ස්ත‍්‍රීත්වය නිවනට බාධාවක් ද ?
මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප‍්‍රචාරය ශ‍්‍රී ලංකාවේ සාර්ථක වූ බැවින් දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයාගේ බිරිඳ වූ අනුලා දේවියට භික්ෂුණී ශාසනයට ඇතුළු වීමේ අවශ්‍යතාව මත දේවානම්පියතිස්ස රජු විසින් අශෝක අධිරාජ්‍යයාගෙන් කරන ලද ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස සංඝමිත්තා තෙරණිය ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැුගෙන ලංකාවට වැඩම කළායග අනතුරුව සංඝමිත්තා තෙරණිය විසින් අනුලා දේවිය ඇතුළු රාජකීය ස්ත‍්‍රීන් පන්සියයකට පමණ පැවිදි උපසම්පදාව ලබා දී භික්ෂුණී සසුන මෙරට ඇති කිරීමට පසුබිම සකස් කළ බව ඉතිහාසයේ සඳහන් වේග
බුදුසසුන ශ‍්‍රී ලංකාව තුළ එලෙස ස්ථාපනය වූ අතර බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් දෙකක් බවට පත්වී තිබෙන දළදා වහන්සේත්, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේත් මෙරටට රැුගෙන පැමිණියේ ස්ත‍්‍රීන් දෙදෙනකු වීම සුවිශේෂයග සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනය සිහිකරනු වස් උඳුවප් පෝය දිනය වෙන්කර පිංකම් පැවැත් වුව ද භික්ෂුණී ශාසනය වෙනුවෙන් අද කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබීම කණගාටුදායකයග සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් රැුගෙන ආ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මළුවට යෑම ස්ත‍්‍රීන්ට තහනම් වීම හාස්‍යජනකයග
පන්සලකට යන ස්ත‍්‍රියකට පිරිමියෙකුට නොමැති තහංචි තිබේග දළදා මාළිගාවට යන බෞද්ධ ස්ත‍්‍රීන්ට පුරුෂයන්ට වඩා තහංචි තිබේග හේමමාලා කුමරිය විසින් රැුගෙන ආ බව කියැවෙන දළදා වහන්සේට වතාවත් කිරීමට හා පූජාවන් කිරීමට ස්ත‍්‍රියට තහංචි පනවා තිබේග සංඝමිත්තා තෙරණියට හේමමාලා කුමරියට රැුගෙන එන්නට හැකි ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ සහ දළදා වහන්සේ සමීපයට ගොස් වන්දනාමාන කරන්නට ස්ත‍්‍රියකට අද වනවිට නොහැකිව ඇත්තේ බෞද්ධ දර්ශනය ආගමක් බවටත්, ඇදහිල්ලක් බවටත්, මිථ්‍යාවක් බවටත් පත්ව ඇති නිසායග
බුදුන් වහන්සේ විසින් ස්ත‍්‍රීන් වෙත එදා ලබාදුන් ස්ථානය අද වන විට අහෝසි වී ඇතග අද වන විට ලංකාවේ බෞද්ධ ස්ත‍්‍රිය ද හතර පෝයට සිල් ගන්නාල සීලය පිළිබඳල නිවන පිළිබඳල භක්තියක් ආශාවක් ඇතිකරගන්නා ලද බෞද්ධ දර්ශනය නොව ආගම භක්තියක් කරගත් ඇදහිලි කරන පිරිසකිග ටෙලිවිෂන් වලින් බණ අහන, ජනප‍්‍රිය ධර්මදේශකයන්ගේ බණට සාධුකාර දෙන, අර්ථයට වඩා හැඟීම්වලින් මෙහෙයවනු ලබන පිරිසක් බවට පත්ව සිටින්නේ ඔවුන්ගේ වරදින් නොවේග ඔවුන්ට ආගමක් ලෙස මෙය අර්ථකථනය කොට ඉදිරිපත් කර ඇති නිසායග
අද වන විට ඉන්දියානු දේවවාදී ආකල්ප පිරි සමාජයක් නිර්මාණය වී ඇතග දෙවියන් ඉදිරියේ ස්ත‍්‍රීන් කිළිටි යග එකී දුර්මතයන් අද බෞද්ධ ආගමික සමාජය පුරා තදින් පැතිරී තිබේග මාසිකව ඔසප් වන ස්ත‍්‍රියකට නිවන් දකින්නට නොහැකි යැයි බුදුන් වහන්සේ වදාළේ නැතග උන්වහන්සේ ප‍්‍රජාපතී ගෝතමිය මහණ වන්නට අවසර ඉල්ලූ විට ස්ත‍්‍රියකට මහණකමේ දී ඇතිවිය හැකි පීඩාවන් සහ දුෂ්කරතා අවබෝධ කර දුන්නේ එය දුෂ්කර ක‍්‍රියාවක් බැවිනිග සුව පහසු නැති ගල්ගුහාවල සහ ගස් යට සිටිමින් භාවනා කිරීම සැප විහරණ ලද ස්ත‍්‍රියකට අසීරු බව පහදා දුන්හග එහෙත් ප‍්‍රජාපතී ගෝතමිය සියලූ සුඛ විහරණ ඉවත දමා තමන්ට ඒ සියලූ දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි බව ක‍්‍රියාවෙන් ඔප්පු කර සිටියා පමණක් නොව නිවන් මග සලසා ගන්නට තරම් ස්ත‍්‍රියකගේ සිත ශක්තිමත් බව ද ඔප්පු කර සිටියායග එමඟ ගත් තවත් බොහෝ ස්ත‍්‍රීහු සිටියහග නිවනට ඔසප් වීම බාදාවක් වූයේ නැත.
