පාදඩ මාධ්‍ය වාර්තාකරණය
තොරතුරු හුවමාරුවේදී මාධ්‍ය හා ජනතාව අතර සම්බන්ධීකාරකවරයා වනුයේ මාධ්‍යයයි. එහිදී මාධ්‍යකරුවාට සුවිශාල වූ වගකීමක් පැවරේ. සත්‍ය තොරතුරු වාර්තාකරණය කිරීම ඔහුගේ ප්‍රධාන වගකීමයි. එහිදී මාධ්‍යකරුවා උපක්රමශීලි විය යුතුය.
නමුත් වර්තමානයේ ලාංකීය මාධ්‍ය හැසිරීම දෙස අවධානය යොමු කරන විට ඇති වන්නේ පිළිකුළකි.මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි පැවසුවද වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ මිනිසුන්ගේ දුක් වේදනා විකුණන් කන වාර්තාකරණයක් පවතී යැයි සදහන් කළොත් මා නිවැරදිය.එනම් සෑම මොහොතකම අපේ රටේ වාර්තාකරණය පවතිනුයේ ගුණාත්මකභාවයෙන් අඩු තැනකය.
මාතර ප්‍රදේශයේ මෑතකදී සිදු වූ පිහිඈනුම් සිදුවීම වාර්තාකරණයේදී මාධ්‍ය හැසිරීම පිළිකුල් සහගතය.අදාළ සිදුවීම වාර්තාකරණය වෙනුවට ඔවුන් සිදු කරනු ලැබුවේ එම සිදුවීමට සම්බන්ද සිසුවන් විකුණාකෑමය.එම සිදුවීමෙහි cctv දර්ශන සෑම ප්‍රසිද්ධ මාධ්‍යක් තුළින්ම වාර්තා වූ අතර එය නිරවද්‍ය වාර්තාකරණයක්ද යන්න මා හට ගැටළුවකි.එහි අතුරු ප්‍රතිඵලය තවත් එවැනිම මිනීමැරුමක් විය හැකිය.මෙහිදී ඔවුන්ගේ නම් ගම් ජායාරූප පළ කිරීම බරපතළ වරදකි.සිනමා නළුවන්ගේ රංග ජිවිතයේ අවස්ථා දක්වන්නාක් මෙන් ජනමාධ්‍යවේදීන් මෙසේ වාර්තාකිරීම අශිෂ්ඨ ක්‍රියාවකි.යම් පුද්ගලයකු තුළ ප්රචණ්ඩත්වය වර්ධනය කරන දර්ශන පෙන්වීම ආචාරධර්ම විරෝධීය.ඝාතනයක් අපරාධයක් වූ සැනින් වින්දිතයාගේ මව සොයා ගොස් ප්‍රකාශ ලබාගැනීමේ සුපුරුදු පුරුද්ද අත්හැරිය යුතු කාලයයි.මාතර සිදුවීමේ , තමන්ගේ දරුවා මහමග මරා දමා ඇති විට එ මවගෙන් ප්‍රකාශ ලබාගෙන මාධ්‍යකරුවන් වන ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇයට මෙම මයික්කෆෝනය ඉදිරියේ යලි යලිත් ප්‍රකාශ කිරීමට ඇත්තේ තම දරුවා මරා ඇති බව හැර වෙන කුමක්ද? ඇතැම් මාධ්‍ය එය 'මවගේ ශෝකය' යනුවෙන් ලේබල් ගසා පෙන්වීම කෙතරම් නින්දිතද ?
මාධ්‍ය මිට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු කාලය එලබ ඇත. පුවත් වාර්තාකරණයේදී සත්‍යගරුක බව, මධ්‍යස්ථ බව සහා පොදු යහපත යනාදී කරුණු පිළිබද මාධ්‍යකරුවා සැලකිළිමත් විය යුතුය.එනම් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියකට අනුව කටයුතු කරන්නේ නම් මෙවැනි දේ සිදු නොවන්නට ඉඩ ඇත.නමුත් මා දන්නා පරිදි ලංකාවේ ජනමාධ්‍ය අචාරධර්ම පද්ධතියක් සකස්කරගෙන තිබෙන ආයතන දෙක වන්නේ රාවය පුවත්පත සහා නෙත් එෆ්.එම් ය.යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්තඩංගුවට ගැනීමේදී පොලිසියට යම් පුද්ගලයකු සැකකරුවකු විය හැකි වුවත් මාධ්‍යවේදියාට ඔහු සැකකරුවකු විය යුතු නැත.නමුත් මෑතකාලින අපරාධ සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී ජනමාධ්‍ය ක්‍රියාකළ ආකාරය හේතුවෙන් අත්තඩංගුවට පත් ඇතැම් සැකකරුවන් නිවරදිකරුවන් වුවද ඔවුනට සමාජයට මුහුණදීමට නොහැකි වූ අවස්ථා එමටය.මාධ්‍යවේදියා මෙහිදී සැකකරුවන්ගේ පැටිකිරිය දීග හරිමින් පොලිසියේ භූමිකාව රගපෑම අශෝභන තත්වයකි.
එම නිසා මාධ්‍ය අචාරධර්ම පිළිබද උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් පළමුව කළ යුත්තේ තම ආයතන සදහා අචාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම හා ඒ අනුව කටයුතු කිරීමය.අනෙකුත් ආයතන සදහා බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙනුයේ එවිටය.මහජනයා වන අප කළ යුත්තේ කදුළු විකිණීමේ පාදඩ මාධ්‍ය වාර්තාකරණය ප්‍රතික්ෂේප කිරීමය.