසට කදුළක් නංවයි.ප්‍රසන්න ජීවිතය හා සමාජ සත්තාව හදුනාගත් විදග්ධ සිනමාකරුවෙකි.ඔහු මේ චරිත හසුරුවන්නේ එයට උචිත සංස්කෘතික පසුබිමකය.ව්‍යාජ බොල් සංස්කෘතික හර පද්ධතියක ගොදුරු බවට පත් වන යෞවනය මෙන්ම මුල් සිද ගත් පරම්පරාවක අතරමං වීමද ප්‍රසන්න ප්රබලව හගවයි.
මෙගා ටෙලිනාට්‍ය හා කැරෝකේ නටන සමාජ ශාලා වල රැගුම්ද ගැයුම්ද ඝෝෂාවක් ලෙස නැගෙයි.යුද්ධය රූපවාහිනියෙන් අසන ප්‍රවෘත්තියක් පමණි.ලොතරැයි දිනුම් ඇදීම්ද අනෙක් සියලු ක්‍රියාකාරකම්ද ඔහේ සිදුවෙයි.අකම්පිත සමාජයක අපි වල්මත්ව සිටින්නෙමු.මාතෘ ප්‍රේමය ඒ සමාජයේ සාමාන්‍ය දේවල්ය.සියලු මානව ගුණදම් විකිණී යන දේවල්ය.විදුලි පහන් දිදුලන විදී,ගොඩනැගිලි වලින් ගහන වට පිටාව මේ සියල්ල අපගේ සන්සුන් ජිවිත රිද්මය බිද දමා තිබේ.කුසුමක් තිබේ නම් ඒ අහසේ පමණි.එහෙත් ආකාස කුසුම් යනු අපට ස්පර්ශ කල නොහැකි මිරිගුවකි.
මව සහ දියණිය අතර ඇති වන සබදතාව හා එහි ආන්දෝලනාත්මක අවසානය අධ්‍යක්ෂක වරයා අතින් එක්තරා ප්‍රමාණයකට ලඝු වී තිබේ.ප්‍රියාගේ මරණයෙන් මව තුළ ඇති විය යුතු කම්පනය එහි නැත.ඇය සිය මිනිබිරිය දෝතින් රැගෙන එතරම් සහනයකින් ළය සැහැල්ලු කර ගන්නේ කෙසේද? සමාජ හා සංස්කෘතික බලවේග විසින් නන්නත්තාර කරන ලද ජිවිත හා හැසිරීම් ප්‍රේක්ෂක හැඩ ප්රබලව කම්පා කරවන අයුරු චිත්‍රපටය පුරාම දැනේ.එහෙත් ‘මං දැන් නිදහස්’ යනුවෙන් කුළුගන්වා ඇති අවස්ථාව ලිහිල්ය.එය මව් සෙනෙහස උතුරා ගිය ගැහැනියක හා යා නොදේ.
ආසියානු ජන සමාජයට ඔරොත්තු නොදෙන තරමට ගෝලීය ධනවාදයේ පීඩනය ලැබී තිබෙන බවද ආකාස කුසුම් තුලින් විශද වෙයි.සිය සංස්කෘතික අනන්‍යතාව විනාශ කරගත් ඒ සමාජය තුළ ගැහැණිය වඩාත් ඛේදවාචකයක් බවට පත්ව සිටින්නීය.නාට්‍යමය උත්ප්රාසයකින් මේ සමාජ කුණුපය සිනමාකරුවා අනාවරණය කරයි.හැගීම්, වැළපීම්, සුසම්, වේදනා,පලිගැනීම් වලින් ජීවිතය පිරි තිබේ.ප්‍රියාට අත්වන ගොරතර මරණය ඒ සමාජයේ අවසානය සංකේතවත් කරන අතර සන්ධ්‍යාරාණිගේ පරපුරේ වල්මත් ස්වරුපය ද අපි දකිමු.ජීවිතය කෙතරම් සංකීර්ණද?
ආකාස කුසුම් චිත්‍රපටය සමග ප්‍රසන්න විතානගේ ආසියානු කලාපයේ විශිෂ්ට සිනමා අධ්යක්ෂවරයකු ලෙස තහවුරු වෙයි.චිත්රපටයෙහි රූප රචනය ඉතා විශිෂ්ටය.දෙබස් ඉතා සකසුරුවම් ලෙස භාවිතා කළ අයුරුද අපුරූය.චිත්‍රපටයේ සංගීතයද චරිත හා අවස්ථාද නිර්මාණයට ආලෝකයක් වූ බවද කිව යුතුය.ලක්ෂ්මන් ජෝශප්ගේ තේමා සංගීතය හා මුසු වන ආරම්භක රූපාළිය සිනමාරූපි බැවින් ඉහළ වියමනක් මවයි.ගීතයද භාවමය ගුණයෙන් යුතුය.චිත්‍රපටයේ රිද්මයටද හානි නොවන ලෙස සිය ආඛ්‍යානය ගොඩ නගා ගැනීම ප්‍රතිභා පුර්ණ සිනමා කරුවකුගේ ගුණයකි.ආකාස කුසුම් චිත්‍රපටය තුළ සමාජ යථාර්තය උඩු යටි කුරු වන අවස්ථා සහා ව්‍යාකුල වී යන අවස්ථා පවත්නා නමුත් අද්‍යතන සමාජ යථාර්තයන් ප්‍රතිනිර්මාණය කරන ලද වැදගත් සිනමා චිත්‍රයක් ලෙස ආකාස කුසුම් අගය කළ මානාය.

GreGre👍👍
ReplyDeleteඉතා වැදගත් සටහනක්
ReplyDelete