වර්තමානය වන විට භික්ෂුණී ශාසනය මෙන් ම බෞද්ධ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය ද පුරුෂයන් විසින් අරක්ගත් ඇදහිල්ල තුළ ගොදුරු බවට පත්ව ඇතග වර්තමානයේ ජනප‍්‍රිය ධාරාවේ කටයුතු වලට ඉමහත් ඇල්මක් දක්වන, ආධ්‍යාත්මික කාරණා වෙනුවට භෞතික කාරණා සඳහා ප‍්‍රමුඛත්වයක් දෙන තැනට බෞද්ධ ආගම විකාශය වී ඇතග නූතන ලෝකය තුළ සමාජය යන ආකෘතිය සහ එහි සන්දර්භය පුද්ගල ඒකක බවට පත්වෙමින් යන මොහොතක බෞද්ධ සමාජය සහ බෞද්ධ ස්ත‍්‍රිය යනු සංකල්පයක් පමණිග
අද වන විට බෞද්ධ භික්ෂුණියක් බණකට ආරාධනා ලබන්නේ නැතග ධර්ම දේශනා සඳහා මාධ්‍ය ආයතන තුළින් හෝ ලබන කැඳවීම් ඉතා අල්පයග බෞද්ධ භික්ෂුණීන්ට පන්සල් නැතග ඇත්තේ ආරාම පමණිග බෞද්ධ භික්ෂූන් ලබන වරප‍්‍රසාද භික්ෂුණීන්ට අහිමියග බෞද්ධ ජනතාව පංචශීලයෙහි පිහිටුවීමට භික්ෂුණියට ලැබෙන ඉඩ අල්පයග භික්ෂුණී ශාසනය පිහිටුවා ඇතත් පිළිගැනීමක් නැතග මෙවන් පසුබිමක බෞද්ධ සමාජය තුළ ස්ත‍්‍රියකගේ භූමිකාව වන්නේ සිල් ගැනීමල උවටැන් කිරීමල ආහාර පිසීමල දානමාන ආදිය සැකසීමල සාධුකාර දීම පමණිග
වර්තමානය වන විට බෞද්ධ දර්ශනය මිථ්‍යාකරණයට ලක්ව ඇතග බුදුන් වහන්සේ ඉදිරියේ අතිශය පෞද්ගලික භෞතික කාරණාවන් අයදිමින් වන්දනාමාන කරන ජනතාවක් මෙන් ම උතුම් සම්බුදු තෙමඟුුල කානිවල් එකක් බවට පත් කරගත් සමාජයක් නිර්මාණය වී හමාරයග ඊට ම උල්පන්දම් දෙන මාධ්‍ය ආයතන ධාතුන් වහන්සේලා වඩම්වා බෞද්ධ ජනතාව අඳුරට මිථ්‍යාවට ඇද දමමින් සිටීග
අද බෞද්ධ සමාජය වියැකී ගොස් වාණිජකරණයේ ගොදුරක් බවට පත්ල මිථ්‍යා ඇදහිලිවලින් ගහණ ආගමක් ස්ථාපිත වී තිබේග මෙම වාණිජකරණය වූ බෞද්ධ සමාජය තුළ බෞද්ධ ස්ත‍්‍රිය පත්ව ඇත්තේ බෝධියක් අසළට ගොස් දරුවන්ගේල සැමියාගේ සහ පවුලේ සුඛ විහරණ වෙනුවෙන් පූජාවන් පවත්වන තම දුක් අඳෝනාවන් පවසා සිත සැහැල්ලූ කරගන්නා තත්ත්වයකටයග උඩ මළුවට යන්නට අයිතියක් නැති දන්ත ධාතුන් වහන්සේ දැකගන්නට පූජා පවත්වන්නට ඉඩක් නැති ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීහු බෞද්ධ නාමයෙන් ධාතු පෙන්නන පෝළිම්වල පුද පූජා පිංකම්වල සාධුකාර දෙමින් සෑහීමකට පත්වෙතිග වර්තමානයේ බෞද්ධ සමාජය යනු නාමකරණයක් පමණිග ඒ තුළ බෞද්ධ ස්ත‍්‍රිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පන්සල් යන බෝධිය වදින පිරිසක් පමණයග එකී ස්ත‍්‍රියට නිවන් මග බොහෝ ඈතයග